Showing posts with label සිතැත්තියට ලියූ කවි. Show all posts
Showing posts with label සිතැත්තියට ලියූ කවි. Show all posts

Tuesday, November 5, 2013

පෙරුම් පුරනවා මම මුළු හදවතින්ම....


නෙත් පියන් පියවෙන විට
මැවෙන සුන්දර සිනහව
දැකගන්න හැබැහින් නිතරම...
පටලවන් අපෙ දෙඅත්
සැදෑ හිරු රැස් තුලින්
ඇවිද යන්නට දුරින් දුරට...
සිරි සිරි පොද වැස්සක
මල් මල් පුංචි කුඩය යට
රුදෙන්නට ඔබෙ ලගින්ම...
අරගන්න මගෙ ලගට
හැමදාම සෙනෙහසින්
තුරුලුකර ආදරෙන්...
බැද මාල හත ගෙලේ
පුංචි මනමාලියක් කර
කැන්දාගෙන එන්න...
පෙරුම් පුරනවා මම මුළු හදවතින්ම......