Tuesday, November 5, 2013

පෙරුම් පුරනවා මම මුළු හදවතින්ම....


නෙත් පියන් පියවෙන විට
මැවෙන සුන්දර සිනහව
දැකගන්න හැබැහින් නිතරම...
පටලවන් අපෙ දෙඅත්
සැදෑ හිරු රැස් තුලින්
ඇවිද යන්නට දුරින් දුරට...
සිරි සිරි පොද වැස්සක
මල් මල් පුංචි කුඩය යට
රුදෙන්නට ඔබෙ ලගින්ම...
අරගන්න මගෙ ලගට
හැමදාම සෙනෙහසින්
තුරුලුකර ආදරෙන්...
බැද මාල හත ගෙලේ
පුංචි මනමාලියක් කර
කැන්දාගෙන එන්න...
පෙරුම් පුරනවා මම මුළු හදවතින්ම......

6 comments:

  1. අපිත් ඉතිං සුභ පතනවා වැඩේ ගොඩ දාගන්නකෝ...

    ReplyDelete
  2. පුරන පෙරුම් ඉටු වේවා'යි පතනවා ඉක්මනින් ම.

    ReplyDelete
  3. ඔරුවකම නග්ගගෙන වරෙන් කොල්ලෝ.

    ReplyDelete
    Replies
    1. මුහුද අයිනෙවත් හිටියනම් ඔරුවක නග්ගන් එන්න තිබුන. අඩුම තරමෙ වැවක්වත් නෑ ඒ පැත්තෙ.

      Delete