කාලයක් දකුණු ලකේ කොම්පැණියක කාර්යාලයේ වැඩ කල නිසාම දකුණේ පිරිස් සමග ඇසුරු කරන්නට ලැබුනි. හොද නරක කලවමේ හැමතැනම ඇත්තාක් මෙන්ම හොද උන් මෙන්ම නරක උන්ද දකුණේ නැත්තාම නොවේ. සිදුවූ පුංචි අත්වැරුද්දක් නිසා බූස්ස ප්‍රදේශයේදී අපගේ ලොරියක රියදුරුට සහ සහයකයාට හොදට සැලකූ සිද්දියක් මෙන්ම 2012 වර්ශයේ නැවත සූනාමියක් ඇතිවීමේ අවදානමක් ඇතිවූ අවස්ථාවේ තම ගෙදර ගැනද නොතකා අපත් සමග සිටි සහෝදරයකුද සිතෙහි හොදින් සටහන් වී ඇත. එය එසේ වෙද්දී අද මුහුණු පොතේ දකුණ තියෙන්නේ ලංකාවේ නෙවෙයි, ලංකාව තියෙන්නේ දකුනේ යැයි කියමින් හා තවත් විවිද නම් වලින් එක් රොක් වි ඇති දකුණේ කොල්ලන්ට හා කෙල්ලන්ට සැදැහැවත් සිතින් එක්වන්නට ආරාධනයක් කරන්නේය.
අටුවා ටිකා අවශ්‍ය නැත. මේ පෝස්ටුව ලියන්නට මග පෑදුනේ හලාවත මේ අහල පහලම ජීවත්වන පස්සා දොර ලියන චාර්මිගේ බ්ලොගය සහ අද උදේ බ්ලොගයේ දාමා තිබූ පෝස්ටුව දැකීමෙනි. තම අහල පහල ජීවත් වන වයසක අම්මලා, තාත්තලා පිරිසක් එකතු කරවාගෙන මාස කිහිපයකට වතාවක් විවිධ සිද්දස්තාන වන්දනා මාන කරවන්නට ගෙන යන මහගු පිංකමක් කරන්නට චාර්මි වෙහෙසෙන්නේය. වතාවන් ගනනාවක්ම එක් දින චාරිකා සංවිධානය කරමින් ඔහු දිගටම මේ කටයුත්ත කරගෙන ගොස් ඇත. අවාසනාවකට මෙන් මේ අහල පහලම සිටියත් මමද ඔහුගේ ඒ ක්‍රියාව දන්නේ අදය. ඉතින් මෙවර ඔහුගේ අදහස මේ පිරිස දකුණුලක සිද්දස්තාන වන්දනාමාන කරන්නට රුගෙන එන්නටය. තත්වය තරමක් දරනු වන්නේ මේ චාරිකාව එක් දිනකින් නිම කරන්නට නොහැකි වන නිසා ය. දින දෙකක් හෝ තුනක් මේ සදහා ගතවන බව මෙහිසිටම වන්දනාවේ පැමිණ ඇති මම ද දන්නෙමි.
ප්‍රශ්න මතු වන්නේ දැන්ය. පැමිණෙන්නේ වයසක අම්මලා හා තාත්තලා පිරිසකි. ගමන් විඩාවත් සමග ඔවුන්ට ආහාර පිසගැනීමට අපහසුය. අනෙක් කරුන රාත්‍රියේ නාවාතැන් පහසුකම්ය. ඉතින් දකුණේ දයාබර කොල්ලන්ට හා කෙල්ලන්ට මේ ආරාධනය ඔහුගේ මේ කටයුත්ත සන්විධානය කරගැන්මට හා සාර්තක කරගැනීමට හැකි සෑම උපකාරයක්ම ඉටු කරදීමටය.
