Sunday, December 22, 2013

බීච් පාටියේ ඉල කැඩෙන මඩ පාරවල්.


ඔන්න එහෙනම් ඊයේ ගල්කිස්සෙ මුහුදු වෙරලෙ පාටියෙ අපේ සෙට් එක එකට එකතු වෙලා ෆන් එකේ හැපි එකේ දවසක් ගෙවල දැම්මනෙ. බීච් පාටිය මට දැනිච්ච හැටි ගැන මම වෙනම පෝස්ටුවක් ලියන්න කියලයි ඉන්නෙ. ඔන්න එතකන් මම හදන්නෙ පොඩි මඩ පාරක් දෙකක් දිග අරින්න. මූණු පොතේ අපේ පාටියෙ ඉවෙන්ට් එකේ එක එක මඩ පාරවල් ගහගත්තට මුලින්ම බ්ලොග් එකකින් මඩ පාරක් දුන්නෙ අපේ සමීගේ පුංචි ලෝකය බ්ලොග් අඩවිය ලියන මුදියා නොහොත් සමියා කියල තමයි මන්නන් හිතන්නෙ. කවුරුත් දන්නවනේ මඩ ව්‍යාපාරය පටන් ගත්තේ අපේ රජා කියල. හැබැයි ඊයේ රජාගේ කැමරාව අභාවප්‍රාප්ත වුන නිසා ගහපු ෆොටෝ ටිකටත් කෙලවෙන්ඩ ඇති මයෙ හිතේ. පාටියෙන් පස්සෙ බුකියෙවත් රජාව හොයාගන්න නෑ. කොහෙන්හරි රජා ආයේත් එලියට එයි මඩ පාරකුත් ගහගෙනම. නැත්තන් ඉතින් කිසි ලල් එකක් නෑනෙ.
හරි වැඩි ආටෝප ඕන නෑ කියහල්ලකෝ. ඔන්න එහෙනම් මම මඩ ව්‍යාපරය දියත් කරනව.

සිත් රිදීම් එහෙම උනොත් වැඩියෙ ගනන් ගන්න එපා ඕන් හොදේ. (වැඩේ කියන්නෙ දැන් මඩ ගහල ආයේ කට්ටිය සෙට් වෙන දාකට හැංගිලා තමයි ඉන්ඩ වෙන්නෙ.)

සුදු මහත්තය බය වෙච්ච පාර බඩ බුරුල් වෙලා

මුහුදු වෙරලට ගහන් ආපු දිය කිදුරියකට අතවර කරන කට්ටිය ඒ අස්සෙ සුද්දියක්ව දැකල
මේ කට්ටිය දිය කිදුරියට අතවර කරන වීඩියෝ එක බලන්න මෙතනින් යන්න. :P

චකබ්ලාස්ට් ගේ ලෝකය ලියන චකබ්ලාස්ට්ට බූට් එකක් වැදිල කියන්නෙ

රජාට පොඩි කැසිල්ලක් අල්ලල

චන්දන ලියල ආරච්චි මහත්මාගේ ප්‍රථම පියාසර කිරීම


වයසක ස්ත්‍රී රත්නයක් සමග කතාවක් දැමීමට වෙර දරන තරුණයෙක් :P

ඉදල ඉදල රජා බඩුත් එක්කම නාලා.

ඉහත දැක්වෙන්නේ චකබ්ලාස්ට් කොල්ලාව රවටා වතුරට තල්ලුකල රජාටත් ඒ ඉරණමම අත් වී ඇති ආකාරයි. රාජකීය අවයව තුලට වැලි ගොස් ඇති බැවින් රජා දැඩි අපහසුතාවයකට පත් විය.

ඉදල ඉදල මුදියට කෑල්ලගෙන් මැසේජ් එකක් ඇවිල්ල

හැංගි හැංගි වෙස් බැන්ද (මල් කැඩුව) සුදු මහත්තයා.(බලාපල්ලකෝ පැනි හිනාව)

බෝල පාරක් වැදී බඩ බුරුල් වූ රජා

ජීව වායුව මුදා හරින මුදියා

නටන්න ගිහින් තව ටිකෙන් පස්ස බීච් එකේ

බඩ බුරුල් වෙලාලු

නරි වලිගේ ගලෝ ගැනීමට උත්සාහ දරණ කපුටන් පිරිසක්.
 (කපුටො නරි වලිගෙ ගැලෙව්වලු. කපුටු පෙදේ බේරුනාලු)
ඔන්න ඔහොමයි ඉතින් මගේ මඩ ප්‍රහාරය ඉවර වෙන්නෙ. ඉවරයි කිව්වට තව එකම එකක් තියෙනව. මේක අපේ සසිදු නිර්මාල් සහෝදරය ගහපු මඩ ප්‍රහාර වලින් ගත්තු ෆොටෝ තුනක්.

 සසිදුගේ මඩ ප්‍රහාරය බලන්ඩ මෙතිනන් යන්ඩ.

රජාට ගහපු මඩ ප්‍රහාරයක් තමයි මේක. ෆොටෝ තුනක් වෙන වෙනම තිබ්බෙ. මන් ඒ ෆොටෝ තුන එකට සෙට් කරල පොඩ්ඩක් මොඩ් කරල ගත්ත. සුපිරිම මඩේ තමයි මේක. සසිදු සහෝගෙ වැඩක්.


ඔන්න ඉතින් එහෙනම් මම මඩ ගහල ඉවරයි. කෙසේ වෙතත් ඊලගට කට්ටිය සෙට්වෙන දවසෙදි අම්බානෙට පරිස්සන් වෙන්න වෙනව. නැත්තන් රජාට වෙච්ච වැඩේ අපිටත් වෙන්ඩ බැරි නෑ. කොහොම උනත් මේ මඩ ගැහිල්ල අපේ සොදුරු දවසක මතක සටහනක් විතරයි. අමනාපකම් හිතබිදීම් එක්ක කරන දෙයක් නෙමේ. ඔයාලගේ ෆොටෝ එකක් දැම්ම කියල අමනාපයක් එහෙම තියේනම් කියන්න. බොරුවට තරහ වෙනවට වඩා ඒක අයින් කරල දාන්න පුලුවන්නෙ. අනාගතේ කවදහරි අපිට ඉතිරි වෙන්නෙ මේ වගේ සොදුරු මතක සටහන් ටිකක් විතරයි. එහෙනම් මේකත් ඒ ගොඩට දාගන්න ඔයාලට පුලුවන්.

මෙන්න මේකත් කියන්න රජාගේ මඩ ප්‍රහාරයක් දකින්ඩ නැතුව නිකන් කෑවෙ නෑ වගේ. රජා කොහොමහරි මඩ පාරක් ගහයි කියල මම බලාපොරොත්තු වෙනව. සුභ වේවා රාජ සම්පත් ලැබේවා :P

එහෙනම් ඔන්න ඔයාලගෙ අදහස් උදහස් ඔක්කොම පහල කොමෙන්ට් බොක්ස් එකේ දාල යන්න අමතක කරන්න එපා. ජය වේවා.

Friday, December 20, 2013

හැමදාම යන ඉන්ටර්සිටිය



ගොඩ කාලෙකින් පෝස්ට් එකක් ලියන්නත් බැරි වෙච්චි එකේ මට වෙච්චි පොඩි සින් කොන් එකක් ලියන්න කියලයි කල්පනා කොලේ. අති පණ්ඩිත වර්ගයේ පච ටෝක් දෙන්න ගිහින් ඇදගෙන නාල පල් වෙච්චි සීන් එකක්.

මම හැමදාම ස්කොලේ යන්න හන්දියට වෙලා ඉන්න කොට දෙයියන්ගෙ පිහිටයි කියල හැමදාම උදේට ආතල් එකේ ඉස්කෝලෙ යන්න ඉන්ටර්සිටියක් හන්දියෙන් යනව. අපේ පැත්තෙ පරසිද්ද මන්ත්‍රී කෙනෙක්ට අයිති බස් එකක් ඒක. ඔය බස් එකේ උදේට වැඩිය සෙනග නෑ. ඇයි යකෝ මොන පොල් බූරූවද උදේ සීතලේ ඒ.සී. බස් එකක යන්නෙ දෙගුනයක් සල්ලි දීල. අපිටනම් ඕව අදාල නෑ අපෙන් කොහොමත් ගන්නෙ සමාන්‍ය ගානමයි. පොඩ්ඩක් හොටු පෙරා පෙරා ඉන්න උනත් ආතල් එකේ ඉදගෙන ඉක්මනට ඉස්කෝලෙට යන්න තියෙන චාන්ස් එක මිස් කොර ගන්නෙ මොන එහෙකටද. ඉතින් වෙනද වගේම පුරුදු පරිදි උදේ හන්දියට ආවා. ජෙල් පැකට් එකක් උලාගෙන කොණ්ඩෙ හදා ගන්න කියල හන්දියට ආපු මට තරු පෙනුනෙ හන්දියෙ කඩේ වහල තියන කොට. යකෝ ඒ කියන්නෙ අද මට ඉස්කෝලෙන් කොණ්ඩෙ කපා ගන්න වෙන පාටක් වගේ තියෙන්නෙ. ඕන රෙද්දක් කියල ලග තිබ්බ ටැප් එකකින් වතුර ටිකක් ගාගෙන ලාවට ‍ෂේප් කොර ගෙන බස් එක බලා පොරොත්තුවෙන් හිටිය. එදා වැඩට යන්ඩ පරක්කු වෙච්ච අපේ ගෙවල් ලග පොරකුත් හන්දියෙ හිටයා. මගෙ කරුමෙද තාත්තගේ කරුමෙද දන්නෙ නෑ තාත්තත් එදා අපිත් එක්ක හන්දි හිටියා. අර අපිත් එකක් හිටිය පොර අයියා වැඩ කොරන්නෙ පොලිසියේ. ඒ උනාට පොර පොලිස් කාරයෙක්නම් නෙමේ ඕන්. පොර ඉන්න ගමන් මාත් එක්ක කතාවට වැටුනා

“බලනව ඕයි අද බස්  නවත්තන්නෙ නෑනෙ ඉදල ඉදල පොඩ්ඩක් පරක්කු උන හින්දද කොහෙද“

මම හිටියෙ එහා පැත්තෙ කල්පිටිය බස් එක එනකන් ඉන්න කෙල්ලට රබර් ඇහැක් දාගෙන ඇයි යකෝ මුන් මට සැනසිල්ලෙ කෙල්ලෙක් නමන්නවත් දෙන්නෙ නෑනේ.

“ ඔව් ඔව් අද සදුද හින්ද සෙනග වැඩීනෙ ඒක හින්ද බස් නවත්තන්නෙ නෑ“

කියල කට ගත්ත විතරයි කෙලගෙන ආපු වව්නියා බස් එක මෙන්න යකෝ නැවැත්තුවා. කොහෙන්ද දුවන් ආපු කෙල්ලෙක් දොරේ හිටපු උන්ගෙ අස්සෙන් බස් එකට රින්ග ගත්ත. තව එතන හිටපු අයියා කෙනෙකුත් බොහොම අමාරුවෙන් එක කකුලක් අස්සට දාගෙන දොරේ එල්ලුනා. ඊට එහා කූබියෙක්ට කක්ක කොරන්නවත් ඒකෙ ඉඩ නෑ. අපි හන්දියෙ ඉද්දි බස් එක ගියා. අර පොර ආයෙ කියවන්න ගත්ත.

“ෂිහ් ඉදල ඉදල නවත්තපු බස් එකෙත් ඇගිල්ලක් ගහන්න ඉඩ නෑ. දැන් ඉතින් බලනව මම කීයටද වැඩට යන්නෙ“

මේ බලහල්ලකො මූ කියන කතාව මූ කියට වැඩට ගියත් මට මොකද ඇගිල්ල බැරිනම් අහවල් එක දාගෙන හරි ගියාට මට මොකද

“තව ටිකකින් ඉන්ටර්සිටියක් එනව ඒකෙ යන්න පුලුවන්“ මම කිව්ව

“ඒක නවත්තයිද දන්නෙ නෑනෙ“

“පිස්සු කතා කරනවද මාව දැක්කනම් බස් එක බ්‍රේක් නැත්තන් මිසක් අනිවා නවත්තනව“ මමත් පණ්ඩිත ටෝකක් දුන්නෙ බස් එක නවත්තනව කියල දැනගෙනමයි.

එහෙනම් කමක් නෑ කියපු පොර ඊලගට ගාට ගාට ආපු බස් එකේ නැග්ගෙ නැත්තෙ මම කියපු ඌ කවදාවත් දැකල නැති ඉන්ටර්සිටියෙ යන්න හින්ද. බස් එක ඈත එද්දිම අදුරගත්තු හින්ද මමත් අන්න බඩු එනව කියල පාර පැත්තට ලං උනේ බස් එකට අත දාන්න. මෙන්න යකෝ කෙලගෙන ආපු බස් එක ලයිට් එකයි හෝන් එකයි දෙකම ගහගෙන කාගෙනම යන්න ගියා. විලිලැජ්ජාවෙ සන්තෝසේ බෑ. ඩ්‍රයිවර්ගෙ දෙමාපියො දෙන්නට පින් දෙන ගමන් මම අනිත් පැත්ත හැරුනා.

“ඒකද තමුසෙගෙ ඉන්ටර්සිටිය“

පිස්සුද යකෝ මට ඉන්ටර්සිටි තියෙන්ඩ මන් බස් ඩ්‍රැයිවරයෙක් කියල හිතුවද කියල අහන්ඩ ගිහිල්ලත් කට වහගෙන පොඩි සින්ගල් ටෝක් එකක් දුන්න.

“ඒක වගේ තමයි හැබැයි සෙනග වැඩී වගේ එකයි නැවැත්තුවෙ නැත්තෙ“ කියල මගේ වාසනාවට ඊලගට ආපු සිසු සැරියෙ නැගල මාරු උනා. දවසක් දෙකක් යනකන් මම පොරව මග ඇරල හිටිය. දවස් දෙක තුනකට පස්සෙ පොරව මූනටම මීට් උනා.

“ ආ මල්ලි ඉන්ටර්සිටියෙ එදා බ්‍රේක් වැදිල නැහැල්ලු නේද“ කියල පොර කිව්ව විදිහට මට බයිසිකලෙන් පැනල මැරෙන්ඩ හිතුන.


Tuesday, November 5, 2013

පෙරුම් පුරනවා මම මුළු හදවතින්ම....


නෙත් පියන් පියවෙන විට
මැවෙන සුන්දර සිනහව
දැකගන්න හැබැහින් නිතරම...
පටලවන් අපෙ දෙඅත්
සැදෑ හිරු රැස් තුලින්
ඇවිද යන්නට දුරින් දුරට...
සිරි සිරි පොද වැස්සක
මල් මල් පුංචි කුඩය යට
රුදෙන්නට ඔබෙ ලගින්ම...
අරගන්න මගෙ ලගට
හැමදාම සෙනෙහසින්
තුරුලුකර ආදරෙන්...
බැද මාල හත ගෙලේ
පුංචි මනමාලියක් කර
කැන්දාගෙන එන්න...
පෙරුම් පුරනවා මම මුළු හදවතින්ම......

Saturday, October 5, 2013

ආදරණීය සිතැත්තියට, සුභම සුභ උපන්දිනයක්


සිව් වසරක ආදරයේ
තවත් සොදුරු දිනයක
එලිපත්තේ සිට අකුරු කරමි මම
සුභ පතන්නට අදර සිතින්
සිතින් එක් තැනක රුදුනත්
ගතින් දෙතැනක තවම
ගෙවී ගිය අතීතයෙ
සුන්දරම දින තුනක්
මේලෙසින් උදාවී
නිවවෙලා ගිහින් ඇත
ඒ කිසිම දිනයක
ලගින් හිද සුභ පතා
හාදුවක් තවරන්න
ඔය නලල්තලය මත
නෑ ඉඩක්  හිමිඋනේ
උදාවන අද දිනේ
දුව ඇවිත් නුබෙ ලගට
මැදි කරන් මගේ දෝතට
සුභම සුභ උපන් දිනකට
ගෙනෙන්නට ආසිරි මල්
පතනෙමි පැතුම් මං
එන තුරා ඔබෙ ලගට
අකුරු කර සිත මගෙ
පතන්නෙමි ඔබට
සුභම සුභ උපන්දිනයක්...

Friday, October 4, 2013

ළ.ක්‍රි.වී.යේ ආදරණීයයන් සමග ආදරණීය දින දෙකක් - 2

පසුගිය පෝස්ටුවෙන් බණ්ඩාරවෙල දක්වා ගිය ගමනත්. අඩිෂම් මන්දිරය හා සිදුපියනිල ගැනත් කිව්වනෙ. කියවපු නැති අය ඉන්නවනම් දැන්මම මෙතනින් ගිහින් කියවල එන්න.

දිවා ආහාරයෙන් පස්සෙ සිදුපියනිලට සමුදුන් අපි කදුකරයේ තවත් සුන්දර ඉසව්වක් හොයාගෙන ගන් ආරම්භ කලෙමු. මාර්ගය දැන සිටියේ ගමනට සහභාගීවූ පියතුමන්ලා දෙදෙනා පමණි. ඉසව්වක් නොදත් ඉමක් කරා දුශ්කර මාර්ගයක අපි ගමන් කලෙමු. දහඅට වංගු සිහිපත් කරවන වැලමිටි වංගු ගනානවක් පසු කරමින් පුංචි මාර්ගයක අති දුශ්කර ගමනක ගමන් කලේ අවසන දකින්නට බලාපොරොත්තුවූ සුන්දර දර්ශනය සිතෙහි දරාගෙනය.
දුෂ්කර මාර්ගයේ වැලමිටි වංගුවක

දුශ්කරතා මැඩගෙන අපි ගමනේ අවසානයට ලගා වීමු. ඒ අන් තැනකය නොව අඩි 790ක් ඉහල සිට ඇද හැලෙන බඹර කන්ද දිය ඇල්ල අසලටය. වාහනයෙන් බැසගත් සියල්ලන්ගේ නෙත් සිත් පැහැර ගන්නට දිය ඇල්ල සමත් වූ බවනම් කිව යුතුමය.


ඈතට පෙනෙන දිය ඇල්ල

බඹර කන්දේ වික්‍රමය ඇරබුනේ ඉන් පසුවය. සවස්වී තිබුනත් කෙතරම් සීතලක් තිබුනත් දිය ඇල්ලේ නාන්නට උවමනා විය. ඇල්ල අසලට යන්නට වහාන නැවතුමේ සිට තරමක දුරක් කන්ද උඩට නැගිය යුතුය. අත් හකුලාගෙන කටු අනින්නාක් මෙන් සීතල වතුරේ ගිලී නාන්නටත් අප අමතක නොකලෙමු. වරක් දෙකක් ගිලී උඩ ආ විට සීතල පහව ගියක්මෙන් කිසිවක් නොදැනෙන්නට මුළු ඇගම හිරිවැටී තිබුනි. තවත් මොනවා කතා කරන්නද සීතල අමතක කරමින් ජල ක්‍රීඩා ඇරඹුනි.



දිය ඇල්ලට පාගමනින්





පැයක් පමණ බඹර කන්ද අසල ගත කල අපි බුත්තල බලා ගමන් ආරම්භ කලෙමු. එදින රාත්‍රිය ගත කිරීමට තීරණය කරගෙන තිබුනේ බුත්තල සුබසෙත් ගෙදරය. රාත්‍රී අට පමණ වන විට බුත්තලට ලගා වීමට හැකි විය.

බුත්තල සුබසෙත් ගෙදර, ගරු මයිකල් පෝල් රුද්‍රිගූ නිමනි පියතුමාගේ වාසස්තානය විය. 1927 ජුනි 30 උපන් පියතුමා සහසිකයකුගේ වෙඩි පහරකින් 1987 නොවැම්බර් 10 වන දා මෙලොවින් සමුගත්තේ ය. ආගමික සහජීවනය මෙන්ම දුප්පත් මිනිසුන් වෙනුවෙන්ද කැපවුන පියතුමා ආචාර්ය උපාධි දෙකක්ද ලාබ සිටියේ ය. ආගම් සියල්ල ගැන මානා දැනුමකින් යුතු වූ පියතුමා පන්සලේ බෞද්ධ ධර්මය දේශනා කල බවද අසන්නට ලැබුණි. 

පියතුමන්

පියතුමා ජීවත්වූ ස්ථානය

එදින රාත්‍රිය බුත්තල සුබසෙත්ගෙදර ගත කල අපි පසුදා උදෑසන ආහාරයෙන් පසු මැණික් ගගෙන් දිය නෑමට ගියෙමු. ආවාසනවන්තම කරුනනම් එම ස්ථානයේ කිසිදු ඡායාරූපයක් කිසිවෙකුගේ කැමරාවක සටහන් නොවීමයි. පැය දෙකක පමණ දිය කෙලියෙන් පසු අපි දිවා ආහරයට නැවතත් සුබසෙත්ගෙදරය පැමිනියෙමු. දිවා ආහරයෙන් පසු සුබසෙත් ගෙදරට සමුදී කොළබ බලා එන්නට පිටත් වීමු.

ආපසු එන අතර මග නිතර අසන්නට ලැබෙන ස්ථානයක මග සලකුණු දුටු අපි එම ස්ථානය නැරබීමට ඒකමතික තීරනයෙන් ආපසු හැරුනෙමු. ඒ අන්කිසි තැනක් නොව කවුරුත් හොදින් දන්නා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලයි.


 ගුවන් තොටුපල දක්වා වැටී ඇති මාර්ගය


  ගුවන්තොටුපල ඉදිරිපිට




 ඇතුලත දර්ශනයන්



ටොයිලට් එකේ පොටෝවක් ගහගන්නත් අපේ අය අමතක කරල නැහැ 



ඇතුලත තවත් දර්ශනයන් 


 ලංකාවේ අපේ අයගේ වැඩ කිඩ

ගුවන් යනාවක් දකින්නට නැති උවද පැයක පමණ කාලයක් අපි ගුවන් තොටුපලේ ගත කලෙමු. අවසන දින දෙකක චාරිකාව නිමා කරමින් අපි රාත්‍රී දහය පමණ වන විට මරදාන ජාතික කාර්යාලයට ලගා වීමු.

ප.ලි.

පෝස්ට් එක පමාවීම ගැන බලවත් කණගාටුව.