Saturday, October 5, 2013

ආදරණීය සිතැත්තියට, සුභම සුභ උපන්දිනයක්


සිව් වසරක ආදරයේ
තවත් සොදුරු දිනයක
එලිපත්තේ සිට අකුරු කරමි මම
සුභ පතන්නට අදර සිතින්
සිතින් එක් තැනක රුදුනත්
ගතින් දෙතැනක තවම
ගෙවී ගිය අතීතයෙ
සුන්දරම දින තුනක්
මේලෙසින් උදාවී
නිවවෙලා ගිහින් ඇත
ඒ කිසිම දිනයක
ලගින් හිද සුභ පතා
හාදුවක් තවරන්න
ඔය නලල්තලය මත
නෑ ඉඩක්  හිමිඋනේ
උදාවන අද දිනේ
දුව ඇවිත් නුබෙ ලගට
මැදි කරන් මගේ දෝතට
සුභම සුභ උපන් දිනකට
ගෙනෙන්නට ආසිරි මල්
පතනෙමි පැතුම් මං
එන තුරා ඔබෙ ලගට
අකුරු කර සිත මගෙ
පතන්නෙමි ඔබට
සුභම සුභ උපන්දිනයක්...

10 comments:

  1. අපිත් එකතු වෙන්නම් උපන්දිනේට සුභ පතන්න..

    ReplyDelete
  2. සුභ උපන්දිනයක් වේවා ආදර සිතැත්තියට ඔබගේ...

    ReplyDelete
  3. මගේ පැතුම් ද එක් කරමි.

    ReplyDelete
  4. සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා මමත් :)

    ReplyDelete
  5. ඔන්න අපිත් සුබ පැතුව කියන්ඩො ඔ ඔ ඔ

    ReplyDelete
  6. සුභම සුභ උපන්දිනයක් අක්කියෝ.

    ReplyDelete
  7. අපේ නෑනට අපිත් සුභ පැතුවා සහෝදරයා,

    ReplyDelete
  8. සිතැත්තීට සුභ උපන් දිනයක් සහ උඹට ලොකු දඩයක් වේවා කියා පතමි.

    ReplyDelete
  9. Adaraneeya sithaththiyata mamath suba pathuwa kiyala kiyana....
    Habai pama unata samawath illuwa kiyanna ooonnnn....

    ReplyDelete
  10. සුභ පතන්න එකතුඋන හැමෝටම ස්තූතියී

    ReplyDelete