Sunday, August 18, 2013

කවි කාරියක්


සෙනසුරාදා, ඉරිදා කියන්නෙ ගෙදර ඉන්ඩවත් හරිහමන් නිදහසක් නැති දවස් දෙකක්. ඒ මොකෑ කිව්වොත් ඉතින් අම්බානෙට පන්තිනෙ. උදේ ගෙදරින් ගිහාම හවස තමයි ආයේ එන්නෙ. ඒක හින්ද ඉතින් අතක් පයක් හොලවන්ඩවත් වෙලාවක් නෑ. ඉතින් මෙහෙම ඉන්න දවසක ඔයාලට මතක ඇතිනෙ මම අර පිටසක්වල කේස් එකක් ගැන පෝස්ට් එකක් ලිව්වා, එන්න එදා මම අපේ මේ අවුරුද්දෙ උසස්පෙල කරන, ඒ කියන්නේ මේ වෙද්දෙ උසස්පෙළ ලියන අක්ක කෙනෙක්ට මැසේජ් එකක් දාල ඇහුව විභාගේ ලේසිද කියල. පිළිතුර හැටියට ආවේ ලේසියි කියල තමයි ඕන්. ඊටපස්සෙ කිව්ව පේපර් ඕනෙනම් අරන් යන්ඩ එන්ඩ කියල. මටත් ඉතින් අර ගෙදර ඉන්න දවස්ටිකේ යන්ඩ වස කම්මැලි හින්ද දවසක් පන්ති ඇරිල එන ගමන් ඒ පැත්තට ගොඩ උනා පේපර් ටික ඉල්ල ගන්ඩ. ඉතින් ඒ ගොඩ වෙච්ච ගමන කියෝ කියෝ පැය භාගයක් විතර හිටියා. ඒ කතාකරපු මාතෘකාව කොහෙන්හරි ගිහින් බ්ලොග් ලිවිල්ල කියන පැත්තට සැට් උනා.

ඒ අක්කටත් බ්ලොග් එකක් ලියන්න ඕනලු ඒත් බ්ලොග් එකක් හදන්න දන්නෙ නෑලු. මේ දවස්වල කොම්පියුටර් එකත් කැඩිලලු. ඒකත් හදාගෙන ඩොන්ගල් එහෙකුත් ගන්ඩ ඕන කිව්ව. මමත් ඉතින් වැඩර් වගේ කිව්ව ඩොන්ගල් එකක් ගත්තම කියන්න මම හදල දෙන්නම්කො කියල. ඉතින් මේ කියන අක්ක ඉගෙන ගන්ඩත් හරි දක්ෂයි. ඒ වගේම තමා කවිලියන්නත් හරි දක්ෂයි. ඉස්කෝලෙ පොත්වල වැඩිහරියක් තියෙන්නෙ කවි. ඉතින් මේ ඊයේ පෙරේදා තිබ්බ උසස්පෙල විභාගෙදිත් මෙයා කවි ලියල තිබ්බා.

ඒ කෙසේද යත්, ඉරි ගහන පේපර් එකක් ලියද්දි ඕනෙනම් කටුසටහන් ගහන්ඩ කියල කොලයක් දෙනවනේ. ඉතින් ඉරිගහන පේපර්එක ඉක්මනට කරල ඉවර වෙලා. මෙයා මේ කොලේ අරන් කවිවගයක් ලියල. ලියපු කවිවල කොටස්වගේකුත් කිව්වා මට හරියට මතක නෑ. මොකක්හරි පොඩි ලව් සීන් එකක් ගැන තමයි ලියල තිබ්බෙ. ගමේ ඉස්කෝලෙන් පටන්ගත්තු ලව් කේස් එකක් ගැන. ඉතින් අර පේපර් එක එකතුකරන්න කලින් අර කටුසටහන් ගහන්න දුන්න කොලේ එකතුකරනවලු. ඒ එකතුකරපු සර් අර අක්කගෙ කොලේ තිබ්බ කවිටික දැකල ඒක උඩින්ම තියාගෙන කවිටික කියෝ කියෝ ගිහින් කිව්වලු

“ ගමේ ඉස්කෝලෙන් පටන් අරන් ඇවිත් තියෙන දුරක් “ කියල

ඉතින් මුළු පන්තියම හිනාවෙනවලු. ඉතින් ඔය වගේ කතා ටිකක් කියෝ කියෝ ඉදල ආර්ථික විද්‍යාව පේපර් එකත් ඉල්ලන් එන්ඩ යද්දි ඒ අක්ක කියනව “ ඔය තියෙන්නෙ මගෙ වැඩ තමයි “ කියල බැලින්නම් අර පේපර් එකේ වටේට තියෙන ඉඩේ ඒ කියන්නෙ පේපර් එකේ බෝඩරේ රූලක් විදිහට අරන් ඒ කොටුව වටේට කවි වගයක් ලියල. ඉතින් බලාහල්ලකෝ වැඩක්. මෙන්න මෙහෙමයි කවිටික

(මේ වම් පැත්තෙ තිබ්බ කොටස)දෑස් මානෙක සිහින උල්පත හිතේ ශක්තිය රජ වුණා - ගතට ලෙඩමුත් හිතට නෑ ලෙඩ Loding another side......

(මේ දකුනු පැත්තේ) මතක සිත්තම් පා උනා - සිහින මන්දිර යානවාහන දවල් හීනෙක සුවදෙනා - සතුට සැනසුම පතමි

(මේ අන්තිම කොටස යටම) හැමදා දිනක නිවනට යා වෙනා.....  Stop

ඉතින් ඔන්න ඔහොමයි කවිටික ලියල තිබ්බෙ එකපැත්තක කෑල්ලයි අනිත් පැත්තෙ කෑල්ලයි අන්තිම කෑල්ල යට පැත්තෙයි. ඔය ලියල තියෙන ඉංගිරීසි කෑලි ටිකත් ඒ විදිහටම ලියල තිබ්බ. ඉතින් කවිය හරියට ගලපල හදල ගත්තම මෙන්න මෙහෙමයි එන්නෙ.

දෑස් මානෙක සිහින උල්පත හිතේ ශක්තිය රජ වුණා - ගතට ලෙඩ මුත් හිතට නෑ ලෙඩ මතක සිත්තම් පා උනා
සිහින මන්දිර යානවාහන දවල් හීනෙක සුවදෙනා - සතුට සැනසුම පතමි හැමදා දිනක නිවනට යා වෙනා....

ඉතින් මේ අක්ක දවසක බ්ලොග් එකක් ලියන්න ගත්තම අපිත් අතහිත දෙන්ඩ ඕන. මොකද කියනවනම් තාම බ්ලොග් එක හදල නැති උනත් බ්ලොග් එකක් හදපුවම දාන්න දේවල් දැන් ඉදන්ම ලියලලු තියෙන්නෙ. ඉතින් අපි ඒ කවිකාරිට බොක්කෙන්ම හෙල්ප් දෙන්න බලන් ඉමු හොදේ. එයාගේ බ්ලොග් එක කමින් සූන් ඈ. 

ලියන්නේ පොඩි ශාන්.

9 comments:

  1. අක්කා බ්ලොග් එක පටන් ගත්ත ම අපිටත් පාර පෙන්නන්නකෝ එහෙම නං අපිටත් ගොඩ වෙලා යන්න.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ධාරා.

      Delete
  2. අපිත් එනවා....

    ReplyDelete
    Replies
    1. තෑන්කූ තැන්කූ දිලිනි

      Delete
  3. සතුටුයි,සතුටුයි

    ReplyDelete
  4. හා හා එන්ට කියන්ටකො උන්දැට එහෙනම්

    ReplyDelete
  5. Replies
    1. අනිවාර්යෙන්ම සයුරි.

      Delete