ලොකු ශාන කතාවේ හතරවෙනි කොටස ලියන්න කියල පටන් අරන් මාස ගානක් වෙනව. ලියන පාටක් නෑ වගේ හින්ද මටම වැඩේට බහින්ඩ උනා. ඒක හින්ද කතා විලාශයනම් පොඩ්ඩක් විතර වෙනස් වෙයි ගනන් ගන්න එපා හොදේ.
******************************************************
ආවර්ජනා
පහන් ජීවිත වාළුකාවේ තනිවූ තවමත් පාසල් අධ්‍යාපනය හදාරන තරුණයෙක්. තවත් වසරකින් උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදනම් වන ඔහු පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන නිසාම පාසලේ සියළු දෙනම ඔහුව හොදින් දැන සිටී.
උසස් පෙළ සදහා නවක සිසුන් බදවා ගන්නා දින උදෑසන පාසලට පැමිණෙන ඔහු නවක අබාදිත තත්වයේ සිටින යුවතියක් මිතුරන්ගේ විහිළු තහළු වලින් ගලවා ගනී.
පසුගිය කොටස්
පහන් තාරකා - 1
******************************************************
මහ රුස්වීමට පිට්ටනියට යන්න ඕන දොළහ වසර පන්ති පහුකරගෙන. ඒ යන ගමන් මම නිම්නයගෙ ඔළුවට උඩින් ඒ පැත්ත බැලුව. බැලුව නෙමෙයි බැලුන කිව්වොත් හරි.
"මොකද මස්සිනා"
"ඇයි මොකද"
"කොහෙද උබ ඔය බලන්නෙ. ඒකි රුස්වීමට යන්න ඇති"
"කව්ද?"
මම නොදන්න ගානට ඇහුව.
"කව්ද? කියන්නෙ උබ ඔය බලන කෙනා ගැන කිව්වෙ."
"දැන් උබ කියන්නෙ මට මේ ඉස්කෝලෙ වට පිට බලන්නත් තහනම් කියලද?"
"හරි හරි මස්සිනා උබ ඕන තැනක් බලාගනින් අපිට මොකෝ."
රුස්වීම තියෙන තැනට ආව නිසා කතාව එහෙම්මම නැවතුනා. යකෝ මූ මගේ නිදහස් ස්වෛරී බාවයට බකට් එක අදින එකනෙ වැඩේ. මහ රැස්වීම තියෙන තැනට ආවමනෙ යකෝ වැඩේ. අපේ උන්ගෙ කැටයම් ගොඩයි අලුතෙන් ආපු නංගිලට බැල්ම දානව. යකෝ මුන් අද පෝලිම් හැදෙන්නෙ නැද්ද මන්ද
******************************************************
කොහොම හරි මහ රැස්වීමත් ඉවර උනා. වැඩි හරියක්ම කිව්වෙ අලුතින් ආපු ලමයිට රැග් දෙන්න එපා කියල. හනේ ඉතින් මේ ආදරණීය ගුරු බවතුන් ටිකත් අපේ උන්ටමනෙ ඕක කියන්නෙ. කියන එකක් අහයි කියලද?
" අඩේ බන් ආට් එකටත් සිරා කෑලි ටිකක් ඇවල්ල බන්"
රැස්වීම ඉවර වෙලා පන්තියට යද්දි කොහෙද ඉදන් දුවල ආපු විශ්වය කිව්ව. මූ ජාති ජාතිත් කුකුළනෙ. පේන විදිහට සෙක්සන් වලින් එකා ගානෙ දාගන්ඩද කොහෙද කල්පනාව.
"සිරා බැරින් මොන ජාතියෙ උන් ආවත් අපිට මොකෝ බන් උන් ආවයි කියල අපේ පැත්තක් යන්නෑනෙ"
මන් දාපු කැපිල්ලට විශ්වයගෙ මූන හතරැස් උනා. මන් ගැන දැන දැනත් මට ඕව කියන්න ආවෙ අපරාදේ කියල උට හිතෙන්න ඇති. පොත් අතරෙයි සමීකරණ අතරෙයි අතරමන් වෙලා දවස හෙමීට ගෙවිල ගියා. අලුත් ලමයි නෙමේ අලුත් ජනාදිපති ආව කිව්වත් මේ ගුරුවරු උගන්නන එක නවත්තන් නැති එකනේ වැඩේ. ඉස්කෝලෙ ඉවරවෙන බෙල් එකත් ගහල ලමයි සූසූ ගාලා පෝලින් වලට යන්ඩ පොර කන අස්සෙ කොහෙදෝ ඉදන් තාරකා නංගි දුවගෙන ආවා.
"පහන් අයියෙ මන් ගේට්ටුව ලග ඉන්නව ඔයා එනකම් හොදේ. ඒක නෙමේ කෝ අර අක්ක?"
"මොන අක්කද?"
"ඇයි අනේ අර උදේ ඔයා මාත් එක්ක පන්තියට යැව්වෙ"
ඇත්තට එයා මොකද තාම ගියෙ නැත්තෙ. කකුලත් ඩැමේජ් එකේ පෝලිමේ යන්නැතුව ගියා නම් ඉවරනෙ.
"කෝකටත් තාරා 12 පන්ති පැත්තට පොඩ්ඩක් ගිහින් බලන්නකො යන්න කවුරුවත් නැද්ද දන්නෙ නෑනේ. අලුතින් ආපු හින්ද බයත් ඇතිනෙ"
තාරකා නංගි 12 වසට පැත්තට ගියාට පස්සෙ අනිත් පැත්ත හැරෙද්දි නිම්නය හිකි හිකි ගාල හිනාවෙනව. මොන අවනඩුවක්ද බොලේ මේ. කවුරුහරි මගේ පිටේ කොල කෑල්ලක්වත් අලෝලද?
"මොකෝ බන් හිනා වෙන්නෙ"
"නෑ බන් කෙල්ලෙක් දිහා ඇහැක් ඇරල බලන්නැති උබට මොකද උනේ කියල කල්පනා කරද්දි හිනා යනව බන්"
"මන් කිව්ව කියල හිතාගනින්"
ඇයි අප්පේ අර අසරණ ලමයට උදව් කරන්ඩ කිව්ව කියල මුන් මාව මරන් කන්න හදන්නෙ. මුන්ගෙ පපු කැනැති වල අනුකම්පාවක් කියල එකක් නැද්ද කොහෙද.
අපි ගේට්ටුව ලගට ඇවිල්ලත් ටික වෙලාවක් ගියා කෝ බොලේ මේ තාරා. ඇයි වදේ මන් එනකන් ගේට්ටුව ලග ඉන්නම් කිව්වනෙ. ඒ අස්සෙ නිම්නය දාගෙන මට ඇගිල්ලෙන් අනිනව.
"මොකද යකෝ අනින්නෙ"
"අර බලපන්"
මම නිම්නය පෙන්නපු පැත්ත බැලුව. තාරකා නංගි අර ක්ලචර්ස් නංගිත් එක්ක එනව. තාරා ආවේ එයාගෙ බෑග් එකත් අරන්. මාව දැකල දුරදිම ඒ මූනෙ හිනා මලක් පිපුනා. අපි ඉන්න තැනට එයාල එද්දම කවුදො දාර සයිස් පොරක් අපිව පහු කරන් ගිහින් එයාලත් එක්ක මොනාදෝ කියෙව්වා. අර නංගිත් මාව පෙන්නල මොනාදේ කිව්ව. මොනාද අප්පේ මේ වෙන්න යන්නෙ. ඊට පස්සෙ තාරා අතේ තිබ්බ බෑග් එකත් අරන් අර නංගිවත් එක්කන් අපි ඉන්න පැත්තට ආවා. මන් හිතන්නෙ කෙල්ලගෙ තාත්තද කොහෙද එක්කන් යන්න එන්න ඇති. කෙලින්ම අපි ලගට ආපු එයාල අපි ලගින් නැවතිල මන් දිහා බැලුව.
"පුතයි මේ දුවවයි අපේ දුවව රැග් වලින් බේර ගත්තලු නේද? ගොඩක් ස්තූතියි පුතා මම බයෙන් හිටියෙ දූට හරියට ඇවිදින්නත් බැරි හින්ද"
අහස ගොරවනව බර කටහඩකින් ඒ අංකල් කතා කලේ. අප්පේ ගොරවන ගෙරවිල්ලට වහීද මන්ද.
"ඕක මොකද්ද අංකල් නංගිගෙ තැන ඒ වෙලාවෙ කවුරු හිටයත් ඔය වගේ වෙලාවට අපි අසරණ වෙන්න දෙන්නෙ නෑ"
මාත් වීරය වගේ කියල දැම්ම. ලොකු හිනාවකින් මූන පුරෝගෙන යන්නම් පුතා කියාල එයාල අපි ඉන්න තැනින් ගියා.
"යන්නම් අයියෙ"
රෝස මල් හිනාවකුත් දාලා එයා කිව්ව. අනේ අම්මෙ මේ හිනාව අරන් ගියානම් මල් බොකේ එකක් හදන්න තිබ්බ. ෂික් මටත් මොනා හිතෙනවද මන්ද.
එයාලත් ගියාට පස්සෙ නිම්නය ගෙදර යන්න ගියා. මම තාරකා නංගිත් එකක් බස් හෝල්ට් එක පැත්තට ඇවිදන් ගියා.
******************************************************
පොටෝව ඉස්සුවෙ මෙතනින්
http://fc08.deviantart.net/fs70/f/2010/257/4/2/novel__school_love_2_by_raykit-d2ypoji.jpg


















