Friday, October 4, 2013

ළ.ක්‍රි.වී.යේ ආදරණීයයන් සමග ආදරණීය දින දෙකක් - 2

පසුගිය පෝස්ටුවෙන් බණ්ඩාරවෙල දක්වා ගිය ගමනත්. අඩිෂම් මන්දිරය හා සිදුපියනිල ගැනත් කිව්වනෙ. කියවපු නැති අය ඉන්නවනම් දැන්මම මෙතනින් ගිහින් කියවල එන්න.

දිවා ආහාරයෙන් පස්සෙ සිදුපියනිලට සමුදුන් අපි කදුකරයේ තවත් සුන්දර ඉසව්වක් හොයාගෙන ගන් ආරම්භ කලෙමු. මාර්ගය දැන සිටියේ ගමනට සහභාගීවූ පියතුමන්ලා දෙදෙනා පමණි. ඉසව්වක් නොදත් ඉමක් කරා දුශ්කර මාර්ගයක අපි ගමන් කලෙමු. දහඅට වංගු සිහිපත් කරවන වැලමිටි වංගු ගනානවක් පසු කරමින් පුංචි මාර්ගයක අති දුශ්කර ගමනක ගමන් කලේ අවසන දකින්නට බලාපොරොත්තුවූ සුන්දර දර්ශනය සිතෙහි දරාගෙනය.
දුෂ්කර මාර්ගයේ වැලමිටි වංගුවක

දුශ්කරතා මැඩගෙන අපි ගමනේ අවසානයට ලගා වීමු. ඒ අන් තැනකය නොව අඩි 790ක් ඉහල සිට ඇද හැලෙන බඹර කන්ද දිය ඇල්ල අසලටය. වාහනයෙන් බැසගත් සියල්ලන්ගේ නෙත් සිත් පැහැර ගන්නට දිය ඇල්ල සමත් වූ බවනම් කිව යුතුමය.


ඈතට පෙනෙන දිය ඇල්ල

බඹර කන්දේ වික්‍රමය ඇරබුනේ ඉන් පසුවය. සවස්වී තිබුනත් කෙතරම් සීතලක් තිබුනත් දිය ඇල්ලේ නාන්නට උවමනා විය. ඇල්ල අසලට යන්නට වහාන නැවතුමේ සිට තරමක දුරක් කන්ද උඩට නැගිය යුතුය. අත් හකුලාගෙන කටු අනින්නාක් මෙන් සීතල වතුරේ ගිලී නාන්නටත් අප අමතක නොකලෙමු. වරක් දෙකක් ගිලී උඩ ආ විට සීතල පහව ගියක්මෙන් කිසිවක් නොදැනෙන්නට මුළු ඇගම හිරිවැටී තිබුනි. තවත් මොනවා කතා කරන්නද සීතල අමතක කරමින් ජල ක්‍රීඩා ඇරඹුනි.



දිය ඇල්ලට පාගමනින්





පැයක් පමණ බඹර කන්ද අසල ගත කල අපි බුත්තල බලා ගමන් ආරම්භ කලෙමු. එදින රාත්‍රිය ගත කිරීමට තීරණය කරගෙන තිබුනේ බුත්තල සුබසෙත් ගෙදරය. රාත්‍රී අට පමණ වන විට බුත්තලට ලගා වීමට හැකි විය.

බුත්තල සුබසෙත් ගෙදර, ගරු මයිකල් පෝල් රුද්‍රිගූ නිමනි පියතුමාගේ වාසස්තානය විය. 1927 ජුනි 30 උපන් පියතුමා සහසිකයකුගේ වෙඩි පහරකින් 1987 නොවැම්බර් 10 වන දා මෙලොවින් සමුගත්තේ ය. ආගමික සහජීවනය මෙන්ම දුප්පත් මිනිසුන් වෙනුවෙන්ද කැපවුන පියතුමා ආචාර්ය උපාධි දෙකක්ද ලාබ සිටියේ ය. ආගම් සියල්ල ගැන මානා දැනුමකින් යුතු වූ පියතුමා පන්සලේ බෞද්ධ ධර්මය දේශනා කල බවද අසන්නට ලැබුණි. 

පියතුමන්

පියතුමා ජීවත්වූ ස්ථානය

එදින රාත්‍රිය බුත්තල සුබසෙත්ගෙදර ගත කල අපි පසුදා උදෑසන ආහාරයෙන් පසු මැණික් ගගෙන් දිය නෑමට ගියෙමු. ආවාසනවන්තම කරුනනම් එම ස්ථානයේ කිසිදු ඡායාරූපයක් කිසිවෙකුගේ කැමරාවක සටහන් නොවීමයි. පැය දෙකක පමණ දිය කෙලියෙන් පසු අපි දිවා ආහරයට නැවතත් සුබසෙත්ගෙදරය පැමිනියෙමු. දිවා ආහරයෙන් පසු සුබසෙත් ගෙදරට සමුදී කොළබ බලා එන්නට පිටත් වීමු.

ආපසු එන අතර මග නිතර අසන්නට ලැබෙන ස්ථානයක මග සලකුණු දුටු අපි එම ස්ථානය නැරබීමට ඒකමතික තීරනයෙන් ආපසු හැරුනෙමු. ඒ අන්කිසි තැනක් නොව කවුරුත් හොදින් දන්නා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලයි.


 ගුවන් තොටුපල දක්වා වැටී ඇති මාර්ගය


  ගුවන්තොටුපල ඉදිරිපිට




 ඇතුලත දර්ශනයන්



ටොයිලට් එකේ පොටෝවක් ගහගන්නත් අපේ අය අමතක කරල නැහැ 



ඇතුලත තවත් දර්ශනයන් 


 ලංකාවේ අපේ අයගේ වැඩ කිඩ

ගුවන් යනාවක් දකින්නට නැති උවද පැයක පමණ කාලයක් අපි ගුවන් තොටුපලේ ගත කලෙමු. අවසන දින දෙකක චාරිකාව නිමා කරමින් අපි රාත්‍රී දහය පමණ වන විට මරදාන ජාතික කාර්යාලයට ලගා වීමු.

ප.ලි.

පෝස්ට් එක පමාවීම ගැන බලවත් කණගාටුව.

4 comments:

  1. අපූරු චාරිකාවක් වගේ....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දිලිනි අපූරු චාරිකාවක්.

      Delete
  2. Hai shana aiya..... sahena kaleka passei me paththata aye awe.... oya honadama kathawa kiyala nane....
    kohomada frige ekak asse inadala oven ekak assata yanakota danunu saneepaya ehema...?

    ReplyDelete
    Replies
    1. හෙ හේ. ඒ ගැන මං කියන්න ඕන නෑ මලය. දන්න අය දන්නව බණ්ඩාරවෙල සීතලයි, බුත්තල පැත්තෙ රස්නෙයි ගැන හොදට.

      Delete