ගොඩ කාලෙකින් පෝස්ට් එකක් ලියන්නත් බැරි වෙච්චි එකේ මට වෙච්චි පොඩි සින් කොන් එකක් ලියන්න කියලයි කල්පනා කොලේ. අති පණ්ඩිත වර්ගයේ පච ටෝක් දෙන්න ගිහින් ඇදගෙන නාල පල් වෙච්චි සීන් එකක්.
මම හැමදාම ස්කොලේ යන්න
හන්දියට වෙලා ඉන්න කොට දෙයියන්ගෙ පිහිටයි කියල හැමදාම උදේට ආතල් එකේ ඉස්කෝලෙ යන්න
ඉන්ටර්සිටියක් හන්දියෙන් යනව. අපේ පැත්තෙ පරසිද්ද මන්ත්‍රී කෙනෙක්ට අයිති බස් එකක්
ඒක. ඔය බස් එකේ උදේට වැඩිය සෙනග නෑ. ඇයි යකෝ මොන පොල් බූරූවද උදේ සීතලේ ඒ.සී. බස්
එකක යන්නෙ දෙගුනයක් සල්ලි දීල. අපිටනම් ඕව අදාල නෑ අපෙන් කොහොමත් ගන්නෙ සමාන්‍ය
ගානමයි. පොඩ්ඩක් හොටු පෙරා පෙරා ඉන්න උනත් ආතල් එකේ ඉදගෙන ඉක්මනට ඉස්කෝලෙට යන්න
තියෙන චාන්ස් එක මිස් කොර ගන්නෙ මොන එහෙකටද. ඉතින් වෙනද වගේම පුරුදු පරිදි උදේ
හන්දියට ආවා. ජෙල් පැකට් එකක් උලාගෙන කොණ්ඩෙ හදා ගන්න කියල හන්දියට ආපු මට තරු
පෙනුනෙ හන්දියෙ කඩේ වහල තියන කොට. යකෝ ඒ කියන්නෙ අද මට ඉස්කෝලෙන් කොණ්ඩෙ කපා ගන්න
වෙන පාටක් වගේ තියෙන්නෙ. ඕන රෙද්දක් කියල ලග තිබ්බ ටැප් එකකින් වතුර ටිකක් ගාගෙන
ලාවට ෂේප් කොර ගෙන බස් එක බලා පොරොත්තුවෙන් හිටිය. එදා වැඩට යන්ඩ පරක්කු වෙච්ච
අපේ ගෙවල් ලග පොරකුත් හන්දියෙ හිටයා. මගෙ කරුමෙද තාත්තගේ කරුමෙද දන්නෙ නෑ තාත්තත්
එදා අපිත් එක්ක හන්දි හිටියා. අර අපිත් එකක් හිටිය පොර අයියා වැඩ කොරන්නෙ
පොලිසියේ. ඒ උනාට පොර පොලිස් කාරයෙක්නම් නෙමේ ඕන්. පොර ඉන්න ගමන් මාත් එක්ක කතාවට
වැටුනා
“බලනව ඕයි අද බස් නවත්තන්නෙ නෑනෙ ඉදල ඉදල පොඩ්ඩක් පරක්කු උන
හින්දද කොහෙද“
මම හිටියෙ එහා පැත්තෙ
කල්පිටිය බස් එක එනකන් ඉන්න කෙල්ලට රබර් ඇහැක් දාගෙන ඇයි යකෝ මුන් මට සැනසිල්ලෙ
කෙල්ලෙක් නමන්නවත් දෙන්නෙ නෑනේ.
“ ඔව් ඔව් අද සදුද
හින්ද සෙනග වැඩීනෙ ඒක හින්ද බස් නවත්තන්නෙ නෑ“
කියල කට ගත්ත විතරයි
කෙලගෙන ආපු වව්නියා බස් එක මෙන්න යකෝ නැවැත්තුවා. කොහෙන්ද දුවන් ආපු කෙල්ලෙක් දොරේ
හිටපු උන්ගෙ අස්සෙන් බස් එකට රින්ග ගත්ත. තව එතන හිටපු අයියා කෙනෙකුත් බොහොම
අමාරුවෙන් එක කකුලක් අස්සට දාගෙන දොරේ එල්ලුනා. ඊට එහා කූබියෙක්ට කක්ක කොරන්නවත්
ඒකෙ ඉඩ නෑ. අපි හන්දියෙ ඉද්දි බස් එක ගියා. අර පොර ආයෙ කියවන්න ගත්ත.
“ෂිහ් ඉදල ඉදල නවත්තපු
බස් එකෙත් ඇගිල්ලක් ගහන්න ඉඩ නෑ. දැන් ඉතින් බලනව මම කීයටද වැඩට යන්නෙ“
මේ බලහල්ලකො මූ කියන
කතාව මූ කියට වැඩට ගියත් මට මොකද ඇගිල්ල බැරිනම් අහවල් එක දාගෙන හරි ගියාට මට මොකද
“තව ටිකකින්
ඉන්ටර්සිටියක් එනව ඒකෙ යන්න පුලුවන්“ මම කිව්ව
“ඒක නවත්තයිද දන්නෙ
නෑනෙ“
“පිස්සු කතා කරනවද මාව
දැක්කනම් බස් එක බ්‍රේක් නැත්තන් මිසක් අනිවා නවත්තනව“ මමත් පණ්ඩිත ටෝකක් දුන්නෙ
බස් එක නවත්තනව කියල දැනගෙනමයි.
එහෙනම් කමක් නෑ කියපු
පොර ඊලගට ගාට ගාට ආපු බස් එකේ නැග්ගෙ නැත්තෙ මම කියපු ඌ කවදාවත් දැකල නැති
ඉන්ටර්සිටියෙ යන්න හින්ද. බස් එක ඈත එද්දිම අදුරගත්තු හින්ද මමත් අන්න බඩු එනව
කියල පාර පැත්තට ලං උනේ බස් එකට අත දාන්න. මෙන්න යකෝ කෙලගෙන ආපු බස් එක ලයිට් එකයි
හෝන් එකයි දෙකම ගහගෙන කාගෙනම යන්න ගියා. විලිලැජ්ජාවෙ සන්තෝසේ බෑ. ඩ්‍රයිවර්ගෙ
දෙමාපියො දෙන්නට පින් දෙන ගමන් මම අනිත් පැත්ත හැරුනා.
“ඒකද තමුසෙගෙ
ඉන්ටර්සිටිය“
පිස්සුද යකෝ මට ඉන්ටර්සිටි තියෙන්ඩ මන් බස් ඩ්‍රැයිවරයෙක් කියල හිතුවද කියල අහන්ඩ ගිහිල්ලත් කට වහගෙන පොඩි සින්ගල් ටෝක් එකක් දුන්න.
“ඒක වගේ තමයි හැබැයි
සෙනග වැඩී වගේ එකයි නැවැත්තුවෙ නැත්තෙ“ කියල මගේ වාසනාවට ඊලගට ආපු සිසු සැරියෙ
නැගල මාරු උනා. දවසක් දෙකක් යනකන් මම පොරව මග ඇරල හිටිය. දවස් දෙක තුනකට පස්සෙ
පොරව මූනටම මීට් උනා.
“ ආ මල්ලි
ඉන්ටර්සිටියෙ එදා බ්‍රේක් වැදිල නැහැල්ලු නේද“ කියල පොර කිව්ව විදිහට මට බයිසිකලෙන් පැනල මැරෙන්ඩ හිතුන.