Showing posts with label ලොකු ශානාගේ ළ.ක්‍රි.වී. මතක. Show all posts
Showing posts with label ලොකු ශානාගේ ළ.ක්‍රි.වී. මතක. Show all posts

Friday, October 4, 2013

ළ.ක්‍රි.වී.යේ ආදරණීයයන් සමග ආදරණීය දින දෙකක් - 2

පසුගිය පෝස්ටුවෙන් බණ්ඩාරවෙල දක්වා ගිය ගමනත්. අඩිෂම් මන්දිරය හා සිදුපියනිල ගැනත් කිව්වනෙ. කියවපු නැති අය ඉන්නවනම් දැන්මම මෙතනින් ගිහින් කියවල එන්න.

දිවා ආහාරයෙන් පස්සෙ සිදුපියනිලට සමුදුන් අපි කදුකරයේ තවත් සුන්දර ඉසව්වක් හොයාගෙන ගන් ආරම්භ කලෙමු. මාර්ගය දැන සිටියේ ගමනට සහභාගීවූ පියතුමන්ලා දෙදෙනා පමණි. ඉසව්වක් නොදත් ඉමක් කරා දුශ්කර මාර්ගයක අපි ගමන් කලෙමු. දහඅට වංගු සිහිපත් කරවන වැලමිටි වංගු ගනානවක් පසු කරමින් පුංචි මාර්ගයක අති දුශ්කර ගමනක ගමන් කලේ අවසන දකින්නට බලාපොරොත්තුවූ සුන්දර දර්ශනය සිතෙහි දරාගෙනය.
දුෂ්කර මාර්ගයේ වැලමිටි වංගුවක

දුශ්කරතා මැඩගෙන අපි ගමනේ අවසානයට ලගා වීමු. ඒ අන් තැනකය නොව අඩි 790ක් ඉහල සිට ඇද හැලෙන බඹර කන්ද දිය ඇල්ල අසලටය. වාහනයෙන් බැසගත් සියල්ලන්ගේ නෙත් සිත් පැහැර ගන්නට දිය ඇල්ල සමත් වූ බවනම් කිව යුතුමය.


ඈතට පෙනෙන දිය ඇල්ල

බඹර කන්දේ වික්‍රමය ඇරබුනේ ඉන් පසුවය. සවස්වී තිබුනත් කෙතරම් සීතලක් තිබුනත් දිය ඇල්ලේ නාන්නට උවමනා විය. ඇල්ල අසලට යන්නට වහාන නැවතුමේ සිට තරමක දුරක් කන්ද උඩට නැගිය යුතුය. අත් හකුලාගෙන කටු අනින්නාක් මෙන් සීතල වතුරේ ගිලී නාන්නටත් අප අමතක නොකලෙමු. වරක් දෙකක් ගිලී උඩ ආ විට සීතල පහව ගියක්මෙන් කිසිවක් නොදැනෙන්නට මුළු ඇගම හිරිවැටී තිබුනි. තවත් මොනවා කතා කරන්නද සීතල අමතක කරමින් ජල ක්‍රීඩා ඇරඹුනි.



දිය ඇල්ලට පාගමනින්





පැයක් පමණ බඹර කන්ද අසල ගත කල අපි බුත්තල බලා ගමන් ආරම්භ කලෙමු. එදින රාත්‍රිය ගත කිරීමට තීරණය කරගෙන තිබුනේ බුත්තල සුබසෙත් ගෙදරය. රාත්‍රී අට පමණ වන විට බුත්තලට ලගා වීමට හැකි විය.

බුත්තල සුබසෙත් ගෙදර, ගරු මයිකල් පෝල් රුද්‍රිගූ නිමනි පියතුමාගේ වාසස්තානය විය. 1927 ජුනි 30 උපන් පියතුමා සහසිකයකුගේ වෙඩි පහරකින් 1987 නොවැම්බර් 10 වන දා මෙලොවින් සමුගත්තේ ය. ආගමික සහජීවනය මෙන්ම දුප්පත් මිනිසුන් වෙනුවෙන්ද කැපවුන පියතුමා ආචාර්ය උපාධි දෙකක්ද ලාබ සිටියේ ය. ආගම් සියල්ල ගැන මානා දැනුමකින් යුතු වූ පියතුමා පන්සලේ බෞද්ධ ධර්මය දේශනා කල බවද අසන්නට ලැබුණි. 

පියතුමන්

පියතුමා ජීවත්වූ ස්ථානය

එදින රාත්‍රිය බුත්තල සුබසෙත්ගෙදර ගත කල අපි පසුදා උදෑසන ආහාරයෙන් පසු මැණික් ගගෙන් දිය නෑමට ගියෙමු. ආවාසනවන්තම කරුනනම් එම ස්ථානයේ කිසිදු ඡායාරූපයක් කිසිවෙකුගේ කැමරාවක සටහන් නොවීමයි. පැය දෙකක පමණ දිය කෙලියෙන් පසු අපි දිවා ආහරයට නැවතත් සුබසෙත්ගෙදරය පැමිනියෙමු. දිවා ආහරයෙන් පසු සුබසෙත් ගෙදරට සමුදී කොළබ බලා එන්නට පිටත් වීමු.

ආපසු එන අතර මග නිතර අසන්නට ලැබෙන ස්ථානයක මග සලකුණු දුටු අපි එම ස්ථානය නැරබීමට ඒකමතික තීරනයෙන් ආපසු හැරුනෙමු. ඒ අන්කිසි තැනක් නොව කවුරුත් හොදින් දන්නා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලයි.


 ගුවන් තොටුපල දක්වා වැටී ඇති මාර්ගය


  ගුවන්තොටුපල ඉදිරිපිට




 ඇතුලත දර්ශනයන්



ටොයිලට් එකේ පොටෝවක් ගහගන්නත් අපේ අය අමතක කරල නැහැ 



ඇතුලත තවත් දර්ශනයන් 


 ලංකාවේ අපේ අයගේ වැඩ කිඩ

ගුවන් යනාවක් දකින්නට නැති උවද පැයක පමණ කාලයක් අපි ගුවන් තොටුපලේ ගත කලෙමු. අවසන දින දෙකක චාරිකාව නිමා කරමින් අපි රාත්‍රී දහය පමණ වන විට මරදාන ජාතික කාර්යාලයට ලගා වීමු.

ප.ලි.

පෝස්ට් එක පමාවීම ගැන බලවත් කණගාටුව.

Tuesday, September 17, 2013

ළ.ක්‍රි.වී.යේ ආදරණීයයන් සමග ආදරණීය දින දෙකක්

අළුත් දිනයකට පසුගිය 06 වන දිනද හිරු එළිය වැටුනේ සුපුරුදු ලෙසිනි. වෙනදාටත් කලින්ම ඇදෙන් බිමට බැසගත්තේ එදින මටනම් එතරම් විවේකී දිනයක් නොවූ බැවිනි. උදෑසනින්ම රාජකදළුව මීසම් පාලක පියතුමා හමුවීමට කටයුතු යොදාගෙන තිබුනි. සවස හය වන විට මරදාන ළ.ක්‍රි.වී. කාර්යාලයේ සිටිය යුතුය. ඒ සදහා සවස දෙක පමණ වන විටවත් හලාවතින් පිටවිය යුතුය. ඒ වාර්ශික ජාතික කමිටු චාරිකාව සදහා හලාවත පදවිය නියෝජනය කරමින් සහභාගී වීමට සිදුවූ බැවිනි. උදෑසන වන විට අඩුම තරමේ ඇදුම් බෑගයවත් සූදානම් කර නොතිබිනි. කිසිදු ආකාරයෙන් ප්‍රශ්නයක් සිදු නොවිනි නම් කාලය හොදින් කලමනාකරණය කර ගැනීමට හැකියාව තිබුනි.

සිදුවන්නේ නොසිතූ දේවල්මය. උදෑසන දහය පමණ වන විට නොසිතූ පරිදි අදික වර්ශවක් ඇද වැටෙන්නට ගත්තේ ය. ලොකු කුඩයක් ඉහලාගෙනවත් අඩි දෙක තුනක්වත් යන්නට  නොහැකි තරම්ම වර්ශාව අදික විය. බගෙට තෙමී ගෙදරට එන විටනම් චාරිකාව එපා වී තිබුනි. දුරකථනයෙන් කිහිප දෙනෙකුටම කතා කර තොරතුරු විමසා බැලීය.හැම තැනටම එකම ලෙස වර්ශාව ඇද හැලෙන බව දැනගන්නට ලැබුනි. කෙසේ හෝ සවස තුන පමණ වන විට හලාවතින් කොළඹ බලා දිවෙන බසයකට නැග ගන්නට හැකි උනි. ලංකා සමගින් ක්‍රිෂාන් මල්ලීද ගමනට එක් විය. කොළඹට යනතුරුම එකම වර්ෂාවකි. මරදාන දක්වා යෑමට ආමර් වීදියෙන් බසයෙන් බැසගන්නා විටනම් වැස්ස මදක් නතරවී තිබුනි. එතනින් පසුනම් කරදරයකින් තොරව ජාතික කාර්යාලයට යෑමට හැකියාව ලැබුනි.

ගමන සුදානම් කරනා විට තිස්දෙනෙකු පමණ ගමනට සහභාගී වන බව දැනුම් දී තිබුනද අවසානයේදී එය පහලවකට අඩුවී තිබුනි. එදින රාත්‍රියේ එක්වූ ජාතික කමිටුවේ පිරිස කෙටි සාකච්චාවකින් පසු පසුදින උදෑසන තුනට බණ්ඩාරවෙල දක්වා පිටත්විමට තීරණය කර නින්දය ගියේ ය. උදෑසන නැගී සිටින විටත් සුපුරුදු පරිදි වර්ෂාව ඇදහැලෙමින් තිබුනේ සියලුදෙනාගේම සිත් කනගාටුවෙන් පුරවමින් බව නම් නොඅනු මානය. විනෝද චාරිකාවක් අතර තුර වාහනයටම කොටුවී සිටින්නට නම් කිසිවෙකුත් කැමැත්තක් නොදක්වන බව නම් නොඅනු මානය.

කතා කරගත් පරිදි උදෑසන හතර පමණ වන විට බණ්ඩාරවෙල බලා යමට පිටත් විය. අතර මගදීද මදි නොකියන්නට වට වර්ෂාව සියල්ලන්ගේ බලාපොරොත්තු කඩ කරවමින් සිටියේ ය. පරිසරයේ සිසිල් බවද මදින් මද ඉහල යන්නට විය. ගීත ගායනා හා විහිළු තහළු වලින් පිරීතිබූ බස්රිය තරමක වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබුනි. අට පමණ වන විට උදෑසන ආහාරයට බණ්ඩාරවෙලට ලගාවීම අපගේ අරමුණ උවත් වර්ෂාව නිසා ගමන් වේගය සෑහෙන්න අඩාල විය.



වර්ශාවත් සමග අධික මීදුමින් වැසී ගත් කදු පංති


මීදුම පහව යමින්

බණ්ඩාරවෙලට ආසන්න වෙන විට වර්ශාව නතර වී තිබුනි අධික මීදුමකින් වැසී ගෙන තිබූ කදු පංති එකින් එක පෙනෙන්නට පටන් ගත්තේ සැගවී සිටි ගුහා වලින් එබී බලන්නාක් මෙනි. කෙසේහෝ උදෑසන දහය පමණ වන විට බණ්ඩාරවෙලට පැමිණිමට අපට හැකි විය. අතර මගදී මාළු පාන් ගෙඩියකින් සහ වඩයකින් යන්තමින් කුසගිනි නිවාගෙන සිටියද සීතලත් සමග කුසගින්න දෙගුන තෙගුන වී දැනෙන්නට විය.

උදෑසන ආහාරය සූදානම් වී තිබුනේ සිදුපියනිලෙහිය. කුතුණු සහෝදරතුමන්ලා පූජාත්‍රය ලැබීමට පෙර වසරක කාලයක් මෙහි ගත කල යුතු බව අසන්නට ලැබුනි. මෙහි වැඩිතොරතුරක් නොදැන සිටීම කණගාටුවට කරුණකි. නමුත් පෝස්ටුව කියවන ළ.ක්‍රි.වී. යේ ආදරණීයයන් ඒ අඩුව පුරවනු නොඅනුමානය. මහත් සොම්නසින් අප සැම පිළිගත් සිදුපියනිල බාරව සිටි පියතුමා උදෑසන ආහාරයට අප කැදවාගෙන ගියේය. රතු හාලේ කිරිබතක්, ලුණුමිරිසක් සමග මළු හොද්දක් උදෑසන ආහාරයට සැකසී තිබුනි. අහාරයෙන් පසු අත සේදීම සියල්ලට වඩා අසීරු විය. ජල කරාමයෙන් ආ ජලය ශීතකරණයකින් ගත් වතුර බෝතලයක මෙන් සිසිල්ව තිබුනි.











ඇස් පිනවන අලංකාර පරිසරයක පිහිටි සිදුපිය නිල සියල්ලන්ගේ සිත් ගත් ස්ථානයක් විය. අලංකාර පරිසරය වටා කැමරා මානමින් එහි අලංකාරය උකහා ගන්නට සියලුදෙනා වෙර දැරීය.

උදෑසන ආහාරයෙන් පසු බසයට නැගගත් අපි ඇඩිෂම් මන්දීරය බලා පිටත් විය. 1931 වසරේ ඉංග්‍රීසි වතු කළමණාකාරවරයකු වූ තෝමස් ලිස්ටර් විලියස් ශ්‍රීමතාණන් විසින් සම්පූර්ණයෙන්ම කළු ගලෙන් ඉදිකරවා ඇති අඩිෂම් මන්දිරය සීතල කදුකරයේ සුන්දරත්වය සොයා යන ගමනේ නැරඹිය යුතුම ස්ථානයකි.

විශාල වෘක්ෂයන්ගෙන් ගහන වූ වනාන්තරය මැදින් ගමන්කොට මනාව සකස්කර ඇති මල්වත්තෙන් හා පළතුරු ගස් අතරින් ඇදී එන්නෙකුට මනස්කාන්ත කදුවැටි වලින් ආවරණය වූ ඒ තේජවන්ත බලකොටුව දර්ශනය වෙයි.



බුරුම තේක්ක ලීයෙන් තැනූ වහලයද, වහලය උඩ ඇති වාතාශ්‍ර කවුළුද, මාලිගය තුල ඇති පෞරාණික ගෘහ භාණ්ඩද, මාලිගය සාදා ඇති ගෘහ නිර්මාණ ශිල්පයද ඔබව මවිත කරනු ඇත.



ඇඩිෂම් මන්දිරය නැරබීමෙන් අනතුරුව දිවා ආහාරය සදහා නැවතන් සිදුපියනිල දක්වා අපි ගමන් කලෙමු. දිවා ආහාරය පෙර සිදුපියනිලෙහි බාස්කට්බෝල් පිටිය විනෝදාස්වාදයේ උපරිම තොතැන්නක් කරගැනීමට අපි සමත් වීමු.






ක්‍රීඩාවෙන් උණුසුම් වූ සිතින් හා ගතින් යුතු අපි දිවා ආහාරය බුක්ති වින්දෙමු. දිවා ආහාරයෙන් පසු සිදුපියනිල බාර පියතුමාටත් සිදුපියනිලටත් සමුදුන් අපි බඹර කන්ද දිය ඇල්ල බාල ගමන් ඇරඹීමු.
චාරිකාවට අතරතුර

බඹර කන්ද දිය ඇල්ලේ ගත කල සුන්දර සැන්දෑවත්, බුත්තල සුභසෙත් ගෙදර ගත කල රාත්‍රියත්, පසු දින නැවතත් කොළඹ බලා ගමන්ගත් සුන්දර දිනයෙත් විස්තර රුගෙන අනෙක් පෝස්ටුවෙන් ඉක්මනින්ම හමුවෙමු.