Monday, August 12, 2013

සිරාවටම පිටසක්වලයො ඇවිල්ලද ඕයි?


අලෝ කස්ටිය කොහොමෙයි සැප සනීප. මගෙ අම්මේ ගොඩ කාලෙකට පස්සෙ මේ පැත්තට එන්ටර් උනේ. ලොකු ශානා දාන පොස්ට් ටික කියෝ කියෝ හිටිය මිසක මොනාවත් දැම්මෙ නෑ නෙව. ලගදි අපේ ගෙවල් පැත්තට එන්ටර් උන සුදර්ශන සහෝදරයත් ඇහුවෙ මොකෝ ඕයි වෙලා තියෙන්නෙ පෝස්ට් එකක්වත් දාන්නෙ නැද්ද කියල. ඒක හින්දම මේ ඊයෙ පෙරේදා වෙච්ච පොඩි සිංකෝන් එකක් ගැන පෝස්ට් එකක් ලියන්ට කියලයි ලැහැත්ති උනේ.

ලබන අවුරුද්දෙ අ.පො.ස.උ.පෙ. ට ලියන්ටත් තියන එකේ පාඩන් කොරන්නෙ නැතුව කොම්පියුටරේටම එබිල ඉන්න හින්ද බැනුම් අහන්නෙ නැති දවසක් නෑ කියල කිවුවොත් හරි. ඒක හින්ද අපේ ගමේ එකෙක්ගෙ ගෙදර ගියා පාඩම් කොරන්ඩ. යකෝ මම පාඩම් කර කර ඉද්දි එක පාරටම ග්ර්ර්ර්ර්..... ගාන සද්දයක් ඇහුන හින්ද මම හිතුවෙ රෑට කෑව මදි හින්ද බඩ කෑ ගහනව ඇති කියල හිතුවට ආයෙත් පාරක් සද්දෙ ඇහුන හින්ද නිකමට අනිත් පැත්ත බැලුව. කිරි අප්පට බල්ලො පැනල පස්ස පැත්ත කාපි කිව්වලු. මට එහා පැත්තෙ හිටපු එකා අම්බානෙට බුදි. එදායින් පස්සෙ පාඩම් කොරන්ඩ එහෙ ගියෙත් නෑ. ඕන් ඔහොම ඉන්න කොට තමයි අපේ බව්ව කතා කරල කිව්වෙ උන්ගෙ ගෙදර පාඩම් කොරන්ඩ එන්ඩ කියල. මමත් ඉතින් මේන් මෙච්චර විතර සයිස් පොත් ගොඩගුයි ඇදුන් ටිකකුයි බෑග් එකේ දාගෙන ගියා පාඩම් කොරන්ඩ.

උන්ගෙ ගෙදර තියෙන්නෙ මුහුද ලගමයි. මුහුද අයිනෙන්ම පාර තියනව ඊට පස්සෙ දෙයියන්ගෙ පිහිටයි කියල මීනී පිට්ටනියක් තියනව. ලස්සනේ බෑ ඕයි ඒක මිනී පිට්ටනියක්ද කියල හිතන්ඩ බෑ. කුරුස පෝලීමක් තියනව දැක්ක හින්ද තමයි අදුර ගත්තෙ. ඊටත් පස්සෙ තමයි බව්වලගෙ ගෙදර තියෙන්නෙ. කොටින්ම කිව්වොත් මිනී පිට්ටනියට අල්ලපු වත්ත. ඉතින් ගිය ගමන් වොෂ් එකක් දාගෙන එහෙම බව්ව කිව්ව අඩේ සෙල්ලම් පාරක් දාන්ඩ යන්ද කියල. මාත් බැරි බරි ගාතේ හා කියල ගියා. අප්පේ අපේ ඉස්කෝලෙම සැට් එකක්නෙ ඉන්නෙ. කොහොම හරි අම්බානෙට ෆුට්බෝල් පාරකුත් ගහල ආපහු ගෙදර එන්ඩ යද්දි කව්දෝ අයියා කෙනෙක් ඇවිල්ල කිව්ව හෙට මැච් එකක් තියනව ක්‍රිකට් කූරු ටිකක් හොයා ගන්නඩ බැරි වෙයිද කියල. බව්වලගෙ ගෙදර කූරු තුනක් තියන කිව්ව තව කූරු තුනක් හොයන්න ඒ ලග ගෙදරකට ගියා මමයි බව්වයි රොෂේනයි.

ඒ පැත්තෙ නංගි කෙනෙක් දවසක් රෑ 7.00ට විතර ගෙදරට වෙලා එක්සයිස් කර කර ඉන්න කොට ගෙවල් ලග තිබ්බ පදුරක් ලග කුරුමිට්ටෙක් වගේ එකෙක්ව දැකල තියෙනව. ඌ දිලිසෙනවලු. ඒක දැකල බයවෙලා  එයා කැලේ කඩාගෙන දුවල තිබ්බ. ඉතින් අපි තුන්දෙනා මිනී පිට්ටනිය මැදින් ගියේ ඔක ගැනත් කතා කර කර. ඉස්සර ඉදන්ම දන්න දේවල් එක්ක මමනම් හිතුවෙ බහිරවයෙක් කියල. ඒත් ඉතින් බහිරවයෝ කළු පාට මිසක් දිලිසෙන්නෙ නෑනෙ. ඒ අස්සෙ මිනි පිට්ටනියෙ සොහොනක් ගාව කවුද මන්ද පානක් පත්තු කරල. ඒක මම දැක්කට අනිත් ඩබලට කියන්ඩ ගියෙ නෑ. කොහොම හරි අපි තුන්දෙනා අදාල ගෙදරට ගිහිල්ල ක්‍රිකට් කූරු තුනත් ඉල්ලගෙන ඔය ගැන එහෙ හිටපු අක්ක කෙනෙක් එක්ක කතා කර කර හිටිය. ඒ කරල අනිත් පැත්තට එන්ඩ හදද්දිම පොඩි එකෙක් කෑ ගහගෙන එනව.

“ අම්මෙ අන්න අතන ඉන්ව. අර ඌව රත්තරන් පාටට දිලිසෙනව“

අම්මට හුඩු ඒ මොකද කියල අපිත් එහාට දිව්ව. ඒත් අපි යද්දි මිට්ටෙක් තියා මිට්ටෙක්ගෙ සලකුනක්වත් තිබ්බෙ නෑ. හැබැයි පොඩි එකා අම්බානෙට බය වෙලා. කටේ දත් ටික ඩබල් වදිනව කට කට ගාල. අපි කට්ටිය එකතු වෙලා ඒ හරියම පීර පීර හෙව්වත් කිසිම සලකුනක් තිබ්බෙ නෑ. ඒ අතර රෑ වෙලා තවත් කට්ටියක් ඒ පැත්තම පීරල හොයල තිබ්බ ඒත් සලකුනක් නෑ. එ හින්දම ගමේ අය මේ ගැන පොලීසියට දැනුම් දීල තිබුන. ඒ වගේම ඒ පැත්තෙ අයියල දෙන්නෙක් පාරේ එද්දි පාතින් එක පාරටම ලොකු එලියක් ගියාලු එයාල කියන්නෙ යානාවක් කියල.

දැන් මට තියෙන ප්‍රශ්නෙ ඇත්තටම මේ මොක්කුද කියල. ඔයාල ඒ ගැන මොකද හිතන්නෙ.

6 comments:

  1. ඇත්ත කතාවක් ද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක් බන්. සිද්දිය උනේ හලාවත.

      Delete
  2. පොඩි එකා වෙන මොකකට හරි බය වුනාද කියන්නත් බෑනෙ

    ReplyDelete
    Replies
    1. වෙන්නත් පුලුවන් ඒත් ඊට කලිනුත් නංගි කෙනෙක් දැකල තියෙනව. එකම දේ දෙන්නෙක් දැක්කම පොඩ්ඩක් විතර අවුල් යනවනෙ බන්. අනික පොඩි එකා කියනව ඌ ඇවිදගෙන ඉස්සරහට ආවලු. සතෙක් හරි මොකෙක්හරි මිසක් එහෙම එන්ඩත් බෑනෙ බන්.

      Delete
  3. උඹට මේ දවස් වල මුදු හුලං වැදිල අප්සැට් එකක් හෙම තියේද// කතාව අගේට තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මුහුද හුලගෙත් පොඩි ගතියක් තියෙනව බන්. හැබැයි අප්සැට් එකක්නම් උනේ නෑ. / ස්තූතිය දේශක තුමා.

      Delete