ගොඩ කාලෙකින් සිතැගියාව පැත්තට ඔලුව හරවන්න හම්බුනේ ඉස්කෝලෙ යන්නෙ නැතුව ගෙදර හිටපු එකම එකම දවසක. අනේ ලස්සනට ලියාගෙන ආපු බ්ලොග් එක පාලුවට ගිහින්. ලොකු ශානාත් මේ දවස්වල හරි බිසී. ජොබ් එක හින්ද නිවාඩු වෙලාවක් නෑ. මමත් මේ අවුරුද්දෙ ලොකු ලෙවල් ලියන්ඩ ඕන හින්ද මේ පැත්තෙ එන්න වෙලාවක් එන්නෙම නෑ. පහන් තාරක 4වෙනි කොටස ලොකු ශානා ලියන්න අරගෙන මගින් නවත්තල තියෙනව මම දැක්ක. කොහොම නමුත් මම ලොකු ලෙවල් ලියල ඉවර උන ගමන් ආයෙ මේ පැත්තට එන්ටර් වෙනව. පොස්ට් ගොඩක් ලියන්න පුලවන් දේවල් තිබුනත් ලියන්න වෙලාව නෑ. බ්ලොග් එකට එන යන අයගෙන් ඒ පිලිබදව සමාව අයදිනව.
සයිබරයේ කට්ටිය එකතු වෙන තවත් දවසක් එනවලු. අවුරුදු උත්සවයක් තියනව කියල මගේ මේල්ලුවට මේල් එකක් ඇවිත් තිබ්බ. ඉතින් එදාට එන්ඩ ලොකු උත්සහයක් ගන්ඩ ඕන. කොහොමහරි කරල එන්ඩ තමා බලන්නෙ. ඉතින් සිතිගැයාවත් එක්ක අත්වැල් බැදගත්තු ඔයාලගෙන් මම ආයෙත් වතාවක් සමාව ඉල්ලනව. ආයෙත් පාරක් පෝස්ට් එකක් ලියල කොමෙන්ට් වැටෙන හැටි බලල සතුටු වෙන්න අපි ආයෙත් එනව. මේ කාර්යබහුල ජීවිතෙන් චුට්ටක් විතර නිදහස් වෙනකන්. එතක්න් ඔය හැමෝටම ජය වේවා.
--මම පොඩි ශාන්--

ඔය එනවා කිව්වම ඒ ලෙවල් ලිව්වාම තව වැඩ එනවා.. මේක අමාර්ුවෙන් ලියන් න හිතනවාට වැඩිය අමාරුනම් නොලියා ඉන්නවා නං ඒත් කමක් නැහැ.
ReplyDeleteනිකන් රෝන් ටෝක් දීල අධෛර්යමත් කරන්ඩ එපා හලෝ
Deleteඑහෙනම් ඉතින් ඉඩ තියෙන වෙලාවක නිදහසේ ලියමුකෝ..
ReplyDeleteඑකෙන්ම
Deleteමුලින් ඒ ලෙවල්ස් ගැන හිතන්නකෝ..පස්සෙ පුලුවන් බ්ලොග් එක පැත්තෙ එන්න :)
ReplyDeleteඔව් ඒ කතාව ඇත්ත :)
Delete