පහන් ජීවිත වාළුකාවේ තනිවූ තවමත් පාසල් අධ්‍යාපනය හදාරන තරුණයෙක්. තවත් වසරකින් උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදනම් වන ඔහු පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන නිසාම පාසලේ සියළු දෙනම ඔහුව හොදින් දැන සිටී.
පාසලේ විනෝදයෙන් ගෙවි ගිය දවසක අවසානයේ. තාරකා සමග ඇගේ නිවස බලා යාමට පහන් බස් නැවතුම වෙත පිය නගයි.
පසුගිය කොටස්
********************************************************
“මාමා එන්න කිව්වෙ මොකටද තාරා.“
බස් හෝල්ට් එක පැත්තට යන ගමන් මම ඇහුවෙ මොන වගේ ඇග කිළිපොලා යන වැඩ කටයුත්තකට එන්ඩ කියලද දන්නෙ නෑනෙ.
“මම කොහොමද දන්නෙ. එයාගෙන්ම තමයි ඉතින් අහන්න වෙන්නෙ.“
අම්මප කිව්ව කතාව බලහල්ලකො. අක්කයි නන්ගියි දෙන්නම දන්නෙ නෑ. අක්ක නගා එකතු වෙලා මට ලනුවක් දෙන්න යනවද දන්නෑ. ඔව් ඔව් කියන්ඩ බෑ මම දෙන ලනුවලට රිටන් එකක් දෙන්ඩ යනවද දන්නෙ නෑනෙ. කෝකටත් ඇස් කන් නාසා ඇතුලු සියලුම ඉන්ද්‍රීයන් ටික අවදියෙන් තියාගෙන යන්ඩ ඕන.
ඇතුලෙ ඉන්න උන් දොරෙන් එලියට පනින්ඩ ඔන්න මෙන්න කියල තිබ්බ බස් එකට තාරකා නන්ගිවත් නග්ගල මමත් ෆුට් බෝඩ් එකේ එල්ලුනා. අහරෙන් කොදා කෑ ගහනව. දොරෙන් ඇතුල් වෙන්නලු. මුගේ ඇස් දෙකේ හොටුද මන්ද. මීට වඩා කොහෙ ඇතුල් වෙන්ඩද.
“හප්පේ යන්තන් ඇති අතපය නොකැඩී ගොඩ බැස්ස.“
“ඔයා මොකටද ඉතින් පන්ඩිතය වගේ දොරේ එල්ලිලා අාවේ ඇතුලට නගින්නෙ නැතුව.“
“දොරේ එල්ලිලා ආවෙ තමුසෙව හුලගට යයි කියල දොරෙන් එලියට. කොහෙද කියවන්න එකෙක් සෙට් උනාම මෙලෝ සිහයක් නෑනේ වට්ටි අම්මල වගේ කියෝනවනෙ.“
ඔය තියෙන්නෙ. ඕවට කියන්නෙ ඉල්ලන් කනව කියල. එනව මෙතන මාව කපන්න.

මාමලගේ ගෙදර ඉදල ගෙදර එද්දි 7ත් පහුවෙලා. එහෙ ගිහාම ඉතින් මට හොද සැලකිලිනෙ. මාමනම් එන්න කියල තිබ්බෙ එයාගෙ කම්පියුටරේ කැඩිල කියල හදල දෙන්න. මම ඉතින් ඔය වගේ ගැජ මැටිකල් වැඩ ටිකක් දන්න හින්ද මොනාහරි උනාම මට තමා කතා කරන්නෙ.
පැයක් විතර බාත්රූම් එකේ ඉදල එලියට එද්දි ෆෝන් එක බෙරිහන් දෙනව. හුටා මේ අපේ ක්‍රීඩා භාර සර්නෙ මොකද දන්නෑ මේ වෙලාවෙ.
“හෙලෝ“
“හෙලෝ පුතා මම ජයසිංහ සර් කතා කරන්නෙ.“
“ඔව් ඔව් සර් කියන්න මොකද මේ හදිස්සියෙ.“
“පුතා අපිට කොලෙජ් එකත් එක්ක ක්‍රීකට් මැච් එකකට ආරාධනා ලැබිල තියෙනව ඒ ගැන කියන්න මම කතා කලේ. ඔයා හෙට ඉස්කෝලෙ ආපු ගමන් ඇවිත් මාව හම්බෙන්න.“
එල එල ගොඩ දවසකට පස්සෙ හයේ හතරෙ පාරවල් ටිකක් නෙලන්ඩ චාන්ස් එකක් ඇවිත වගේ.
“හොදයි සර් මම හෙට උදෙන්ම එන්නම්.“
“ආ ඒ වගේම පහන් පුතා දැම්මම ටීම් එකේ අනිත් අයවත් දැනුවත් කරන්න. ඉස්සරහට දවස් කීපයක් ෆුල් ඩේ දාලා ප්‍රැක්ටිස් කරන්න ඕන අපි ගොඩ දවසකින් ප්‍රැක්ටිස් කලේ නෑ.“
“හරි සර් මම කට්ටියටම කියන්නම්. කවද්ද සර් මැච් එක තියනව කියන්නෙ?“
“ලබන මාසේ පස්වෙනිද. ඒ කියන්නෙ බදාදා දවසක්. මන් එහෙනම් තියනව පුතා. ඔයා හැමෝම දැනුවත් කරන්න“
“හොදයි සර් බුදු සරණයි“
“බුදු සරණයි පුතා“
ඒ ගමන්ම මම අනිත් පැත්තට ටීම් එකේ හැම එකාටම කෝල් අරන් නිව්ස් එක දුන්න. ඔය වගේ හොට් හොට් නිව්ස් එකක් දෙන එක හෙන ආතල් වැඩක්. අනික ඉතින් ගිය පාර මැච් එක අපේ උන් දුවන්ඩ කෑවනෙ. මේ පාරනම් ලොවෙත් නැතිවෙන්ඩ ගහල එන්න ඕන.
කොලෙජ් එකේ ටීම් එකට අලුත් කැප්ටන් කෙනෙක් දාලා කියලත් ආරංචියක් ආවා කියල මතක් උනේ දැනුයි. ඒ ගැනත් පොඩ්ඩක් හොයලා බලන්ඩ ඕන.
“සීතම්මේ මට හොට් හොට් ටී එකක් සප්ලයි කරන්ඩ පුලුවන්දෝ....“
කාමරේ දොරෙන් එලියට ඔලුව දාලා මං බෙරිහන් දුන්න.
“හොදමයි පුංචි මහත්තයා“
ඒකත් හරි දැන් එතින් ඔන්න කේක් කෑල්ලක්, බිස්කට් එකක් එක්ක ටී එකක් ලැබෙනව කියල ෂුවර්. එ්කත් ඒමයි කියල මම පාඩම් කරන්න පොතක් අතට ගත්ත විතරයි පහළ තියෙන ලෑන්ඩ් ෆෝන් එක බෙරිහන් දෙන්ඩ ගත්ත. මේ වෙලාවෙ ඔය බඩකඩිත්තුවට කෝල් ගන්න එකා මොකාද???