Sunday, August 4, 2013

සත්තයි තරහින් නොවෙයි මගෙ මැණික........


පාළුව රජ යන අදුරු වෙලාවක
ඇවිත් සිත තුල සක්මන් කල අපූරුව
ඇත්තමයි නොසිතුනි එදා මට
ඔබ මගේ නොවන වග
සොය සොයා රුව ඔබේ
වෙහෙසෙන නුවන් යුග මගේ
ඇදුන බව ඔබ පිටිපසින්
නැතිද ඔබ දැන සිටියෙ
දැනදැනම අන්සතු බව
ආදරය කරන මගෙ හිතට
තරවටුවක් කල විට
පැවසුවා හිනහිලා
ඔබ මගෙම බව දිනක

එක් වෙලා දෙහිත් අප
ඉටු වෙලා පැතු පැතුම් අද
දෙහිතම යාවෙලා එක් තැනක
එහෙත් දෙතැනක තනිවෙලා අප
ගොඩනගන්නට අපේ ලොව
කෙලෙසනම් හැකිවෙයිද
හිතනවිට නොදැනීම
පැමිණිලා කදුළු කැට
ඔබෙ නෙතට
පිසදමා නෙතු යුග
සනසන්න හිස සිබ
ලග නොමැති බව දැනෙන විට
රිදෙන මගෙ හිත සගවන්න
කලේ තරවටුව
සත්තයි තරහින් නොවෙයි
මගෙ මැණික...................

6 comments:

  1. Pisa dama nethu yuga....
    Sanasanna Obe Hitha....
    Danena wita langa nomathi bawa....
    Ridenawa Mage Hitha.....


    Hisa simba sanasanna langa nathath....
    Dethanaka ada apa thani wunath....
    Bandi atha apa hadawath ekathu wee....
    Ithin nadan mage manika....
    Thawada e hitha noridawamin....

    ReplyDelete
    Replies
    1. නොලියවෙන කවිත් ලියවෙනව වගේ මලයටත්

      Delete
  2. අයියෝ මැණික ඔයා අඩනවද

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද දේශා ඕක හැටියක්ලුනෙ.

      Delete
  3. ඇඩෙනවා අෆ්ෆා. නියමයි කවි ටික.

    ReplyDelete