මැවෙන සුන්දර සිනහව
දැකගන්න හැබැහින් නිතරම...
පටලවන් අපෙ දෙඅත්
සැදෑ හිරු රැස් තුලින්
ඇවිද යන්නට දුරින් දුරට...
සිරි සිරි පොද වැස්සක
මල් මල් පුංචි කුඩය යට
රුදෙන්නට ඔබෙ ලගින්ම...
අරගන්න මගෙ ලගට
හැමදාම සෙනෙහසින්
තුරුලුකර ආදරෙන්...
බැද මාල හත ගෙලේ
පුංචි මනමාලියක් කර
කැන්දාගෙන එන්න...
පෙරුම් පුරනවා මම මුළු හදවතින්ම......

අපිත් ඉතිං සුභ පතනවා වැඩේ ගොඩ දාගන්නකෝ...
ReplyDeleteතැන්කූ තැන්කූ
Deleteපුරන පෙරුම් ඉටු වේවා'යි පතනවා ඉක්මනින් ම.
ReplyDeleteතැන්කූ දිලිනි
Deleteඔරුවකම නග්ගගෙන වරෙන් කොල්ලෝ.
ReplyDeleteමුහුද අයිනෙවත් හිටියනම් ඔරුවක නග්ගන් එන්න තිබුන. අඩුම තරමෙ වැවක්වත් නෑ ඒ පැත්තෙ.
Delete