ලොකු ශානා දේශපාලනය ගැන කතාකරන්නේම නැත. පුද්ගලික අදහස් කෙසේ උවත් ඒ පිළිබද කෑගසා කියන්නට යන්නේ නැත. කාලයක් තිස්සේ මුහුණුපොතේ සිටියද, මසකට වඩා කාලයක් පුරාවට අටවාගත් බ්ලොගයේ විවිධ මාර්තුකා හරහා පෝස්ටු ලිව්වද දේශපාලනයට ලගින් හෝ යන කිසිවක් ලිව්වේ නැත. පසුගිය කාලය තුල සියලූම මාධ්‍ය හා බ්ලොග් ලෝකයේ බොහෝ දෙනෙකු කතාකල මාර්තුකාවක් වූවේ "ගුරුවරියක් දන ගැස්වු" සිද්දියයි. බොහෝ දෙනා විවිධ මත පලකරද්දී සියල්ල හොදින් කියවමින් ලොකු ශාන නිහඩවම සිටියේ පුද්ගලික මතය හිත ඇතුලේම රදවාගෙනය. මේ සිද්දිය සියල්ලන්ටම සිහිගන්වන සිද්දියක් ඊයේ දිනයේ සිදුවිය.
ලොකු ශානාගේ අතිජාත මිතුරෙකුගේ නිවසේ රාත්‍රී භෝජනයකට ආරාධනාවක් ලැබුනි. රාත්‍රී අටට පමණ තවත් මිතුරෙකු සමග ඔහුගේ නිවසට ගිය මට අඩපැයක ටෙලිනාටක කොටසක් දකින්නට ලැබුනි. අමතකව ගිය සිද්දිය මතකයට නැගුනේ එවෙලෙහිය. කිසිදිනක දේශපාලනය ගෑවීවත් ඇති දෙයක් සම්බන්දව පෝස්ටුවක් කොටන්නට අදහසක් සිත්කොනකවත් නොතිබුනද මේ පිළිබදව නොලියා ඉන්නට ගත් උත්සාහය බිදදමමින් ලියපන් ලියපන් යැයි හිත කියන්නට වූ බැවින්ම ලියන්නට සිතුවේය.
කෝපි කඩය කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලාංකීයයන් ආදරයෙන් වැලදගත් කතාමලාවක් බව නොරහසකි. මතක ඇති කාලයක පටන් කෝපි කඩය ගැන මම අසා ඇත. විටින් විට නරබා ඇත. එදිනෙදා සිදුවන සිදූවීම් මුලකරගෙන ඒ වටා ගෙතෙන්නාවූ කතන්දරයක් හරහා රසික හිත්වලට පණිවිඩයක් දෙන්නට ගන්නා උත්සාහයක් ලෙස අදටද කෝපි කඩය මම දකින්නේය. යම් යම් දේවල් සාදාරණීය කරනය කරන්නට උත්සාහ ගන්නා අවස්තාද ඉදහිට දකින්නට නැතුවාම නොවේය. ඒවායින් වැඩක් නැත මේ ඊයේ දිනයේ අහම්බෙන් නෙත ගැටුන කෝපි කඩයේ කතාවයි.
සත්‍යලෙස සිදුවූ කතාවට ලෙසටම ගැනපෙන්නට මන්තිරියාගේ පුත්තරයාට පාසලේ ඉංගිරීසි ගුරා පහර දී ඇත.(දඩුවම්කර ඇත්තේ කිසියම් පුංචි වැරද්දකටය) සිද්දිය ආරම්භ වන්නේ ඉන් පසුවය. ඉංගිරීසි ගුරා පිටගම් කාරයෙකි. ඔහුත් සමග පුද්ගලික අමනාම කම් ඇති දෙතුන් දෙනෙකු මෙයින් ප්‍රයෝජන ගන්නට උත්සාහ ගනී. ගමේ හයි කාරයෙකුත් උසිගන්වාගෙන ගමපුරා කැලෑපත්තර ගසයි. පිකටින් එකකටද සූදානම් වෙයි. කොළඹ සිටින මන්තිරියාට සිද්දිය ආරන්චි වූ විට ඔහු තම ලේඛම්ට පවසන්නේ තමන් එන තුරු කිසිවක් සිදුවන්නට නොදෙන ලෙසයි. කුහුල වැඩි වන්නේ එවිටය. සත්‍ය සිද්දියද මතකයට නැගුනේ එවේලේයි. ඒ අස්සේ ඇඩ් දෙක තුනක්ද යයි. වැරදුනාය කතාව යන්නේ ඇඩ් අස්සේය.
ගුරාට පක්ෂ කිහිප දෙනෙකුත් ගමේ සිටී. ඒ ගමේ දැනමුත්තන්ය. ගුරාට විරුද්දව කැලෑපත්තර ගැහුවාට ගුරුවරු වැඩ වර්ජනය කලේ නැත. ඒ අතින් ඔවුන් නියමය. කට්ටිය ගුරාගේ ගෙදර සාකච්චාවකය. පිකටින් එක කරන්නන් ගුරාගේ ගේ ඉදිරියටම පැමිණ කෑ ගසයි. පිකටින් එක පටන්ගන්නට පෙර සිදුවූ සාකච්චාවක් මතකයට එන්නේ දැන්ය.
"ඔය පිකටින් කරන එක මහලොකු වැඩක් නෙමේ කෑ ගහන්න ඕන ටික ටයිප් කරල ප්‍රින්ට් කරා බෙදල දුන්න. ඕකට එන උන් කෑ ගහන්නෙ ඒක බලාගෙන. තියෙන්නෙ මොනවද කියල උන්ට වැඩක් නෑ"
ඔන්න ඔය වගේ කතාවක්ය. ඇත්තය පිකටින් එකට එනඋන් අතට දෙන කොලය බලාගෙන ගිරිය කඩන් කෑ ගසයි. එහි ඇත්තේ මොනවාදවත් නොදනී.
වැඩේ දැන් දැන් නැගලාම යයි. මොන මගුලක්ද මන්දාය. මේ කතාවක් නිසා ඇඩ් ටික හරියට බලාගන්නත් නැත. අතරින් පතර කතාවේ කෑලි දමයි. ආයෙත් කතාව. පිකටින් එක නැගලාම යයි. ඒ අතරේ කෙනෙකු පොලෝසියටද කෝල් කරයි. පොලොසියෙන් එයි. කදුළු ගෑස් නැත. බැටන්පොලු නැත. කතාවෙන්ම පිරිස විසිරෙයි. ඒ අතරේ මන්තිරියාගේ ලේඛම් තැන ගුරාට මන්තිරිය බැහැදකින්නට එන්නයැයි පණිවිඩයක් ගෙනෙයි.
ගුරා මන්තිරියාගේ නිවසෙහිය. ඉහින් කනින් දාඩිය දාගෙනය. ගොඩ දැමූ තිත්ත පැටියෙකුමෙන් ගැහෙන්නේ බයටනම් නොවේය. දාඩිය දා ඇත්තේද රස්නය නිසාය. එහෙත් දෙන බීම වීදුරුව බොන්නේද නැත. ඒකනම් අපාරාදේය. මේ අතර ඌරන් කැකුණ තලන තුරු හබන් කුකුලන් රැලක්ද බලා සිටී. මන්තිරියා එයි. ගුරාට කතා කරයි. ගුරාද වෙව්ල වෙව්ලා වැරුද්දට සමාව ඉල්ලයි. අපොයි...! සිද්දිය පෙරලෙන්නේ වෙන පැත්තකටය. මන්තිරියා සමාදානයෙන් කතා කරයි. ගුරා වැරුද්දක් කර නැත. කොල්ලාවද ගෙන්වා ගුරුවරයාට වන්දවයි. මන්තිරියාගේ ඇබේනිය මරුම කතාවක් කියයි.
"අපි ළමයව කොළඹ ඉස්කෝලෙකට නොදා ගමේ ඉස්කෝලෙට දැම්මෙ ළමයට හොද ගුණදර්ම උගන්වන්න ඕන නිසයි"
අනේ වාසනාවන්. කොළඹ ඉස්කෝලවල එතකොට ඔය කියන ගුණදර්ම උගන්වන්නේ නැද්දැයි රූපපෙට්ටියට රින්ගා අසන්නට සිතුනේය. සිද්දිය අවසන්ය. මන්තිරියා හා ඇබේණියත් ගුරාට වදී. දැන්නම් දාඩිය දාන්නේ නැත. වෙව්ලන්නේද නැත. කැකුණ තැලුනේ නැති නිසා හබන් කුකුලන් පව්ය. ගුරා දැන් මන්තිරියාටත් උඩින්ය. උපදෙස් මාලාවක්ම දෙයි. අනේ අපොයි කියා සිතුනේ ඒවා බලාන්නේ රටේ තොටේ ඉන්න පොඩි පහේ මිනිසුන් පමණක් නිසාය. ඔය කියනා කතා අපේ ලොකු තැන්වල ඉන්නා අයද බලන්නේනම් නියමය. පරහට ඇත්තේ ද එයමය.
අවසන කියන්නට ඇත්තේ එක්දෙයකි. සත්තයි මෙය විවේචනයක් නම් නොවන්නේය.

කෝපි කඩේ උඹ වගේ වැරදිලා බලන අය ඇරෙන්න වෙන අය බලන්න්නේ නෑ මං හිතන්නේ.
ReplyDeleteඅර රූපවාහිනියේ ඉස්සර ගිය "අපේ ගම" මතකද?
පරණ උදවිය තාමත් ඕක බලනව බං. ඒකනෙ මට අහම්බෙන් හරි ඇහැ ගැහුනෙ.
Deleteඅපේ ගමත් ලාවට වගේ මතකයි. මං ඔය රූපපෙට්ටිය අත ඇරල සෑහෙන කල් බං ඕකෙ යන ජවුසන් මට පේන්න බෑ. ඒ හින්දම යන හොද වැඩසටහනක් වත් බලන්නෙ නෑ.
සිරාවටම ටීෘවී නං දැන් අපෝ වෙලා තියෙන්නේ . අපේ ටීවි එක කැඩුනට පස්සේ මම හැදුවේ නැ .
Deleteඅපේ ගෙදර ටීවී එක අයින් කරෙත් මං උ/පෙළ කරන කාලෙ අටං. එදයින් පස්සෙ ඉතින් ඔය කොහෙහරි ගියපු වෙලාවක දාල තියෙන ටීවී එකක් නොබල බැරිකමට බැලුවොත් ඇරෙන්න බලන්නෙ නෑ.
Deleteසිරාවට අපේ ගෙදරත් දැන් අවුරුදු 4 කින් විතර TV බැලීමක් නැහැ..( කෝපි කඩේ නම් එපාම කරපු දෙයක් එදා ඉඳන් ..)
DeleteHabai TV eke yana hama jausamakma balannathuwa, ona karana de witharak baluwanam harine....
ReplyDeleteKiuwata mokada ape TV eka kaduneth mama O/L karannath masa 6,7 kata udadii.. eth thama eka genawe na... TV eka hadapu kenath hambena hambena warayak gane ekama mathak kara kara geniyanna kiyanawa... Eth koheda ithin .................