බෝ දුරක් ඇවිද ආ
අතීතය සුන්දරයි
සිනහවෙන් පිරි දින
ගෙවී ගොස් ඇති හැඩයි
තුන්යමේ අවදියෙන්
අද මගේ සිත හඩයි
දැනුනාද නුඹට එය
මගෙ පුංචි සමණලී...
මම දුප්පත් සමණලයෙක්
දැන සිටිය නුඹ හොදට
පියබලා බොහෝ දුර
රිදෙන අත්තටු වලින්
වෙහෙසිලා සිත මගේ
රිදුම් දෙයි මුළු ගතම
සිතේ සවි වඩාගෙන
යමි තවත් බොහෝ දුර...
අරගන්න නුඹ ලගට
මම නේක දුක් විදිමි
නොවේ එය මට දුකක්
දකින විට ඔබෙ මුහුණ
දැන දැනම හැම දේම
නගන විට දොස් මෙමට
සගවන්න කදුළු කැට
හැකිවේද මගෙ නෙතට...

ජය වේවා ලොකු ශානා..
ReplyDeleteතැන්කූ සෑම...
Deleteලස්සනයි මල්ලී...
ReplyDeleteස්තූතියි තරු අක්කෙ. ඒ කියන්නෙ අපිටත් කවි ලියන්න පුළුවන් ඈ.
Deleteලස්සණ යි - අදහසත් සුන්දර යි....
ReplyDeleteස්තූතියි දිලිනි. අදහස දුක්බරයි එහෙම කිව්වොත් නේද වඩා හරි.
Deleteලස්සන පද වැලක්...
ReplyDeleteඅදමයි ආවේ මේ පැත්තට.. ජය වේ! දිගටම ලියන්න..
ස්තූතියි චින්තක.
Deleteආදරයෙන් පිළිගන්නව සිතැගියාවට. දිගටම එන්න.