Tuesday, August 13, 2013

බලන් කඩතුරා හැර දෑසේ


ගං දිය සිපගෙන වෙල් යාය අතරින් ඇදී එන සිහිල් මදනල ගත දැවටෙන්නේ කෙතරම් කාලයකට පසුවද? ජීවිතයේ දියුණුව උදෙසා ඉපදී හැදී වැඩුනු සුන්දර ගම්මානය අත හැර යන්නට කැමත්තක් නොතිබුනද, මිනිසුන් නොමරා මරන මිල මුදල් හිඟ කම හමුවේ කරගත හැකි යමක් නොතිබුන නිසා ගම අතහැර නගරයට යන්නට සිදු උනේ මීට අවුරුදු දහයකට පමන පෙරයි. ඒ ගිය ගමනෙන් පසු පුරා වසර දහයක් පුරා නගරයේ ඒකාකාරී දිවියකට සිරවී බිත්ති හතරක කාමරයකට කොටු වී අනාගතය වෙනුවෙන් ජීවිතයේ හොදම කාලය කැප කරන්නට මට සිදුවිය. පවුලේ සියල්ලන්ගේම දියණුව උදෙසා ඒ කැප කිරීම කරන්නට මට හැකියාව තිබීම මා භාග්‍යක් කොට සලකමි. ජීවිතයේ ඉදිරියට මගේම කියා ව්‍යපාරයක් කරගෙන ගමෙහි ජීවත් වන්නට මට දැඩි උවමනාවක් තිබිනි. විදි දුක්වල ප්‍රතිඵලය බැංකු ගිනුමක් තුල තැන්පත් කර ඇත. ඒ මුදල් යොදවා මාගේ කියා යමක් කරන්නට තිබූ උවමනාව රැකියාව අතහැර එන්නට මා පෙළඹවිය.

“ මහත්තයා මොකද කල්පනාව වාහනේ කැඩිලාවත්ද?“

මෙතෙක් වේලා සිතුවිලි අතර දැහැන්ගත වී සිටි මා පියවි ලෝකයට පැමිනියේ ඒ ඇමතීමත් සමගය. කාර් එකෙහි බදට හේත්තු වී සිටි මම ආපසු හැරී බැලුවේ කතා කල පුද්ගලයා කවුදැයි දැනගැනීමටය. හැරමිටියකට වාරු වී මා දැස බලා සිටි ඔහු හඳුනා ගැනීමට මට වැඩි වේලාවක් ගියේ නැත. ගමේ පාසලේ මට අකුරු කරවූ ඔහු විශ්‍රාම ගියේ මා පාසලෙන් ඉවත්වන්නටත් ප්‍රථමය. දැන් ජීවිතයේ සැදෑ සමය ගත කරන ඔහුගේ වියපත් දෑසට මා හඳුනා ගැනීමට නොහැකි වූ බව මට හැඟුනි.

“නැහැ සර් ප්‍රශ්නයක් නැහැ කාලෙකින් ගමට ආපු නිසා මේ පැත්ත බලන්නයි වාහනේ නවත්තන් උන්නෙ.“

මාගේ ප්‍රථිචාරයෙන් විමතියට පත් බවක් පෙන්වූ ඔහු මා දෙස මොහොතක් විපරමින් බැලූවේය.

“ ගම්බාර දෙයියන්ට ඔප්පු වෙච්චාවේ මේ අපේ සුධීර පුතා නේද?“

“ මං හිතුවේ සර්ට මාව අඳුර ගන්න බැරිවෙයි කියල“

වියපත් මුහුණට සිනාවක් නංවාගත් ඔහු මා දෙස බලාගෙන අතීතය සිහි කරන්නට වෙහෙසුන බවක් පෙනුනි.

“ ඉස්කෝලේට හිටිය දක්ෂම ළමයව අදුර ගන්න බැරි වෙන තරම් මම වයසට ගිහින් කියල මම හිතන්නෙ නෑ පුතා“ “ නගරේ ජීවිතෙන් මිරිකිලා නගරේ පීඩනවලින් තැලිල පොඩිවෙච්චි පාට හින්ද අඳුර ගන්න ටිකක් විතර වෙලා ගියා.“ “ මම හදිසි ගමනක් යන ගමන් හවස් ජාමේ සුධීරලගේ ගෙවල් පැත්තට ගොඩ වෙලා යන්න එන්නම්.“

ඒසේ කියූ ඔහු මගෙන් සමුගෙන යන්නට ගියේය. ඈත වංගුවකින් ඔහු නොපෙනී යන තෙක්ම ඔහු කියූ දෙවල් මාගේ මනසේ රැව් දුනි. වාහනයට ඇතුල් වී එය පණගන්වාගත් මම සෙමින් සෙමින් ඉදිරියට ගියේ ගමෙහි වී ඇති වෙනස්කම් හදුනාගැනීමේ අටියෙනි. මා නගරයේ සිටි අවුරුදු දහයක කාලයක් තුල නගරය විශාල වශයෙන් විපර්යාසයන්ට භාජන වී වෙනස් වූ ආකාරය මා දැක තිබුනි. නමුත් ඒ වසර දහයක කාලය තුල ගමෙහි හඳුනාගන්නට තරම් වෙනස්කම් ඇති වී නැති බව මට පෙනුනි. කුඩාවට තිබූ නිවෙස් පමණක් විශාල කර සාදා තිබිනි.

සෙමින් ඉදිරියට ඇදෙන වාහනයේ ඉදිරිපස වීදුරුව තුලින් පෙනෙන දර්ශන දෙස මා බලා සිටියේ ආශාවෙන් නරඹන චිත්‍රපටියක රූප රාමු දෙස බලා සිටින්නා සේය. අපේ නිවස දැක ගැනීමේ අටියෙනි මා ඊලග වංගුව හැරවූයේ.
 මා ගමෙන් යන විට පොල්අතු පැලක්ව තිබූ අපේ නිවස දැන් විශාල උළු ගෙයක් බවට පත්ව තිබුනි. මා නගරයේ සිට නිවස සෑදිමටත් එදිනෙදා වියදමටත් එව් මුදලින් හොදින් ප්‍රයෝජන ගන්නට තාත්තා සමත්ව ඇති බව ඒ නිවස දකින විට මට හැඟුනි. 

විවෘත කර තිබූ ගේට්ටුවෙන් ඇතුලට වාහනය ඇතුල් කරන විට මිදුලේ සිටි බල්ලෙක් බුරාගෙන ඉදිරියට ආවේය. වාහනයේ නලා හඬත් බල්ලාගේ බිරීමත් නිසාදෝ ඉදිරි දොරින් එලියට පැමිණියේ මාගේ ආදරණීය බාල සහෝදරියයි. වාහනය නැවැත්වූ මම එයින් එලියට බැසගත්තේ සැනසුම් සුසුමක් හෙලමිනි. නැවත ගෙදරට එන්නට හැකිවීම නිසා කියාගත නොහැකි තරම් සතුටක් මා සිත වෙලාගෙන තිබුනි.

මා දුටු විගස පුදුමයට පත් නංගී දිව විත් මා වැලද ගත්තේ “ අම්මේ අයියා අපිව බලන්න ඇවිත් “ යනුවෙන් මහ හඩින් කෑ ගසමිනි. මගෙන් මදී මා දෙස නැවත හොදින් බැලන නංගීගේ දෑසෙහි රැඳුනු කඳුලු කැට එක දෙක බිම වැටී මිදුලෙහි වූ වැල්ලෙහි මිහිදන් විය. නංගීගේ කෑ ගැසීම නිසා දුව ආ මවත් පියාත් දෙසට ගමන් කල මා අම්මාව හා තාත්තාව වැළද ගත්තේ අපමන සෙනෙහසකින් යුතුව. මාගේ අතින් අල්ලාගෙන අම්මා මාව ගෙතුලට එක්ක ගියේ සතුටු කඳුලු වගුරවමිනි. අප පිටුපසින් තාත්තාත් නංගීත් ගෙට ඇතුල් විය.

“ අනේ පුතේ උඹට අපි කොච්චර කිවුවද අපිව බලල යන්න එන්න කියල. ඒත් අවුරුදු දහයක් යනකම්ම උඹට එන්න බැරි උනානේ අපිව බලන්න.“

අම්මා අඩන්නට වුයේ එසේ කියමිනි. තාත්තා අම්මා ලඟට පැමින ඇගේ හිස අතගෑවේය. ඉස්සර සිටම තාත්තා එහෙමය අපි කවුරුවත් අඬනවාට ඔහු අකමැතිය. එවිට ලඟට පැමින අපිව සනසන එක තාත්තගේ පුරුද්දකි.

“ දැන් අඬන්න ඕනේ නෑනේ මැණිකේ පුතා ගෙදර ආවනේ “

“කියන්නෙවත් නැතුව ආවේ හරි නරකයි ඔයා“ නංගී මා අසලට විත් කීවේය.

“ඔයාලව පුදුම කරන්න හිතන් එහෙම ආවේ“ මෙතෙක් වෙලා නිහඬව සිටි මම කීවෙමි.

“ ආ... මෙහෙ එනවකෝ අර කාර් එකේ බඩු වගයක් තියනව ඒවා ටික අරන් එන්න.“

මම නංගීවත් ඇදගෙන ගොස් වාහනේ තිබූ මගේ බඩුබාහිරාදියත් ගෙදර අයට ගෙනා තෑගිබෝගත් අරගෙන නැවත ගෙට එන විට තාත්තා මා දෙස බලා සිටියේය. ඔහුගේ දෑසෙ පිට වන්නට පොර කමින් කඳුලු කැට කිහිපයක් විනි. එදා සිටම අප වෙනුවෙන් තාත්තා විදි දුක් ගැහැට නිම වී ඇතත් ඔවුන් වෙනුවෙන් දුක් විදි මා නිසා ඒ කඳුලු කැට ඉපදෙන්නට ඇත.

“ අපි එපා කියද්දි උඹ කොළඹ ගියාට උඹ දියුණු වෙලා තියනව පුතේ. ඒත් බලපන් උඹ දිහා ඇටසැකිල්ලකට දෙවෙනි නෑ. ගමේ ඉද්දි උඹ හිටියෙ ඔහොම යෑ.“ කියූ තාත්තා ගේ පිටුපස පැත්තට ගියේය.

“ අම්මෝ මට මහන්සියි හලෝ නාගන්න ඕනා. ඇලේ වතුර තියනවද දන්නෙ නෑ නාගන්න.“ මම නංගීගෙන් අසුවෙමි.

“ මම හිතුවේ බාත් රූම් එක කොහෙද කියල අහයි කියල.“ නංගී නෝක්කාඩුවක ස්වරයෙන් කීවේය.

“ ගමෙන් ගියාට මට ගම අමතක වෙලා නෑ නංගී හැමදාම නිදාගත්තම හීන දකින්නෙ ගම ගැනමයි.“ මම දුකින් කීවෙමි.

“ අයියෝ විහිලුවක් අනේ කලේ. යන් යන් ඇලේ වතුර තියෙනව ඇති වෙනකන් නා ගන්න.“

මම ඇදුම් මාරු කරගෙන තුවායත් රැගෙන බෑග් එකේ තිබූ විශාල චොකලට් රෝල් එකත් අරගෙන එලියට ආවෙමි. චෝක් රෝල් ගත් නංගී එය මේසෙ උඩින් තියා ඉක්මනට ආපසු අවේය. අපි දෙන්නා ගෙයි පිටු පස දොරින් ගොස් වෙල් යායට පය තියනවාත් සමගම තාත්තාත් පැමින අපිත් සමග එක් විය. ඇළට ගොස් මම හොදින් නා ගත්තේය. තාත්තාත් නංගීත් මා දෙස බලමින් මොනවාදෝ කියමින් සිනාසෙමින් සිටියේය. ගමේ සුවඳින් පිරී ගොස් තිබූ හිතත් අරන් මම ගොඩට ආවේ තාත්තා දෙස බලමිනි.

“ මම ආයේ යන්නේ නෑ තාත්තෙ, මම රස්සවෙනුත් අස්වෙලයි ආවේ. ගමට වෙලා මොනාහරි කරන්නයි කල්පනා කරන්නෙ.“

“ ඇති යන්තම් මම හිතුවෙ යන්ඩ හිතන් ආවා කියල“ නංගී සතුටින් කීවේය.

“ බලපන් පුතේ ගම දිහා ටිකක්. ඔය සල්ලි පස්සේ නැහෙන මිනිස්සුද ගමේ ඉන්නෙ.“

“ ගමේ වෙලෙන් ගන්න හාල් වලින් බත් ටිකක් කාලා, ගමේ පළතුරක් එළවලුවක් කාලා හැදෙන ගමේ මිනිස්සු ළග තමා මනුස්සකම තියෙන්නෙ.“ 
“ගමේ තමා පුතේ මිනිස්සු ඉන්නෙ. නගරෙ ඉන්නේ රොබෝලා සල්ලි හොයන්ඩ කියල උන්ට කිව්වම උන් ඒක කර කර ඉන්නවා. ගමේ මිනිස්සු ජීවත්වෙන මිනිස්සු. මැරිච්ච මිනිස්සු ගනේට වැඩෙන්ඩ උඹ ආයේ යන්ඩ එපා.“

තාත්තාගේ කතාව ඇත්තය. සොහොන් පිටියක ඇවිදින අවතාර පරිද්දෙන් දවස පුරා කොන්ක්‍රීට් කණු අතර ඇවිදිමින් ඒකාකාරී ජීවිතයක් ගත කරන නගරයේ මිනිසුන්, මිනිසුන්යැයි කිව හැකිද?

නියම මිනිසෙකු ලෙස සමාජය දෙස බලන විට, ගමේ කුඹරක් කොටා මුලු රටටම බත් කන්නට දෙන ගොවියාත්, ඒ බත් කමින් සල්ලි මත්තේම නැහෙන ව්‍යාපාරිකයිනුත් අතර අහසට පොළව මෙන් පරතරයක් ඇති බව පෙනෙයි. ගමට වී ගමේ මිනිසෙක් ලෙස ජීවත් වන්නට නැවතත් හැකි වීම පිළිබද උපන් සොම්නසින් යුතුව මා නිවසට යන්නට හැරුනි. ගමේ කුඹුරු අතර හැදීවැඩී වියපත් වූ පියාත් සමග නංගීත් මා පසු පසින් එති.

Monday, August 12, 2013

සිරාවටම පිටසක්වලයො ඇවිල්ලද ඕයි?


අලෝ කස්ටිය කොහොමෙයි සැප සනීප. මගෙ අම්මේ ගොඩ කාලෙකට පස්සෙ මේ පැත්තට එන්ටර් උනේ. ලොකු ශානා දාන පොස්ට් ටික කියෝ කියෝ හිටිය මිසක මොනාවත් දැම්මෙ නෑ නෙව. ලගදි අපේ ගෙවල් පැත්තට එන්ටර් උන සුදර්ශන සහෝදරයත් ඇහුවෙ මොකෝ ඕයි වෙලා තියෙන්නෙ පෝස්ට් එකක්වත් දාන්නෙ නැද්ද කියල. ඒක හින්දම මේ ඊයෙ පෙරේදා වෙච්ච පොඩි සිංකෝන් එකක් ගැන පෝස්ට් එකක් ලියන්ට කියලයි ලැහැත්ති උනේ.

ලබන අවුරුද්දෙ අ.පො.ස.උ.පෙ. ට ලියන්ටත් තියන එකේ පාඩන් කොරන්නෙ නැතුව කොම්පියුටරේටම එබිල ඉන්න හින්ද බැනුම් අහන්නෙ නැති දවසක් නෑ කියල කිවුවොත් හරි. ඒක හින්ද අපේ ගමේ එකෙක්ගෙ ගෙදර ගියා පාඩම් කොරන්ඩ. යකෝ මම පාඩම් කර කර ඉද්දි එක පාරටම ග්ර්ර්ර්ර්..... ගාන සද්දයක් ඇහුන හින්ද මම හිතුවෙ රෑට කෑව මදි හින්ද බඩ කෑ ගහනව ඇති කියල හිතුවට ආයෙත් පාරක් සද්දෙ ඇහුන හින්ද නිකමට අනිත් පැත්ත බැලුව. කිරි අප්පට බල්ලො පැනල පස්ස පැත්ත කාපි කිව්වලු. මට එහා පැත්තෙ හිටපු එකා අම්බානෙට බුදි. එදායින් පස්සෙ පාඩම් කොරන්ඩ එහෙ ගියෙත් නෑ. ඕන් ඔහොම ඉන්න කොට තමයි අපේ බව්ව කතා කරල කිව්වෙ උන්ගෙ ගෙදර පාඩම් කොරන්ඩ එන්ඩ කියල. මමත් ඉතින් මේන් මෙච්චර විතර සයිස් පොත් ගොඩගුයි ඇදුන් ටිකකුයි බෑග් එකේ දාගෙන ගියා පාඩම් කොරන්ඩ.

උන්ගෙ ගෙදර තියෙන්නෙ මුහුද ලගමයි. මුහුද අයිනෙන්ම පාර තියනව ඊට පස්සෙ දෙයියන්ගෙ පිහිටයි කියල මීනී පිට්ටනියක් තියනව. ලස්සනේ බෑ ඕයි ඒක මිනී පිට්ටනියක්ද කියල හිතන්ඩ බෑ. කුරුස පෝලීමක් තියනව දැක්ක හින්ද තමයි අදුර ගත්තෙ. ඊටත් පස්සෙ තමයි බව්වලගෙ ගෙදර තියෙන්නෙ. කොටින්ම කිව්වොත් මිනී පිට්ටනියට අල්ලපු වත්ත. ඉතින් ගිය ගමන් වොෂ් එකක් දාගෙන එහෙම බව්ව කිව්ව අඩේ සෙල්ලම් පාරක් දාන්ඩ යන්ද කියල. මාත් බැරි බරි ගාතේ හා කියල ගියා. අප්පේ අපේ ඉස්කෝලෙම සැට් එකක්නෙ ඉන්නෙ. කොහොම හරි අම්බානෙට ෆුට්බෝල් පාරකුත් ගහල ආපහු ගෙදර එන්ඩ යද්දි කව්දෝ අයියා කෙනෙක් ඇවිල්ල කිව්ව හෙට මැච් එකක් තියනව ක්‍රිකට් කූරු ටිකක් හොයා ගන්නඩ බැරි වෙයිද කියල. බව්වලගෙ ගෙදර කූරු තුනක් තියන කිව්ව තව කූරු තුනක් හොයන්න ඒ ලග ගෙදරකට ගියා මමයි බව්වයි රොෂේනයි.

ඒ පැත්තෙ නංගි කෙනෙක් දවසක් රෑ 7.00ට විතර ගෙදරට වෙලා එක්සයිස් කර කර ඉන්න කොට ගෙවල් ලග තිබ්බ පදුරක් ලග කුරුමිට්ටෙක් වගේ එකෙක්ව දැකල තියෙනව. ඌ දිලිසෙනවලු. ඒක දැකල බයවෙලා  එයා කැලේ කඩාගෙන දුවල තිබ්බ. ඉතින් අපි තුන්දෙනා මිනී පිට්ටනිය මැදින් ගියේ ඔක ගැනත් කතා කර කර. ඉස්සර ඉදන්ම දන්න දේවල් එක්ක මමනම් හිතුවෙ බහිරවයෙක් කියල. ඒත් ඉතින් බහිරවයෝ කළු පාට මිසක් දිලිසෙන්නෙ නෑනෙ. ඒ අස්සෙ මිනි පිට්ටනියෙ සොහොනක් ගාව කවුද මන්ද පානක් පත්තු කරල. ඒක මම දැක්කට අනිත් ඩබලට කියන්ඩ ගියෙ නෑ. කොහොම හරි අපි තුන්දෙනා අදාල ගෙදරට ගිහිල්ල ක්‍රිකට් කූරු තුනත් ඉල්ලගෙන ඔය ගැන එහෙ හිටපු අක්ක කෙනෙක් එක්ක කතා කර කර හිටිය. ඒ කරල අනිත් පැත්තට එන්ඩ හදද්දිම පොඩි එකෙක් කෑ ගහගෙන එනව.

“ අම්මෙ අන්න අතන ඉන්ව. අර ඌව රත්තරන් පාටට දිලිසෙනව“

අම්මට හුඩු ඒ මොකද කියල අපිත් එහාට දිව්ව. ඒත් අපි යද්දි මිට්ටෙක් තියා මිට්ටෙක්ගෙ සලකුනක්වත් තිබ්බෙ නෑ. හැබැයි පොඩි එකා අම්බානෙට බය වෙලා. කටේ දත් ටික ඩබල් වදිනව කට කට ගාල. අපි කට්ටිය එකතු වෙලා ඒ හරියම පීර පීර හෙව්වත් කිසිම සලකුනක් තිබ්බෙ නෑ. ඒ අතර රෑ වෙලා තවත් කට්ටියක් ඒ පැත්තම පීරල හොයල තිබ්බ ඒත් සලකුනක් නෑ. එ හින්දම ගමේ අය මේ ගැන පොලීසියට දැනුම් දීල තිබුන. ඒ වගේම ඒ පැත්තෙ අයියල දෙන්නෙක් පාරේ එද්දි පාතින් එක පාරටම ලොකු එලියක් ගියාලු එයාල කියන්නෙ යානාවක් කියල.

දැන් මට තියෙන ප්‍රශ්නෙ ඇත්තටම මේ මොක්කුද කියල. ඔයාල ඒ ගැන මොකද හිතන්නෙ.

Sunday, August 4, 2013

සත්තයි තරහින් නොවෙයි මගෙ මැණික........


පාළුව රජ යන අදුරු වෙලාවක
ඇවිත් සිත තුල සක්මන් කල අපූරුව
ඇත්තමයි නොසිතුනි එදා මට
ඔබ මගේ නොවන වග
සොය සොයා රුව ඔබේ
වෙහෙසෙන නුවන් යුග මගේ
ඇදුන බව ඔබ පිටිපසින්
නැතිද ඔබ දැන සිටියෙ
දැනදැනම අන්සතු බව
ආදරය කරන මගෙ හිතට
තරවටුවක් කල විට
පැවසුවා හිනහිලා
ඔබ මගෙම බව දිනක

එක් වෙලා දෙහිත් අප
ඉටු වෙලා පැතු පැතුම් අද
දෙහිතම යාවෙලා එක් තැනක
එහෙත් දෙතැනක තනිවෙලා අප
ගොඩනගන්නට අපේ ලොව
කෙලෙසනම් හැකිවෙයිද
හිතනවිට නොදැනීම
පැමිණිලා කදුළු කැට
ඔබෙ නෙතට
පිසදමා නෙතු යුග
සනසන්න හිස සිබ
ලග නොමැති බව දැනෙන විට
රිදෙන මගෙ හිත සගවන්න
කලේ තරවටුව
සත්තයි තරහින් නොවෙයි
මගෙ මැණික...................

Thursday, August 1, 2013

පහන් තාරකා - 2

පළමු කොටසින්

පාරට එනවත් එක්කම ආව ස්කූල් බස් එකේ එල්ලුනේ අදුරන එකෙක් ඉන්නවද කියල බලන ගමන්. වෙනද මේ බස් එක අතඅරින්නෙ නැති අපේ උන් එකෙක්වත් අද නැහැනෙ. මොකක්ද මේ වෙනස කියල කල්පනා කරන ගමන්ම මම ඉස්කෝලෙ ගාවින් බැහැගත්ත. ගේට්ටුවෙන් ඇතුලට එද්දිම හෙඩා එතන ඉදන් නිව්ස් එක දුන්න. හෙඩා කිව්වෙ හෙඩ් ප්‍රිෆෙක්ට් හොදේ.

"ගුඩ් මොර්නින්ග් පහන් උබ අද පරක්කුයි"

"කොහෙද බං මම පරක්කු. වෙනද එන්නෙත් මේ වෙලාවටනෙ"

"උබලෑ පංතියෙ සෙට් එකම අද වේලාසනින් ආව. අද දොළහ වසරට අලුත් සෙට් එක එනවනෙ"

*********************************************************************************

"උබලෑ පංතියෙ සෙට් එකම අද වේලාසනින් ආව. අද දොළහ වසරට අලුත් සෙට් එක එනවනෙ"

"අඩේ අදද අලුත් සෙට් එක එන්නෙ"

හෙඩා කිව්වට පස්සෙ තමයි මට ඒකත් මතක් උනේ. ඔළුවෙ මොනාවානම් තියෙනවද දන්නෙ නැහැ. මං මටම බැන බැන පිට්ටනිය අයින දිගේ පංතිය පැත්තට ඇවිදගෙන ගියා.

"පහන් අයියෙ ගුඩ් මොර්නින්"

පොඩිඋන් ටිකක් කෑ ගහගෙන දුවගෙන ගියා. පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායක නිසත් ඕනෑම පොදු වැඩකදි කරදීල වැඩ කරන නිසත් පාසලේ හැමෝම වගේ මාව අදුරනවා. හැමෝම හිතාගෙන හිටියෙ මම හෙඩ් ප්‍රිෆෙක්ට් වෙයි කියල. ඒත් සැහැල්ලුවෙන් ගෙවෙන ජීවිතේ ඒ වගේ වගකීමක් එක්ක හිරකරගන්න මම කැමති උනේ නැහැ. ඒ හින්දම ප්‍රිෆෙක්ට් කමක්වත් ගන්න මම කැමති උනේ නැහැ. ඒත් ක්‍රීඩාව නිසාම මුලු පාසලම මාව දැනගෙන හිටිය. ඒකත් එක අතකින් හරි කරදරයක්. කොහෙ ගිහින් මොනව කරත් පහුවදා වෙද්දි මුලු ඉස්කොලෙම ඒක දන්නව.

"පහන් පහන්"

කොහෙදෝ ඉදන් කෑ ගහගෙන ආව නිම්නත් මාත් එක්ක සෙට් උනා.

"පහනා, පට්ට කෑලි ටිකක් ඉන්නව මචං අලුත් බැජ් එකේ"

"ආයෙ ඔය සෙට් එකේ අලුත් උන් ඉන්නවද බං ගිය අවුරුද්දෙ ඕලෙවල් කරපු උන්ම තමා"

"පිස්සුද බං දැකලම නැති කෑලි ටිකක් ඉන්නව"

"උබටත් ඉතින් ගවුම් කෑල්ලක් දැක්කොත් ඉතින් ඉන්න බැහැනෙ"

"මේ තොට කෙල්ලො අරහන් උනාට මට කරන්න දෙයක් නෑ ඒකට"

නිම්නයට මල පැනල කොහොමත් ඌ හිත හොද එකා මගේ ජීවිතේ එදා ඉදන්ම ලගින් හිටපු එකෙක්. බොක්කෙ තියෙන දේවල් උනත් ඇදල දෙන ජාතියෙ එකෙක්. මං ලග ඉන්න ගොඩක් දෙනෙක් මේ වගේ. ජීවිතේ සමහර දේවල් නැති වෙද්දි තවත් සමහර දේවල් ඕනවටත් වඩා මට හම්බෙලා තියෙනව. 

මම නිම්නගේ කරට අතක් දා ගත්ත.

"හරි හරි මස්සිනා උබට ඕන කෙල්ලව පෙන්නපන් මම සෙට් කරල දෙන්නම්."

ඌ මං දිහා බැලුවෙ මං කියපු දේ විශ්වාස කරගන්න බැරුව. මට හිනා යන්න ආවත් මේ වගේ වෙලාවකට හිනව පාලනය කරගන්න හොද හැකියාවක් මට තිබුන.

"උබ සිරාවටමද ඔය කියන්නෙ"

"අනිව. මේ පහන් කවදද මල්ලි උබට බොරු කියල තියෙන්නේ ආ"

"එල මචං එල"

ඌ ඒක සිරාවටම ගත්ත වගේ. මේන් හොල් එක අයින දිගේ අපි පන්ති පැත්තට ඇවිදගෙන ගියා. තව අවුරුද්දයි ඉස්කෝලෙ යන්න තියෙන්නෙත්. ඒකත් ඒපැත්ත බලල මේ පැත්ත බලද්දි ගෙවිල යයි. ඊටපස්සෙ මොනාකරන්නද කියල හිතා ගන්නවත් බැහැ.

"පහන් ඔන්න"

අපි හිටියෙ මේන් හොල් එක කෙරවලෙන් අනිත් පැත්තට හැරෙන ගමන්. නිම්නගෙ සද්දෙට මං ඉස්සරහ බලද්දි. ක්ලචර්ස් එකක් උඩින් එනව දැක්ක. මුකුත් හිතන්නත් කලින් ඒක ඇවිල්ල කකුල් දෙක ලග වැටුන. තව ටිකක් එහා මෙහා උනානම් බඩුම තමා. මොකාද යකෝ මෙකෙන් දමල ගහපු එකා. ඇවිදින්න බැරිව මදිවට තව ගහන්නත් එනවා. හිතේ ඇතිවෙච්ච තරහ තද කරගෙන මම ඉස්සරහ බැලුවෙ කව්ද චන්ඩිය කියල දැන ගන්න. අනික ඉතින් හැංගිලා ගහන්න තරම්වත් මට තරහ කාරයෙක් නම් හිටියෙ නැහැ. 

ඉන්ටර්නෙට් ලයිබ්‍රිය ලග අපේ සෙට් එකක් කෙල්ලෙක්ව වට කරගෙන. ෂුවර් එකට රුග් එකක් වෙන්න ඕන. ඒත් මේ ක්ලචර්ස් එක. හිතට නැගිට්ට ප්‍රශ්නෙත් එක්කම ඒකත් අහුලගෙන මම අපේ සෙට් එක ලගට ගියා. ක්ලචර්ස් එකත් අරන් මම එතනට යද්දිනම් අපේ උන්ගේ මූණූ ටිකක් අප්සට් යනව වගේ මට තේරුනා. ඉන්ටර්නෙට් ලයිබ්‍රියෙ බිත්තියට හේත්තුවෙලා ඉන්න පුංචි කෙල්ල දිහා මම බැලුවා. ඒ කෙල්ලගෙ කකුල බැන්ඩේජ් කරල. ඒ කියන්නෙ මේ ක්ලචර්ස් එක.............

වෙලා තියෙන්නෙ මොකද්ද කියල මොහොතකින් තේරුම් ගන්න මට පුලුවන් උනා. මම අපේ උන් දිහා බැලුවෙ ඇත්තටම තරහින්. මොනව උනත් මේ කෙල්ල ඇවිදින්නත් අමාරුවෙන් ඉන්නෙ නේද කියලවත් හිතන්න එපැයි. අපේ උන් එකා දෙන්න ෂෙප් වෙලා යනව උන්ටත් තේරෙන්න ඇති මට තරහ ගිහින් කියල. මට ලේසියෙන් තරහ යන්නෙනම් නැහැ. හැබැයි ආසාදරනේ, වැරුද්ද පෙන්නන්න බැහැ. ඒ වෙලාවට ඉතින් අම්මද අප්පද කියල නැහැ. උන්ටික මාරු උනාට හිතේ තරහනම් අඩු උනේ නැහැ.

"ඇවිදින්නත් බැරිනම් මොන මගුලටද පන්තියට වෙලා ඉන්නෙ නැතුව එලියට ආවෙ. අලුතෙන්ම ආවනම් පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න තේරෙන්නෙ නැද්ද?"

මම මගේ තරහ ඒ කෙල්ලගෙ පිටින්ම දිග ඇරල දැම්ම. අඩන්න ලංවෙලා තිබුනු ඇස් දෙකෙන් සට සට ගාල කදුළු කැට කඩන් වැටෙන්න ගත්ත. ඉතින් තියා ගත්ත අඩන්න. අම්මපා මේ කෙල්ලන්ට අඩනව ඇරෙන්න වෙන දෙයක් කරන්නම බැරිද හැබෑට. මේ ඇඩිල්ලනම් මට පෙන්නන්නම් බෑ. මම කෙල්ලන්ට අකමැති වෙන්න මේකත් එක හේතුවක්.

"පහන් පහන්"

නිම්නට අයෙත් කෑ ගහනවා.

"මොකද බං"

මම නිම්නය බලන් ඉන්න දිහා බැලුව. ආ මෙයත් මෙහෙ. මගෙ නෑන පොඩ්ඩ. මාමගෙ පොඩි දොණියැන්ද.

"පහන් අයියෙ ඇයි මේ"

"අපේ උන්ගෙ වැඩ තමා තාරා. මේ කෙල්ලට ඇවිදගන්නත් බෑ අපේ උන් රුග් කරන්න හදනවා. මෙයටත් ආව අලුත පන්තියට වෙලා ඉන්නෙ නැතුව ඇවිදින්න යනව"

"මේ කව්ද මේ"

ඈ ඇත්තටම කව්ද මේ ගෑණු දරුව.