ඊයේ හවස අපේ අයියා (ලොකු ශානා) ක්‍රිකට් ක්‍රිඩා කොරන්ට ගොස් ආපසු ගෙට ගොඩ උනේ අඩේ අපිත් බ්ලොගයක් හදමුද කියාගෙනය. දවස් කිහිපයක සිට ලොක්කා සයිබරයේ බ්ලොග් පීරමින් සිටි බව මට මතකය. කෙසේ නමුත් ලොක්කා තමන්ගේ බ්ලොගයට ලොග් වෙන අවස්ථාවේ ඒ දෙස බලා සිටි මම දුටුවේ 2010 වසරේ අග බාගයේ නිර්මාණය කොර ඇති බ්ලොගයකි. යකෝ මම සාපේ ලියලත් නෑනේ ඒ වෙනකොට. කෙසේ හෝ එසේ නිර්මාණය කර තිබූ බ්ලොගය ඒ දවස් වලම ඇනහිට ඇත. ඊයේ රාත්‍රියේ ම නිදා ගැනීමට යන විට ලෙකු ශානා පොස්ටුවක් කොටමින් සිටි බව මට මතකය. එය මා දුටුවේ උදේ මේ පැත්තේ ආ විටය.
අද උදෑසන කාගේ හෝ බෙරිහන් දීමකින් උඩ ගොස් අවදි වූ මම මාගේ දුරකථනය ගෙන බෑලුවිට පාසල් යාමට තරම් වාතාවරනයක් නැතිබව දුටිමි. වෙනදාට උදේ වලිගේ ගිනි ගත් හනුමා සේ ගෙදරින් පිටව යන වේලාවත් පසු වි ඇත. ගෙදර ඉන්නවාට වඩා ස්කෝලෙ යන එක සුපිරිය. ස්කෝලේ ගොස් කුමක් හෝ බාල්දියක් පෙරලා චාටර් වෙන එක ගෙදර ඉන්නවාට වඩා ජොලිය. ස්කෝලේ වෙච්ච සිද්දි ගැන හිත හිත ඉද්දි මතක් වූ එක් සිද්දියක් බ්ලොග් පොස්ටුවක්ට හරවන්නට අදහසක් ආවේ එවිටය.
සිද්දිය අපේ පාසලේ ආදරණිය ගුරු බවතෙක් සම්බන්දවය. විකී යන අනවර්ත නාමයකින් හදුවන්න ඔහු කෙල්ලන්ගේ කෙසේ වෙතත් කොල්ලන්ගේ හොද මිතුරෙකි. සිසුන් පාලනය කිරීමේදි විශේෂ දුර්වලතාවයක් දක්වයි. ඒ ඔහුගේ හැටිය.අපේ පන්තියේ ගලියා සහ ඩිලා නයි වෛරක්කාරයෝ දෙදෙනෙකි. ගලියාගේ විකාර නිසා ඌත් සමග අමනාප නොවු කිසිවෙක් පන්තියේ සිටියාද යන්න සැක සහිතය. ගලියා ඇග පතින් අපේ පන්තියේ සිටි ලොකුම එකාය. ඩිලාට වලි පෙන්නන්ට බැරිය. වලියක් දුටු තැන පැන පැන දෙන ගතියක් ඌ තුල විය. නිකමටවත් ඌ මේ පෝස්ටුව කියෙව්වොත් මට ලුනු ඇබුල් ඇතිව සුද්ද සිංහල පාඩමක් කියා දෙන බව සුවර්ය. පොඩි කාලේ අපේ උන් ගහ ගත්තේ, පැන්සලක්, මකනයක්, පුටවක් හෝ මේසයක් වැනි අජීවී ද්‍රව්‍ය වලට බව මට මතකය. ඒ 4 5 වසරවල් වලය. ටිකක් වැඩුනු විට ජීවී වස්තූන් වෙනුවෙන් වලි දා ගැනීම සාමාන්‍ය දෙයක් විය. නමුත් මා අකමැතිම දෙයද එයමය.
කෙසේ නමුත් ගලියා සහ ඩිලා 4 පන්තියේ වැඩක් කලේ 12 පන්තියේ වීම කනගාටුවට කරුනක් නොවේද. මුන් දෙදෙනාගේ හැටි දන්න නිසාම අපේ සාමූහික කොල්ලන් සැට් එක මුන් දෙදෙන පුලුවන් තරම් ඈත් කොර තබන්නට වෙහෙස ගත් හැටි මට මතකය. අවාරෙට පොල් වැටෙන්නේ කෙසේද එසේම පාසල් එන පොරක් වු ගලියා එදා උදෑසන ඩිලා සමහ පැටලුනේ පුටවක් නිසාය. දෙදෙනා අම්බානෙට මරා ගත් අතර විකියා අද ගොලු බීරියෙක් සේ නාම ලේඛනේ ලකුනු කරමින් සිටියේය. අපේ අහින්සක පන්ති නායක තුමා විකියාට කෑ ගසන තුරු ඔහු හැරුනේවත් නැත
වලිය සිදු වෙමන් සිටි තැනට ලගා වු විකියා නවත්තනවා ඔය ගහ ගැනිල්ල යැයි කියමින් කෑ ගැසුවද තමන්ගේ කාරියට සිත යොමු කරගෙන සිටි ඩබලට එය ඇසුනේ නැත. ආපහසු හැරුනු විකියා තමන්ගේ පාඩුවේ නැවතත් පුටුවේ ඉදගෙන නාමලේඛනය ලකුනු කරන්න ගත්තේය. කොල්ලන් අපහසුවෙන් මේ අලි දෙදෙනාව බේරා ගත්තේය. අහින්සක සම්පාගේ මුන් ඉදිමෙන්නට පාරක්ද වැදී තිබුනි. ඩිලාගේ මූනද ගලියාගේ තොලද පැලී තිබුනේය. ඒ විකියා වලිය බේරු හැටිය. පසුව මහියාත් සමහ පන්තියට පැමිනි විකියා කවුද අර ගහ ගත්තු දෙන්නා කියා ඇසුවේ තමා අහලකවත් නොසිටි ලෙසය. වැඩි පුරස්නයක් නොවී ඒ සිද්දිය අවසන් වුයේ විකියාගේ වැඩ නිසාය.
දැන් අපේ ගලියාගේ අවාරෙට පොල් වැටෙන ගසේ පොල් වැටෙන්නේම නැත. එනම් ඌ මාස කිහිපයකින් පාසලට පය තියා නැත. එම නිසාදෝ අප පන්තිය සාමකාමී තැනක් බවට පත්වී ඇත.
එවැනිම තවත් සිද්දියක් වාර්තා වූයේ ඊට මාස දෙකකට පමන පසුය. ඒ පොලිටිකල් කාමරය තුල ගෟව්වත් බුදයත් අතර ඇති වූ ගැටුමයි. පෙර සේම වලිය අවසන් වන තුරු බලා සිටි විකියා. උන් දෙදනාව පන්තියෙන් එලවා දමා තිබුනි. බුදයාගේ තාත්තා අප පාසලේම ගුරු බවතෙකි. බුදයා අහින්සකයා බව හැම දෙනාම දන්නා කරුනක් වුවත්. ඔහුගේත් ගෟව්වාගේත් වලියට හේතුවන්ම් සිතා ගත නොහැක. ගෟව්වා හැ බුදයා පන්ති දෙකක දෙදෙනෙකි එකෙක්වත් අපේ පන්තියෙ සිටියෙ නැත.
සෑම පන්තියක්ම පොලිටිකල් වැනි කාණ්ඩ විෂයන් සදහා යන්නේ එකටය. සිද්දිය කන වැටුනු බුදයාගේ ආදරනීය පියා මොහොතකින් පැමින තිබුනි. බුදයාගේ පියාට වඩා දෙගුනයක් විශාල ගෟව්වාගේ කොලරයෙන් අල්ලන්ට බැරි නිසාම කලිසමෙන් අල්ලා ඇද මොන මොනවාදෝ කියෙව්වත් ගෟව්වාටවත් ඒවා හරියට ඇසී නැත. විකියාගේ වලිබෙරුම එලෙස විය.
එක් අතකට විකියා නිවැරදි යැයි කිව හැක. ගහ ගන්න දෙදෙනාව මගින් නැවත්තුව විට නැවතත් උන් දෙදෙනා එක්මනින් ආයෙත් වලියක් දා ගන්නට ඉඩ ඇති බැවින් ඇති තරම් ගහගන්නට දී බලා සිටිම හොද වැඩකි.
ප.ලි. මේ පොස්ටුව කෙටුවේ පොඩි ශානා විසිනි. ලොකු ශානා සහ පොඩි ශානා පටල ගැනීම නොකරන ලොස ඉල්ලා සිටිමි. අපගේ මේ අහින්සක උත්සාහය මල් පල ගැන්වීමට මිතුරු ඔබලාගේ උදව් අවශ්‍ය බැවින් පොස්ටුවේ හොද නරක පිලිබද කොමෙන්ටුවක් කොටන්නට අමත නොකරන ලොස ඉල්ලා සිටිමි

No comments:
Post a Comment