Showing posts with label පොඩි ශානාගේ මතකසටහන්. Show all posts
Showing posts with label පොඩි ශානාගේ මතකසටහන්. Show all posts

Friday, December 20, 2013

හැමදාම යන ඉන්ටර්සිටිය



ගොඩ කාලෙකින් පෝස්ට් එකක් ලියන්නත් බැරි වෙච්චි එකේ මට වෙච්චි පොඩි සින් කොන් එකක් ලියන්න කියලයි කල්පනා කොලේ. අති පණ්ඩිත වර්ගයේ පච ටෝක් දෙන්න ගිහින් ඇදගෙන නාල පල් වෙච්චි සීන් එකක්.

මම හැමදාම ස්කොලේ යන්න හන්දියට වෙලා ඉන්න කොට දෙයියන්ගෙ පිහිටයි කියල හැමදාම උදේට ආතල් එකේ ඉස්කෝලෙ යන්න ඉන්ටර්සිටියක් හන්දියෙන් යනව. අපේ පැත්තෙ පරසිද්ද මන්ත්‍රී කෙනෙක්ට අයිති බස් එකක් ඒක. ඔය බස් එකේ උදේට වැඩිය සෙනග නෑ. ඇයි යකෝ මොන පොල් බූරූවද උදේ සීතලේ ඒ.සී. බස් එකක යන්නෙ දෙගුනයක් සල්ලි දීල. අපිටනම් ඕව අදාල නෑ අපෙන් කොහොමත් ගන්නෙ සමාන්‍ය ගානමයි. පොඩ්ඩක් හොටු පෙරා පෙරා ඉන්න උනත් ආතල් එකේ ඉදගෙන ඉක්මනට ඉස්කෝලෙට යන්න තියෙන චාන්ස් එක මිස් කොර ගන්නෙ මොන එහෙකටද. ඉතින් වෙනද වගේම පුරුදු පරිදි උදේ හන්දියට ආවා. ජෙල් පැකට් එකක් උලාගෙන කොණ්ඩෙ හදා ගන්න කියල හන්දියට ආපු මට තරු පෙනුනෙ හන්දියෙ කඩේ වහල තියන කොට. යකෝ ඒ කියන්නෙ අද මට ඉස්කෝලෙන් කොණ්ඩෙ කපා ගන්න වෙන පාටක් වගේ තියෙන්නෙ. ඕන රෙද්දක් කියල ලග තිබ්බ ටැප් එකකින් වතුර ටිකක් ගාගෙන ලාවට ‍ෂේප් කොර ගෙන බස් එක බලා පොරොත්තුවෙන් හිටිය. එදා වැඩට යන්ඩ පරක්කු වෙච්ච අපේ ගෙවල් ලග පොරකුත් හන්දියෙ හිටයා. මගෙ කරුමෙද තාත්තගේ කරුමෙද දන්නෙ නෑ තාත්තත් එදා අපිත් එක්ක හන්දි හිටියා. අර අපිත් එකක් හිටිය පොර අයියා වැඩ කොරන්නෙ පොලිසියේ. ඒ උනාට පොර පොලිස් කාරයෙක්නම් නෙමේ ඕන්. පොර ඉන්න ගමන් මාත් එක්ක කතාවට වැටුනා

“බලනව ඕයි අද බස්  නවත්තන්නෙ නෑනෙ ඉදල ඉදල පොඩ්ඩක් පරක්කු උන හින්දද කොහෙද“

මම හිටියෙ එහා පැත්තෙ කල්පිටිය බස් එක එනකන් ඉන්න කෙල්ලට රබර් ඇහැක් දාගෙන ඇයි යකෝ මුන් මට සැනසිල්ලෙ කෙල්ලෙක් නමන්නවත් දෙන්නෙ නෑනේ.

“ ඔව් ඔව් අද සදුද හින්ද සෙනග වැඩීනෙ ඒක හින්ද බස් නවත්තන්නෙ නෑ“

කියල කට ගත්ත විතරයි කෙලගෙන ආපු වව්නියා බස් එක මෙන්න යකෝ නැවැත්තුවා. කොහෙන්ද දුවන් ආපු කෙල්ලෙක් දොරේ හිටපු උන්ගෙ අස්සෙන් බස් එකට රින්ග ගත්ත. තව එතන හිටපු අයියා කෙනෙකුත් බොහොම අමාරුවෙන් එක කකුලක් අස්සට දාගෙන දොරේ එල්ලුනා. ඊට එහා කූබියෙක්ට කක්ක කොරන්නවත් ඒකෙ ඉඩ නෑ. අපි හන්දියෙ ඉද්දි බස් එක ගියා. අර පොර ආයෙ කියවන්න ගත්ත.

“ෂිහ් ඉදල ඉදල නවත්තපු බස් එකෙත් ඇගිල්ලක් ගහන්න ඉඩ නෑ. දැන් ඉතින් බලනව මම කීයටද වැඩට යන්නෙ“

මේ බලහල්ලකො මූ කියන කතාව මූ කියට වැඩට ගියත් මට මොකද ඇගිල්ල බැරිනම් අහවල් එක දාගෙන හරි ගියාට මට මොකද

“තව ටිකකින් ඉන්ටර්සිටියක් එනව ඒකෙ යන්න පුලුවන්“ මම කිව්ව

“ඒක නවත්තයිද දන්නෙ නෑනෙ“

“පිස්සු කතා කරනවද මාව දැක්කනම් බස් එක බ්‍රේක් නැත්තන් මිසක් අනිවා නවත්තනව“ මමත් පණ්ඩිත ටෝකක් දුන්නෙ බස් එක නවත්තනව කියල දැනගෙනමයි.

එහෙනම් කමක් නෑ කියපු පොර ඊලගට ගාට ගාට ආපු බස් එකේ නැග්ගෙ නැත්තෙ මම කියපු ඌ කවදාවත් දැකල නැති ඉන්ටර්සිටියෙ යන්න හින්ද. බස් එක ඈත එද්දිම අදුරගත්තු හින්ද මමත් අන්න බඩු එනව කියල පාර පැත්තට ලං උනේ බස් එකට අත දාන්න. මෙන්න යකෝ කෙලගෙන ආපු බස් එක ලයිට් එකයි හෝන් එකයි දෙකම ගහගෙන කාගෙනම යන්න ගියා. විලිලැජ්ජාවෙ සන්තෝසේ බෑ. ඩ්‍රයිවර්ගෙ දෙමාපියො දෙන්නට පින් දෙන ගමන් මම අනිත් පැත්ත හැරුනා.

“ඒකද තමුසෙගෙ ඉන්ටර්සිටිය“

පිස්සුද යකෝ මට ඉන්ටර්සිටි තියෙන්ඩ මන් බස් ඩ්‍රැයිවරයෙක් කියල හිතුවද කියල අහන්ඩ ගිහිල්ලත් කට වහගෙන පොඩි සින්ගල් ටෝක් එකක් දුන්න.

“ඒක වගේ තමයි හැබැයි සෙනග වැඩී වගේ එකයි නැවැත්තුවෙ නැත්තෙ“ කියල මගේ වාසනාවට ඊලගට ආපු සිසු සැරියෙ නැගල මාරු උනා. දවසක් දෙකක් යනකන් මම පොරව මග ඇරල හිටිය. දවස් දෙක තුනකට පස්සෙ පොරව මූනටම මීට් උනා.

“ ආ මල්ලි ඉන්ටර්සිටියෙ එදා බ්‍රේක් වැදිල නැහැල්ලු නේද“ කියල පොර කිව්ව විදිහට මට බයිසිකලෙන් පැනල මැරෙන්ඩ හිතුන.


Sunday, August 18, 2013

කවි කාරියක්


සෙනසුරාදා, ඉරිදා කියන්නෙ ගෙදර ඉන්ඩවත් හරිහමන් නිදහසක් නැති දවස් දෙකක්. ඒ මොකෑ කිව්වොත් ඉතින් අම්බානෙට පන්තිනෙ. උදේ ගෙදරින් ගිහාම හවස තමයි ආයේ එන්නෙ. ඒක හින්ද ඉතින් අතක් පයක් හොලවන්ඩවත් වෙලාවක් නෑ. ඉතින් මෙහෙම ඉන්න දවසක ඔයාලට මතක ඇතිනෙ මම අර පිටසක්වල කේස් එකක් ගැන පෝස්ට් එකක් ලිව්වා, එන්න එදා මම අපේ මේ අවුරුද්දෙ උසස්පෙල කරන, ඒ කියන්නේ මේ වෙද්දෙ උසස්පෙළ ලියන අක්ක කෙනෙක්ට මැසේජ් එකක් දාල ඇහුව විභාගේ ලේසිද කියල. පිළිතුර හැටියට ආවේ ලේසියි කියල තමයි ඕන්. ඊටපස්සෙ කිව්ව පේපර් ඕනෙනම් අරන් යන්ඩ එන්ඩ කියල. මටත් ඉතින් අර ගෙදර ඉන්න දවස්ටිකේ යන්ඩ වස කම්මැලි හින්ද දවසක් පන්ති ඇරිල එන ගමන් ඒ පැත්තට ගොඩ උනා පේපර් ටික ඉල්ල ගන්ඩ. ඉතින් ඒ ගොඩ වෙච්ච ගමන කියෝ කියෝ පැය භාගයක් විතර හිටියා. ඒ කතාකරපු මාතෘකාව කොහෙන්හරි ගිහින් බ්ලොග් ලිවිල්ල කියන පැත්තට සැට් උනා.

ඒ අක්කටත් බ්ලොග් එකක් ලියන්න ඕනලු ඒත් බ්ලොග් එකක් හදන්න දන්නෙ නෑලු. මේ දවස්වල කොම්පියුටර් එකත් කැඩිලලු. ඒකත් හදාගෙන ඩොන්ගල් එහෙකුත් ගන්ඩ ඕන කිව්ව. මමත් ඉතින් වැඩර් වගේ කිව්ව ඩොන්ගල් එකක් ගත්තම කියන්න මම හදල දෙන්නම්කො කියල. ඉතින් මේ කියන අක්ක ඉගෙන ගන්ඩත් හරි දක්ෂයි. ඒ වගේම තමා කවිලියන්නත් හරි දක්ෂයි. ඉස්කෝලෙ පොත්වල වැඩිහරියක් තියෙන්නෙ කවි. ඉතින් මේ ඊයේ පෙරේදා තිබ්බ උසස්පෙල විභාගෙදිත් මෙයා කවි ලියල තිබ්බා.

ඒ කෙසේද යත්, ඉරි ගහන පේපර් එකක් ලියද්දි ඕනෙනම් කටුසටහන් ගහන්ඩ කියල කොලයක් දෙනවනේ. ඉතින් ඉරිගහන පේපර්එක ඉක්මනට කරල ඉවර වෙලා. මෙයා මේ කොලේ අරන් කවිවගයක් ලියල. ලියපු කවිවල කොටස්වගේකුත් කිව්වා මට හරියට මතක නෑ. මොකක්හරි පොඩි ලව් සීන් එකක් ගැන තමයි ලියල තිබ්බෙ. ගමේ ඉස්කෝලෙන් පටන්ගත්තු ලව් කේස් එකක් ගැන. ඉතින් අර පේපර් එක එකතුකරන්න කලින් අර කටුසටහන් ගහන්න දුන්න කොලේ එකතුකරනවලු. ඒ එකතුකරපු සර් අර අක්කගෙ කොලේ තිබ්බ කවිටික දැකල ඒක උඩින්ම තියාගෙන කවිටික කියෝ කියෝ ගිහින් කිව්වලු

“ ගමේ ඉස්කෝලෙන් පටන් අරන් ඇවිත් තියෙන දුරක් “ කියල

ඉතින් මුළු පන්තියම හිනාවෙනවලු. ඉතින් ඔය වගේ කතා ටිකක් කියෝ කියෝ ඉදල ආර්ථික විද්‍යාව පේපර් එකත් ඉල්ලන් එන්ඩ යද්දි ඒ අක්ක කියනව “ ඔය තියෙන්නෙ මගෙ වැඩ තමයි “ කියල බැලින්නම් අර පේපර් එකේ වටේට තියෙන ඉඩේ ඒ කියන්නෙ පේපර් එකේ බෝඩරේ රූලක් විදිහට අරන් ඒ කොටුව වටේට කවි වගයක් ලියල. ඉතින් බලාහල්ලකෝ වැඩක්. මෙන්න මෙහෙමයි කවිටික

(මේ වම් පැත්තෙ තිබ්බ කොටස)දෑස් මානෙක සිහින උල්පත හිතේ ශක්තිය රජ වුණා - ගතට ලෙඩමුත් හිතට නෑ ලෙඩ Loding another side......

(මේ දකුනු පැත්තේ) මතක සිත්තම් පා උනා - සිහින මන්දිර යානවාහන දවල් හීනෙක සුවදෙනා - සතුට සැනසුම පතමි

(මේ අන්තිම කොටස යටම) හැමදා දිනක නිවනට යා වෙනා.....  Stop

ඉතින් ඔන්න ඔහොමයි කවිටික ලියල තිබ්බෙ එකපැත්තක කෑල්ලයි අනිත් පැත්තෙ කෑල්ලයි අන්තිම කෑල්ල යට පැත්තෙයි. ඔය ලියල තියෙන ඉංගිරීසි කෑලි ටිකත් ඒ විදිහටම ලියල තිබ්බ. ඉතින් කවිය හරියට ගලපල හදල ගත්තම මෙන්න මෙහෙමයි එන්නෙ.

දෑස් මානෙක සිහින උල්පත හිතේ ශක්තිය රජ වුණා - ගතට ලෙඩ මුත් හිතට නෑ ලෙඩ මතක සිත්තම් පා උනා
සිහින මන්දිර යානවාහන දවල් හීනෙක සුවදෙනා - සතුට සැනසුම පතමි හැමදා දිනක නිවනට යා වෙනා....

ඉතින් මේ අක්ක දවසක බ්ලොග් එකක් ලියන්න ගත්තම අපිත් අතහිත දෙන්ඩ ඕන. මොකද කියනවනම් තාම බ්ලොග් එක හදල නැති උනත් බ්ලොග් එකක් හදපුවම දාන්න දේවල් දැන් ඉදන්ම ලියලලු තියෙන්නෙ. ඉතින් අපි ඒ කවිකාරිට බොක්කෙන්ම හෙල්ප් දෙන්න බලන් ඉමු හොදේ. එයාගේ බ්ලොග් එක කමින් සූන් ඈ. 

ලියන්නේ පොඩි ශාන්.

Monday, August 12, 2013

සිරාවටම පිටසක්වලයො ඇවිල්ලද ඕයි?


අලෝ කස්ටිය කොහොමෙයි සැප සනීප. මගෙ අම්මේ ගොඩ කාලෙකට පස්සෙ මේ පැත්තට එන්ටර් උනේ. ලොකු ශානා දාන පොස්ට් ටික කියෝ කියෝ හිටිය මිසක මොනාවත් දැම්මෙ නෑ නෙව. ලගදි අපේ ගෙවල් පැත්තට එන්ටර් උන සුදර්ශන සහෝදරයත් ඇහුවෙ මොකෝ ඕයි වෙලා තියෙන්නෙ පෝස්ට් එකක්වත් දාන්නෙ නැද්ද කියල. ඒක හින්දම මේ ඊයෙ පෙරේදා වෙච්ච පොඩි සිංකෝන් එකක් ගැන පෝස්ට් එකක් ලියන්ට කියලයි ලැහැත්ති උනේ.

ලබන අවුරුද්දෙ අ.පො.ස.උ.පෙ. ට ලියන්ටත් තියන එකේ පාඩන් කොරන්නෙ නැතුව කොම්පියුටරේටම එබිල ඉන්න හින්ද බැනුම් අහන්නෙ නැති දවසක් නෑ කියල කිවුවොත් හරි. ඒක හින්ද අපේ ගමේ එකෙක්ගෙ ගෙදර ගියා පාඩම් කොරන්ඩ. යකෝ මම පාඩම් කර කර ඉද්දි එක පාරටම ග්ර්ර්ර්ර්..... ගාන සද්දයක් ඇහුන හින්ද මම හිතුවෙ රෑට කෑව මදි හින්ද බඩ කෑ ගහනව ඇති කියල හිතුවට ආයෙත් පාරක් සද්දෙ ඇහුන හින්ද නිකමට අනිත් පැත්ත බැලුව. කිරි අප්පට බල්ලො පැනල පස්ස පැත්ත කාපි කිව්වලු. මට එහා පැත්තෙ හිටපු එකා අම්බානෙට බුදි. එදායින් පස්සෙ පාඩම් කොරන්ඩ එහෙ ගියෙත් නෑ. ඕන් ඔහොම ඉන්න කොට තමයි අපේ බව්ව කතා කරල කිව්වෙ උන්ගෙ ගෙදර පාඩම් කොරන්ඩ එන්ඩ කියල. මමත් ඉතින් මේන් මෙච්චර විතර සයිස් පොත් ගොඩගුයි ඇදුන් ටිකකුයි බෑග් එකේ දාගෙන ගියා පාඩම් කොරන්ඩ.

උන්ගෙ ගෙදර තියෙන්නෙ මුහුද ලගමයි. මුහුද අයිනෙන්ම පාර තියනව ඊට පස්සෙ දෙයියන්ගෙ පිහිටයි කියල මීනී පිට්ටනියක් තියනව. ලස්සනේ බෑ ඕයි ඒක මිනී පිට්ටනියක්ද කියල හිතන්ඩ බෑ. කුරුස පෝලීමක් තියනව දැක්ක හින්ද තමයි අදුර ගත්තෙ. ඊටත් පස්සෙ තමයි බව්වලගෙ ගෙදර තියෙන්නෙ. කොටින්ම කිව්වොත් මිනී පිට්ටනියට අල්ලපු වත්ත. ඉතින් ගිය ගමන් වොෂ් එකක් දාගෙන එහෙම බව්ව කිව්ව අඩේ සෙල්ලම් පාරක් දාන්ඩ යන්ද කියල. මාත් බැරි බරි ගාතේ හා කියල ගියා. අප්පේ අපේ ඉස්කෝලෙම සැට් එකක්නෙ ඉන්නෙ. කොහොම හරි අම්බානෙට ෆුට්බෝල් පාරකුත් ගහල ආපහු ගෙදර එන්ඩ යද්දි කව්දෝ අයියා කෙනෙක් ඇවිල්ල කිව්ව හෙට මැච් එකක් තියනව ක්‍රිකට් කූරු ටිකක් හොයා ගන්නඩ බැරි වෙයිද කියල. බව්වලගෙ ගෙදර කූරු තුනක් තියන කිව්ව තව කූරු තුනක් හොයන්න ඒ ලග ගෙදරකට ගියා මමයි බව්වයි රොෂේනයි.

ඒ පැත්තෙ නංගි කෙනෙක් දවසක් රෑ 7.00ට විතර ගෙදරට වෙලා එක්සයිස් කර කර ඉන්න කොට ගෙවල් ලග තිබ්බ පදුරක් ලග කුරුමිට්ටෙක් වගේ එකෙක්ව දැකල තියෙනව. ඌ දිලිසෙනවලු. ඒක දැකල බයවෙලා  එයා කැලේ කඩාගෙන දුවල තිබ්බ. ඉතින් අපි තුන්දෙනා මිනී පිට්ටනිය මැදින් ගියේ ඔක ගැනත් කතා කර කර. ඉස්සර ඉදන්ම දන්න දේවල් එක්ක මමනම් හිතුවෙ බහිරවයෙක් කියල. ඒත් ඉතින් බහිරවයෝ කළු පාට මිසක් දිලිසෙන්නෙ නෑනෙ. ඒ අස්සෙ මිනි පිට්ටනියෙ සොහොනක් ගාව කවුද මන්ද පානක් පත්තු කරල. ඒක මම දැක්කට අනිත් ඩබලට කියන්ඩ ගියෙ නෑ. කොහොම හරි අපි තුන්දෙනා අදාල ගෙදරට ගිහිල්ල ක්‍රිකට් කූරු තුනත් ඉල්ලගෙන ඔය ගැන එහෙ හිටපු අක්ක කෙනෙක් එක්ක කතා කර කර හිටිය. ඒ කරල අනිත් පැත්තට එන්ඩ හදද්දිම පොඩි එකෙක් කෑ ගහගෙන එනව.

“ අම්මෙ අන්න අතන ඉන්ව. අර ඌව රත්තරන් පාටට දිලිසෙනව“

අම්මට හුඩු ඒ මොකද කියල අපිත් එහාට දිව්ව. ඒත් අපි යද්දි මිට්ටෙක් තියා මිට්ටෙක්ගෙ සලකුනක්වත් තිබ්බෙ නෑ. හැබැයි පොඩි එකා අම්බානෙට බය වෙලා. කටේ දත් ටික ඩබල් වදිනව කට කට ගාල. අපි කට්ටිය එකතු වෙලා ඒ හරියම පීර පීර හෙව්වත් කිසිම සලකුනක් තිබ්බෙ නෑ. ඒ අතර රෑ වෙලා තවත් කට්ටියක් ඒ පැත්තම පීරල හොයල තිබ්බ ඒත් සලකුනක් නෑ. එ හින්දම ගමේ අය මේ ගැන පොලීසියට දැනුම් දීල තිබුන. ඒ වගේම ඒ පැත්තෙ අයියල දෙන්නෙක් පාරේ එද්දි පාතින් එක පාරටම ලොකු එලියක් ගියාලු එයාල කියන්නෙ යානාවක් කියල.

දැන් මට තියෙන ප්‍රශ්නෙ ඇත්තටම මේ මොක්කුද කියල. ඔයාල ඒ ගැන මොකද හිතන්නෙ.

Saturday, June 22, 2013

දනුකයාගේ කඩුලු පැනීම


කඩුලු පැනීම යනු ඉතා පුරසිද්ද කිරීඩාවකි. අපේ ඉස්කෝලේ සැට් එකකුත් ටික කාලයක් කඩුලු පැන්නා මට මතකය. අපිත් ඒ කාලේ කඩුලු පැන්නේය. ඒ කිරිකොට් ගසද්දී බෝලේ එහා පැත්තේ මිනී පිට්ටනියට ගිය විටය. ඒ අවස්තාවේ අපිටද කඩුලු පනින්නට සිදු උන අතර සමහර උන් කඩුල්ලෙන් රින්ගාගෙන ගියේය. මේ දනුකයාගේ කඩුලු පැනීම අර පෙර කී කිරීඩාවනම් නොවේ. මු කම්බි පොටවල් 7ක් පමන ඇති මහා පරිමාන වැටකට උඩින් පැන්න හැටිය. පොර වැඩිය බොරු කියන්නේ නැත. එහෙන් මෙහෙන් කෑලි දෙක තුනක් වැඩි කර කිවුවත් ඇත්තම කියන බව මම දනිමි. පොර සුපිරි යූ.ඇන්.පී. කාරයෙකි. අපිටනම් කෝකත් එකය. මූ ආණ්ඩුවේ උන් එක්ක බර වලි දාගන්නා බව අපේ සැට් එක හොදින්ම දනී. දිනක් අපේ කොල්ලන් සැට් එකක් සමග මමද අපේ එකෙකුගේ ගෙදරක තිබූ බන ගෙදරක ගියේය. දනුකයාත් එහි ඇවිත් තිබුනේය. අපි බන අහන උන්නම් නොවේ. එනිසා පැත්තකින් පුටු ටිකක් වට කරගෙන කයියකට සෙට් උනේය. වැඩියෙන් කතා කරන්නේ දනුකයාය. අපි සියල්ලෝම අසා සිටින්නෝ වෙති. 


දනුකයා:- අඩේ උඹට මතකද මම වත්තේ වැටෙන් පැන්න හැටි.
රජා:- මතකයි මතකයි. ජෙට් එන්ජින් දාපු හැටි.
මම:-අඩේ මොකද්ද බන් ඒ සීන් එක. උඹ හොල්මනකටවත් බය උනාද?

දනුකයා:- නෑ බන් මේකයි සීන් එක. දවසක් මමයි අපේ බාප්පයි වෙලේ ඉදල බයික් එකේ එනකොට සෙට් එකක් මග ඉදන් ලොකු ටෝක් එකක් දැම්මා. දන්නවනේ ඉතින් මට ඔය ***වල් අල්ලන්නෙ නෑනේ. බාප්පටත් මල. මමත් ඇවිල්ල තුවක්කුවට උන්ඩෙකුත් දාගෙන එකත් කරේ තියාගෙන පාර ගාවට වෙලා අපේ සෙට් එකත් එක්ක හිටියා මුන් එනකන්. එකෙක් එන්නෙ නෑ එතනින් එහාට යන්න. ආවනන් ඒ වෙලාවෙ ඔලුව කුඩු වෙන්ඩ තියනවා ආයේ දෙකක් නෑ.

රජා:- ඇයි යකෝ උන් ගාවත් තුවක්කු තිබ්බනේ. තිබ්බනම් තොටත් බඩු හරි තමා.

දනුකයා:- ඔව් ඉතින් උන් ආපු නැති එකත් වෙලාව. කොහොම හරි බන් මම බාප්පලව එතන තියල බයිසිකලේ අරන් ආව හන්දිය පැත්තට. මගේ ඉස්සරහට ආපු ත්‍රීවීල් එකක් හැරෙව්වා බන් මෙන්න මෙහෙම ගත්තෙ බන් රෝද දෙකෙන්. මමත් බයිසිකලේ ඉදන් බලන් ඉන්නවා. අම්මට සිරි අර ත්‍රීවිල් එකෙන් බැස්ස බන් කෙලින්ම 300ක් විතර. කඩුද පොලුද අරවද මේවද මොනාද මන්ද අරගෙන. මමත් බයිසිකලේ වීසි කරල දාල හැරිච්ච පාරට පිටිපස්සෙ තිබ්බ වැටෙන් පැන්න බන් තප්පර පහක් යද්දි මම මිසින්. වීල් එකෙන් බැස්ස සෙට් එක බලනවා කෝ යකෝ මෙතන හිටිය එකා කියල. මම එතකොට වැටෙන් පැනල එහා පැත්තට දුවල ඉවරයි බන්. මුන් ටික ලග තිබ්බ ගෙදර වටේ කැරකි කැරකි මාව හොයනව. හොයල හොයල හොයාගන්න බැරි තැන උන්ටික ගිහිල්ල. ඇයි යකෝ කවුද හිතන්නෙ අර වැටෙන් මම පැනල ඇති කියල. ගෙදර ගිහිනුත් කල්පනා කරේ කොහොමද ඒකෙන් පැන්නෙ කියල. ඇයි බන් ඒකෙ කම්බි පොටවල් 7ක් විතර තියනවනෙ බන්. මම මෙහෙම කකුල තිබ්බ පැන්න තමා ජෙට් එක දැම්ම වගේ එහා පැත්තෙ.

මම:- ඇයි බන් උඹට ඊට පස්සෙ එලි පහලියට බැහැල යහතින් යන්ඩ පුලුවන් උනාද?

දනුකයා:- බම්බුව තමා බන් ටික දවසක් ගෙඩ වෙලා හැන්ගිලා හිටිය. දැන්නන් උන් ටික යද්දි හිනා වේගන යනවා. මමත් ඉතින් යූ.ඇන්.පී. ආණ්ඩුවක් එනකන් ඉදපල්ලකෝ කියල බොක්කෙන් හිතාගෙන කටින් හිනා වෙලා යනවා.

Wednesday, June 5, 2013

අත් පුඩි ගසා දනගැසීම

අපේ පන්තිවල උන් ගැනනම් කතා කර වැඩක් නැත. උන් තමන් වැඩක් කරන්නෙත් නැති අතර අනුන්ට වැඩක් කරගන්නට දෙනනේද නැත. මේ කියන්නට යන්නේද එවැනි පජාත වැඩක් කරන්නට ගොස් කෙලෝගත් හැටි ගැනය.

විභාගේ දවස් වෙන කාට නැතත් අපේ උන්ට හෙවත් ආර්ට් එකේ උන්ටනම් ආතල්ය. හැමදාම කොල්ලන්ව දමන්නේ කෙරෝලේ ඇති පන්තියකට. එයට වැටෙන්නේද හද්ද සත්තු සෙට් එකක්ය. ඒ අතර පොඩි ශානාද සිටියත් පොඩි ශානා ඒ සත්ව ගනයට අයත් වන්නේ නැත. එයට හේතුව පොඩි ශාන ශිෂ්‍යනායකයෙකු වීමය. අපි වැරැද්දක් කල විට අනිත් උන්ට දෙන දඩුවම් මෙන් දෙගුනයක් විදින්නට සිදුවේ. පොඩි ශානා උපාසකයෙකු සේ සිටින්නට හේතුවද එයමය. 

විභාගය වේලාසන ඉවර වෙන දවස්වල එලියට ගොස් කෙල්ලන්ට පැනි හැලීමට අපේ සැට් එකක් පුරුදු වී සිටියේය. කරුමයට පොඩි ශානාට ඒ ගොඩට යා නොහැක. පොඩි ශානා බැජ් ගලවා සිටියත් මා කවුදැයි කියන්නට හැමදෙනාම දැන සිටීම එයට හේතුවයි. නමුත් දිනක් පොඩි ශානා අපේ සැට් එකක් එක්ක එලියට බැස සිටියේය. අපේ උන් විභාගේ ලියා අවසන් කොට කෑ ගසන නිසා ලියන්නන්ටද වදයකි. එබැවින් එදින අපව වේලාසන එලියට එලවා දැම්මායැයි කීවොත් නිවැරදිය. එදින අ‍පේ ජිනේ අයියා කෑල්ලක් සැට් කොර ගත්තේය. මංගල දර්ශන බැලීමට තරම් පොඩි ශානාද වාසනාවන්ත විය. 

අපේ උන්ව එදින එලියට දැමීමට විශේෂ තවත් ‍හේතුවක්ද විය. අපේ සැට් එක ඉන්නේ තට්ටු තුනක ගොඩ නැගිල්ලේ දෙවෙනි තට්ටුවේය. පහලම තට්ටුවේ වානිජ අංශයයි. අපේ ‍කොල්ලන් සැට් එක විභාගය ලියන අතරතුර එකෙකුගේ අන දීමට අනුව එක වර කකුල් ඔසවා බිම ගසයි. පහල වානිජ අංශය දෙදරුම් කවන්නට ඒ ඇතිය. මෙසේ බය සැක නැතුව ක්‍රියා කිරීමට හේතුව අපි විභාගය ලියන පන්ති කාමරයට වැඩිය කිසිවෙක් නොපැමිනීමය. මෙලෙස දෙතුන් පාරක් අඩි පොලේ ගැසීම කරන විට එක් වරම ග්‍රේෂන් සර් පන්තියට කඩා පැන උඹලා අල්මාරිවත් පොලේ ගහනවාදැයි ඇසූ විට අපේ උන් මහා හඩින් සිනා සෙන්නට විය. 

එය එතනින් අවසන් විය. හවස පාසල් ඇරී ගෙදර යන විට වානිජ අංශයේ උන් අපේ වැඩේට සිනා සෙන්නට විය. සමහර උන් කුනුහරුප සංග්‍රහයක් දියත් කලේය. ඉන්පසු අපේ උන් අඩි පොලේ ගැසීම නැවැත්විය. එක් වරම සියලු දෙනා අත්පුඩි ගැසිම ඊලග ආතල් එක ලෙස නම් කර ගත්තේය. නමුත් ඒ ආතල් එක බැලීමට තරම් අයිටී කරන උන් වාසනාවන්ත ඌයේ නැත. එයට හේතුව අයිටී කරන සැට් එක හෙවත් හය දෙනා වෙනම ශාලවකට දැමීමය. ඒ හරියට අපේ පන්ති කඩාගෙන වැටුනත් ඇසෙන්නේ නැත. කෙසේ හෝ අමාරුවෙන් විභාගය අවසන් කර අපේ පන්තිවලට යන විට අපිට දැක ගත හැකි වූයේ සුන්දර දසුනකි. කලා අංශයේ කොල්ලන් සැට් එක පෝලිමට දන ගසා සිටියේය. පාසලේ සියලු ළමුන් පිටවී යන තෙක් ඔවුන්ට ඉන්නට සිදුවිය. පූරුවේ කල පවකට මෙන් පාසල ඇරී යන සියලු දෙනාම යන්නේ මුන් සැට් එක දන ගහගෙන හිටපු ස්ථානයෙන්මය. ඒ සැට් එකේ අපේ අහිංසක ජිනේ අයියාද විය. අපි අයිටී කරන සැට් එක බේරුනේ අපි වෙනම සිටි නිසාවෙනි. නැතිනම් අපිටත් දනහිස් රත් කරන්නට සිදු වන්නේය. ජිනා අමාරුවෙන් සෙට් කරගත් කෑල්ලද එතනින් ගියේය. ඇය මග දිගට බැන බැන ගිය හැටි මගේ අවාසනාවන්ත කන් දෙකට අසන්නට සිදු විය. ඒවා උපරිමයෙන් සැර බාල කොට මම ජිනයාට පැවසූවෙමි.

සැට් එක දනගැසීමට හේතුව දැනගැනීමට ලැබුනේ පසුවය. අපේ සැට් එක පුරුදු පරිදි අත් පුඩි ගැසීමේ ක්‍රියාවලිය සිදු කර ඇත. මේ අරුම පුදුම සබ්දය අසන්නට ලැබුනේ අපේ සුමියා දුව ගොස් කෑ ගසා මහියාට පවසා ඇත්තේ ****සර් මේ වයර් ටික ෂෝට් වෙනවා වගේ කියාය. අපේ ගොඩ නැගිල්ල අසලින් විදුලි රැහැන් වගයක් ගමන් ගන්නේය. මේ වයර් ටික ෂෝට් වෙනවා කියා සුමියාගේ කෑ ගැසීම අසා අපේ උන්ට මහා හඩින් සිනා ගොස් ඇත. සිද්දිය විපරම් කර බලා ඇත්ත තත්වය දැන ගත් පසු අපේ උන්ව දන ගස්වා විදුහල්පති තුමාට බාර දී ඇත. අපි හිටියානම් අපිත් ඉවරය. වාසනාවට අපි බේරුනේය.

Sunday, June 2, 2013

පාරේ ගිය මාමෙකුට රබර් පටි වලින් විද්දෙමු (සෙල්ලම ලෙල්ලම වූ හැටි)


ඉස්සර කාලේ දැන් කාලේ වගේ නෙමෙයි කොල්ලො කුරුට්ටෝ ගෙවල් වලින් එලියට බැහැල එක එක ජාතියේ කිරීඩා කොරනව. දැන් ඉතින් ගෙට වෙලා පුටු රත් කොර කොර කොම්පියුටරේට කොටනව. ඉස්සර විතරක් නෙමේ දැනුත් හරි පුරසිද්ද කිරීඩාවක් තමයි රබර් පටිවලින් විදින එක. කාට හරි හින්සාවක් පීඩාවක් කොරල පොඩි පහේ ආතල් එකක් ගන්න දගලන ඇත්තන්ට කියාපු වැඩක්. මේ ලගදි දවසක ඉස්කෝලේ ලමයින්ගේ බෑග් චෙක් කොරන කොට 9 වසරෙ කොලු ගැටයෙක්ගෙ බෑග් එකක තිබිල ඔය කියන රබර් පටි වෙපන් එකක් කොල කෑලි උන්ඩ ටිකකුත් එක්ක අහුඋනා. ඌව ඔෆිස් එකට ගෙනිච්ච වෙලාවෙ බලන්ට එපැයි  උගෙ මූන. චයිනීස් ක්‍රීම් එකක් ගෙනල්ල මාට්ටු උන ගෑනු ලමයෙක් වගේ. චිකේයියා විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ කිය කිය හිටියෙ.

            මම කියන්ට යන්නෙ නම් ඒ ගැන නෙමෙයි ඕන්. මට මතක හැටියට මම 8 වසරෙ විතර ඉන්න කොට අපේ ගෙවල් අහල පහල කොල්ලො සැට් එක එකතු වෙලා රබර් පටි වලින් හදපු ඔය වෙපන් අරගෙන යුද්ධ කොලා. අනිත් ඔක්කොම වගේ එලිපිට යුද්ධ කොරද්දි පොඩි ශානා (මම) විතරක් ගරිල්ලා ගෙම් දුන්න හැටි මට මතකයි. ඒ ඉතින් පොඩි වෙනසකට මිසක් උන්ඩ පාරවල් වැදෙයි කියල බයට එහෙම නෙමෙයි. අපේ ගෙවල් ලග ඉන්නව කොල්ලෙක් අපිනම් උට කියන්නෙ සජියා කියල. ගෙදර ඇත්තො උට කියන්නෙ සුද්ද කියල. ඌ දැන් මොකක් හරි ජොබකට සැට් වෙලා හින්ද වැඩියෙ හම්බ වෙන්නෙත් නෑ. ගෙදරත් නෙමේද කොහෙද ඉන්නෙ. ඉදල හිටල බස් එකේදි එහෙම හම්බ වෙනව. එකත් කලාතුරකින්. මිනිහ කුපාඩි වැඩ කොරන්ඩනම් හරි හපනා. මායි ඌයි එකතු වෙලා කොරපු කුපාඩි වැඩක් ගැන තමා මේ කියන්ට යන්නෙ.

            අපේ ගෙවල් ඉස්සරහ හරියෙ ඒ දවස්වල පොඩි බන්කර් එකක් ගැහුවෙ අපි දෙන්න එකතු වෙලා. ඕක පාරෙ යන අයටනම් කොහොමටවත් පේන්නෙ නැතිවෙන්න හැදුවෙ. ඉතින් ඕක හදල ඒ දවස්වල හවස ඕකට වෙලා ඉදගෙන පාරෙ අපේ උන්ට හූවක් කියාගෙන බයිට් එකක් දීගෙන හිටිය. ඒ දවස්වල මමනම් කොම්පියුටර් ගැන දන්නේ නෑ. හැන්ගි මුත්තන්, ගස් පුච්චන්, හොරා පොලිස්, වගේ සෙල්ලම් තමයි ඒ  දවස් වල කොරේ. ඉතින් ඔය වගේ සෙල්ලම් කරද්දි ඔය කිව්ව බන්කර් එකත් ගොඩක් ප්‍රයෝජනවත් උනා.

            ඉතින් දවසක් අපි පුරුදු විදිහටම හවස් වරුවෙ ඔය බන්කර් එකට වෙලා හිටියෙ කාටද හූවක් කියන්නෙ කියල බලාගෙන. අපේ ගෙදරටත් කවුදෝ නැන්ද කෙනෙක් ඇවිත් හිටිය හින්ද අපේ අම්ම බර කතාවක හිටිය වගේ මට මතකයි. පාරෙ වෙනදට ඇති තරම් සෙනග යද්දි ඇයි යකෝ අද බල් බල්ලෙක්වත් නෑනෙ. අපි දෙන්නටත් දැන් හොදටම මල පැනල හිටයෙ. එන්නෙ කව්ද එන එකාට ගෙමක් දෙන්ඩ ඕන කියල සජිය රබර් පටියත් රෙඩි කොරගෙන හිටියෙ. මම උට කිව්ව, යකෝ ගුටි කන්ඩ වෙයි දන්නෙ නැති කාටවත් එහෙම තියන්ඩ එපා කියල. ඌ අම්මා අප්ප කියන දෙයක්වත් අහන එකෙක් නෙමෙයි කියල මම දැනගෙන හිටිය. මම හිතුව වගේම මූ මම කියපු දේ කනකට ගත්තේ නෑ.
           
            ඔන්න ඒ ටිකෙන්ම බයික් එකක් එන සද්දයක් ඇහුන. සද්දෙ හැටියටනම් තැපලක් වගේ. බයික් එක ගෙවල් ලගට එද්දිම මූ වයර් කෑල්ලක් හදපු උන්ඩෙකින් බයික් එකට තිබ්බ. චුට්ට දුරක් ගිහින් බයික් එක නැවැත්තුව. මගේ හදවතත් නැවතුන වගේ. බයික් කාරය බයික් එක හරෝගෙන ඇවිල්ල හෝන් ගහන්න ගත්තම මට පොඩි පහේ චූ බරකුත් ඇල්ලුව. හොන් සද්දෙ ඇහිල අම්ම ආවොත් එහෙම අපි දෙන්නව දඩු කදේ ගහන එකනම් ෂුවර් කියල හිතුන හින්ද මම අරූවත් ඇදගෙන එලියට පැන්නේ ඕන රෙද්දක් වෙද්දෙන් කියාගෙන.

            බයික් එකේ හිටියෙ තට්ට මනුස්සයෙක්. පොර හිටියෙ තට්ටෙත් අත ගගා. පව් පල දෙනව කියන්නෙ ඕකට තමයි ඉතින්. පොරගෙ තට්ටෙ රත් වෙන්න ෂොට් එක වැදිල. මූ අපි දෙන්නට හොද දේෂනයක් දීල යන්ඩ ගියා. හෆොයි උන්නු හැටියට මලා මදැයි කියාගෙන ආපහු හැරුන අපි දෙන්න ගල් ගැහුනෙ අම්ම පිටි පස්සෙ ඉන්නව දැකල.

අම්මා :- කවුද ඒ? මොනද ඇහුවෙ?

දැන් හරි දැන් දීපන්කෝ උත්තර. වෙලාවට අම්ම වෙච්ච දේ දැකල නෑ වගේ. මගේ රගපෑමේ ශක්තියයි එකපාර බොරු ගොතන්ට හැකි හැකියාවයි දෙකම එකතු කරල මමත් ගේමට බැස්සා.

මම:- කවුද දන්නෙ නෑ. කාගෙදෝ නමක් කියල ගෙවල් කොහෙද කියල ඇහුව.

අම්ම:- කාගෙ ගේද ඇහුවෙ.

මම:- මම දන්නෙ නැති නමක්. පුලුවන්නම් ඇවිල්ල ගේ පෙන්නන්න කිවුව.

අම්ම:- ඔය දන්නෙ නැති මිනිස්සු එක්ක වැඩිය කතා කරන්න යන්ඩ එපා. මේ දවස්වල ලමයි පැහැරගෙන යනව
කියල ප්‍රවෘත්ති වලටත් කිව්ව.

ඇත්තටම ඒ දවස් වල එහෙම කතාවකුත් තිබ්බ නේන්නම්. ඒ වෙලාවෙ අර ගෙදරට ආපු නැන්ද එතනට ආපු හින්ද ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන අවසන් වෙලා. ලමුන් පැහැරගෙන යාම යන මාතෘකාව යටතේ අම්මයි ඒ නැන්දයි සාකච්චාවක් ආරම්භ කොරපු හින්ද අපි දෙන්න හෙමීට එතනින් පැන ගත්ත. එදා ඉදන් අපේ ඒ සෙල්ලමත් ඉවර උනා. සජියා මගෙන් ධර්ම දේශනාවකුත් අහගෙන ගිය ගමන ආයේ සතියක් විතර යනකන් පැත්ත පලාතක ආවෙ නෑ. දැනටත් අපි හම්බ උනාම පෙරලගත්තු බකට් ගැන කිය කියා හීනා වෙනව.

සටහන :- ඔබගේ අදහස් උදහස් කොමෙන්ට් කොරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

Thursday, May 30, 2013

චූන් පාන්


චූන් පාන් යනු මේ කාලේ බේකරි කාරයන්ගේ ප්‍රසිද්ද වැඩ කටයුත්තකි. සෑම නගරයකම පාහේ හවස හතර පහ පමන වන විට බේකරි කාරයන්ගේ රෝද තුනේ චූන් පාන් වාහන සෑම අතුරු මාර්ගයක් ඔස්සේම යන්නේ කඩ කාරයන්ගේ ඇනුම් බැනුම් නොතකාය. සවස් වෙද්දී ඉලියට බසින චූන් පාන් නිසා පාන් විකුණන අහින්සක කඩකාරයන්ගේ බඩට පහර වදින බව නොරහසකි. කඩයේ විකුණන මිලටත් වඩා අඩු මිලට ගෙදරට පැමින විකුනද්දී තකහනියේ කඩයට ගොස් පාන් ගන්නේ එහෙමත් එකෙකි. කෙසේ නමුත් අප අසල්වැසි නගරයක නොමිලයේ චූන් පාන් බෙදූ කතාවක් පසුගිය කාලයේ කන වැකුනි. ඒ පසුගිය අවුරුද්දේ ගන් වතුර දැමූ කාලය තුලය. ගන් වතුරින් අසරන වූ ජනතාවට වතුර බැස ගිය විට නොමිලයේ පාන් බෙදීමට තරම් එම බේකරියේ අයිතිකරු කාරුණික වී ඇත. 

චුන් පාන් සබ්දයක් ඇසුනු විට ගමේ පොඩි කොලු කුරුට්ටන් ගෙදර ඇත්තන්ට වද දෙමින් පාරට දුවන්නේ චූන් පාන් නවතා ගැනීමටය. සමහරුන් කල්තියාම පාරට වී සිටින්නේ පාන් ගැනීම සදහාය. යන එන අයගේ විමසීමට මම චූන් පාන් එනකන් ඉන්නවා යැයි කියමින් පාරට වි සිටියි. පොඩි උන්ගේ ලෝකයේ එක් පසෙක සිටින වීරයෙක් ලෙසය මා චූන් පාන් අයියාව දකින්නෙ. සමහර පොඩි උන්ගේ ක්‍රිඩාවක් වී ඇත්තේද චූන් පාන් විකනීමයි.

චූන් පාන් ගැන කතා කොරන්නට මට සිතුනේ අද සවස අපේ ගමේ චූන් පාන් අයියාගෙන් පාන් ගත් පසුවය. ඇත්ත වශයෙන්ම ඔහු දියුනු වෙන මිනිසෙකුට ආදර්ශයට ගත හැකි චරිතයකි. චූන් පාන් අයියා මුලින්ම පාන් විකිනීම ආරම්භ කලේ යතුරුපැදියක පිටුපස වීදුරු වලින් සෑදු පාන් පෙට්ටියක් බැදගෙනය. ඔහුට කලින් පාන් විකිනූ අයගේ බාදා මැද ඔහු තම ගමන ඉදිරයට ගියේය. දිනක් ඔහුගේ පාන් පෙට්ටිය බැද තිබූ ලනු ලෙහී. සම්පූර්ණ පාන් පෙට්ටියම බිම වැටී කුඩු වී ගියේය. ඒ බව මා දැනගත්තේ ඔහුගේ පාපැදිය අලුත්වැඩියා කරමින් තිබූ අවස්ථාවේ ඒ පිලිබදව විමසීමෙන්ය.

මම:- අයියා මොකද උනේ බයික් එකට 
චූන් පාන් අයියා:- පාන් පෙට්ටිය වැටිල කැඩුනානේ මල්ලි ඒක හදන්න දැම්මෙ බයික් එකට නම් අවුලක් නෑ
මම:- පානුත් එක්කමද?
චූන් පාන් අයියා:- ඔව් මල්ලි පාන් දෙක තුනකට වඩා වික්කෙ නෑ එහෙම්පිටින්ම වැටුනා

දැඩි සංවේගයක් මගේ සිතෙහි හට ගත්තේ සිදුවීම ඇසූ විටය. මම කල්පනාවට වැටුනු හැටියෙන්ම මූඩ් අවුට් ගිය බව දැනගත් ඔහු.

ඔව්ව ඔහොම තමා මල්ලි අපි යන හැම පාරක්ම හොද පාරවල් නෙමේනෙ

ඔහුගේ මේ කියමන හුදෙක් ඔහු පාන් රැගෙන යන පාර ගැන කීවාට වඩා ජීවත මන් තලාවේ ඇති බධා ගැන කියූවක් ලෙස මට සිතුනි. ඉන් මාස කිහිපයකට පසු ඔහුගේ බේකරියේ නම සහිතව චූන් පාන් ත්‍රීවිලරයකු හන්දියේ හදමින් සිටිනු දුට මට ඔහු පිලිබද ‍ගෞරවයක් හට ගත්තේ නිතැතින්ය. තමන් යන ගමන පියවරෙන් පියවර ඉදිරියට යාමට නොසැලෙන ශක්තියක් ඔහු තුල ඇති බව මා හට පසක් විය. සෑම කෙනෙකු සමගම සිනාමුසු මුහුනින් සිටන ඔහු තුල මානුෂීය ගති එමට විය. අප නිවස අසල තිබූ මල ගෙයක හත් දවස අවසන් වන තෙක්ම ඔහු ඒ අසලින් යන විට ඔහුගේ චූන් පාන් සබ්දය නවතාගෙන ගිය බව මට මතකය. නමුත් චූන් පාන් යැයි කිව හැකි ටාටා වර්ගයේ බට්ටෙක්ද අප පාරේ ගමන් කරයි. ඔහු කිසිම හැගීමකින් තොරව ශබ්දයත් සමග එතනින් ගිය බව මගේ මතකයේ ඇදී ඇත.

අප අවට අපත් සමග සැරි සරන චරිත තුල යම් විශේෂිත බවක් අපට දැනෙන්නේ ඔවුන් තුල ඇති මානුෂීය ගුනාංග නිසා බව මට සිතේ. එවැනි චරිතයක් ගැන මෙවැනි සටහනක් හෝ තැබීමට හැකි වීම ගැන මා තුල සතුටක් හට ගන්නේ ඉනිසායැයි මට සිතේ.

Wednesday, May 29, 2013

විකියාගේ වලි බේරුම


ඊයේ හවස අපේ අයියා (ලොකු ශානා) ක්‍රිකට් ක්‍රිඩා කොරන්ට ගොස් ආපසු ගෙට ගොඩ උනේ අඩේ අපිත් බ්ලොගයක් හදමුද කියාගෙනය. දවස් කිහිපයක සිට ලොක්කා සයිබරයේ බ්ලොග් පීරමින් සිටි බව මට මතකය. කෙසේ නමුත් ලොක්කා තමන්ගේ බ්ලොගයට ලොග් වෙන අවස්ථාවේ ඒ දෙස බලා සිටි මම දුටුවේ 2010 වසරේ අග බාගයේ නිර්මාණය කොර ඇති බ්ලොගයකි. යකෝ මම සාපේ ලියලත් නෑනේ ඒ වෙනකොට. කෙසේ හෝ එසේ නිර්මාණය කර තිබූ බ්ලොගය ඒ දවස් වලම ඇනහිට ඇත. ඊයේ රාත්‍රියේ ම නිදා ගැනීමට යන විට ලෙකු ශානා පොස්ටුවක් කොටමින් සිටි බව මට මතකය. එය මා දුටුවේ උදේ මේ පැත්තේ ආ විටය.


 අද උදෑසන කාගේ හෝ බෙරිහන් දීමකින් උඩ ගොස් අවදි වූ මම මාගේ දුරකථනය ගෙන බෑලුවිට පාසල් යාමට තරම් වාතාවරනයක් නැතිබව දුටිමි. වෙනදාට උදේ වලිගේ ගිනි ගත් හනුමා සේ ගෙදරින් පිටව යන වේලාවත් පසු වි ඇත. ගෙදර ඉන්නවාට වඩා ස්කෝලෙ යන එක සුපිරිය. ස්කෝලේ ගොස් කුමක් හෝ බාල්දියක් පෙරලා චාටර් වෙන එක ගෙදර ඉන්නවාට වඩා ජොලිය. ස්කෝලේ වෙච්ච සිද්දි ගැන හිත හිත ඉද්දි මතක් වූ එක් සිද්දියක් බ්ලොග් පොස්ටුවක්ට හරවන්නට අදහසක් ආවේ එවිටය.


 සිද්දිය අපේ පාසලේ ආදරණිය ගුරු බවතෙක් සම්බන්දවය. විකී යන අනවර්ත නාමයකින් හදුවන්න ඔහු කෙල්ලන්ගේ කෙසේ වෙතත් කොල්ලන්ගේ හොද මිතුරෙකි. සිසුන් පාලනය කිරීමේදි විශේෂ දුර්වලතාවයක් දක්වයි. ඒ ඔහුගේ හැටිය.අපේ පන්තියේ ගලියා සහ ඩිලා නයි වෛරක්කාරයෝ දෙදෙනෙකි. ගලියාගේ විකාර නිසා ඌත් සමග අමනාප නොවු කිසිවෙක් පන්තියේ සිටියාද යන්න සැක සහිතය. ගලියා ඇග පතින් අපේ පන්තියේ සිටි ලොකුම එකාය. ඩිලාට වලි පෙන්නන්ට බැරිය. වලියක් දුටු තැන පැන පැන දෙන ගතියක් ඌ තුල විය. නිකමටවත් ඌ මේ පෝස්ටුව කියෙව්වොත් මට ලුනු ඇබුල් ඇතිව සුද්ද සිංහල පාඩමක් කියා දෙන බව සුවර්ය. පොඩි කාලේ අපේ උන් ගහ ගත්තේ, පැන්සලක්, මකනයක්, පුටවක් හෝ මේසයක් වැනි අජීවී ද්‍රව්‍ය වලට බව මට මතකය. ඒ 4 5 වසරවල් වලය. ටිකක් වැඩුනු විට ජීවී වස්තූන් වෙනුවෙන් වලි දා ගැනීම සාමාන්‍ය දෙයක් විය. නමුත් මා අකමැතිම දෙයද එයමය.


කෙසේ නමුත් ගලියා සහ ඩිලා 4 පන්තියේ වැඩක් කලේ 12 පන්තියේ වීම කනගාටුවට කරුනක් නොවේද. මුන් දෙදෙනාගේ හැටි දන්න නිසාම අපේ සාමූහික කොල්ලන් සැට් එක මුන් දෙදෙන පුලුවන් තරම් ඈත් කොර තබන්නට වෙහෙස ගත් හැටි මට මතකය. අවාරෙට පොල් වැටෙන්නේ කෙසේද එසේම පාසල් එන පොරක් වු ගලියා එදා උදෑසන ඩිලා සමහ පැටලුනේ පුටවක් නිසාය. දෙදෙනා අම්බානෙට මරා ගත් අතර විකියා අද ගොලු බීරියෙක් සේ නාම ලේඛනේ ලකුනු කරමින් සිටියේය. අපේ අහින්සක පන්ති නායක තුමා විකියාට කෑ ගසන තුරු ඔහු හැරුනේවත් නැත


වලිය සිදු වෙමන් සිටි තැනට ලගා වු විකියා නවත්තනවා ඔය ගහ ගැනිල්ල යැයි කියමින් කෑ ගැසුවද තමන්ගේ කාරියට සිත යොමු කරගෙන සිටි ඩබලට එය ඇසුනේ නැත. ආපහසු හැරුනු විකියා තමන්ගේ පාඩුවේ නැවතත් පුටුවේ ඉදගෙන නාමලේඛනය ලකුනු කරන්න ගත්තේය. කොල්ලන් අපහසුවෙන් මේ අලි දෙදෙනාව බේරා ගත්තේය. අහින්සක සම්පාගේ මුන් ඉදිමෙන්නට පාරක්ද වැදී තිබුනි. ඩිලාගේ මූනද ගලියාගේ තොලද පැලී තිබුනේය. ඒ විකියා වලිය බේරු හැටිය. පසුව මහියාත් සමහ පන්තියට පැමිනි විකියා කවුද අර ගහ ගත්තු දෙන්නා කියා ඇසුවේ තමා අහලකවත් නොසිටි ලෙසය. වැඩි පුරස්නයක් නොවී ඒ සිද්දිය අවසන් වුයේ විකියාගේ වැඩ නිසාය.


දැන් අපේ ගලියාගේ අවාරෙට පොල් වැටෙන ගසේ පොල් වැටෙන්නේම නැත. එනම් ඌ මාස කිහිපයකින් පාසලට පය තියා නැත. එම නිසාදෝ අප පන්තිය සාමකාමී තැනක් බවට පත්වී ඇත.


එවැනිම තවත් සිද්දියක් වාර්තා වූයේ ඊට මාස දෙකකට පමන පසුය. ඒ පොලිටිකල් කාමරය තුල ගෟව්වත් බුදයත් අතර ඇති වූ ගැටුමයි. පෙර සේම වලිය අවසන් වන තුරු බලා සිටි විකියා. උන් දෙදනාව පන්තියෙන් එලවා දමා තිබුනි. බුදයාගේ තාත්තා අප පාසලේම ගුරු බවතෙකි. බුදයා අහින්සකයා බව හැම දෙනාම දන්නා කරුනක් වුවත්. ඔහුගේත් ගෟව්වාගේත් වලියට හේතුවන්ම් සිතා ගත නොහැක. ගෟව්වා හැ බුදයා පන්ති දෙකක දෙදෙනෙකි එකෙක්වත් අපේ පන්තියෙ සිටියෙ නැත.


 සෑම පන්තියක්ම පොලිටිකල් වැනි කාණ්ඩ විෂයන් සදහා යන්නේ එකටය. සිද්දිය කන වැටුනු බුදයාගේ ආදරනීය පියා මොහොතකින් පැමින තිබුනි. බුදයාගේ පියාට වඩා දෙගුනයක් විශාල ගෟව්වාගේ කොලරයෙන් අල්ලන්ට බැරි නිසාම කලිසමෙන් අල්ලා ඇද මොන මොනවාදෝ කියෙව්වත් ගෟව්වාටවත් ඒවා හරියට ඇසී නැත. විකියාගේ වලිබෙරුම එලෙස විය.


එක් අතකට විකියා නිවැරදි යැයි කිව හැක. ගහ ගන්න දෙදෙනාව මගින් නැවත්තුව විට නැවතත් උන් දෙදෙනා එක්මනින් ආයෙත් වලියක් දා ගන්නට ඉඩ ඇති බැවින් ඇති තරම් ගහගන්නට දී බලා සිටිම හොද වැඩකි.


ප.ලි. මේ පොස්ටුව කෙටුවේ පොඩි ශානා විසිනි. ලොකු ශානා සහ පොඩි ශානා පටල ගැනීම නොකරන ලොස ඉල්ලා සිටිමි. අපගේ මේ අහින්සක උත්සාහය මල් පල ගැන්වීමට මිතුරු ඔබලාගේ උදව් අවශ්‍ය බැවින් පොස්ටුවේ හොද නරක පිලිබද කොමෙන්ටුවක් කොටන්නට අමත නොකරන ලොස ඉල්ලා සිටිමි