Tuesday, September 17, 2013

ළ.ක්‍රි.වී.යේ ආදරණීයයන් සමග ආදරණීය දින දෙකක්

අළුත් දිනයකට පසුගිය 06 වන දිනද හිරු එළිය වැටුනේ සුපුරුදු ලෙසිනි. වෙනදාටත් කලින්ම ඇදෙන් බිමට බැසගත්තේ එදින මටනම් එතරම් විවේකී දිනයක් නොවූ බැවිනි. උදෑසනින්ම රාජකදළුව මීසම් පාලක පියතුමා හමුවීමට කටයුතු යොදාගෙන තිබුනි. සවස හය වන විට මරදාන ළ.ක්‍රි.වී. කාර්යාලයේ සිටිය යුතුය. ඒ සදහා සවස දෙක පමණ වන විටවත් හලාවතින් පිටවිය යුතුය. ඒ වාර්ශික ජාතික කමිටු චාරිකාව සදහා හලාවත පදවිය නියෝජනය කරමින් සහභාගී වීමට සිදුවූ බැවිනි. උදෑසන වන විට අඩුම තරමේ ඇදුම් බෑගයවත් සූදානම් කර නොතිබිනි. කිසිදු ආකාරයෙන් ප්‍රශ්නයක් සිදු නොවිනි නම් කාලය හොදින් කලමනාකරණය කර ගැනීමට හැකියාව තිබුනි.

සිදුවන්නේ නොසිතූ දේවල්මය. උදෑසන දහය පමණ වන විට නොසිතූ පරිදි අදික වර්ශවක් ඇද වැටෙන්නට ගත්තේ ය. ලොකු කුඩයක් ඉහලාගෙනවත් අඩි දෙක තුනක්වත් යන්නට  නොහැකි තරම්ම වර්ශාව අදික විය. බගෙට තෙමී ගෙදරට එන විටනම් චාරිකාව එපා වී තිබුනි. දුරකථනයෙන් කිහිප දෙනෙකුටම කතා කර තොරතුරු විමසා බැලීය.හැම තැනටම එකම ලෙස වර්ශාව ඇද හැලෙන බව දැනගන්නට ලැබුනි. කෙසේ හෝ සවස තුන පමණ වන විට හලාවතින් කොළඹ බලා දිවෙන බසයකට නැග ගන්නට හැකි උනි. ලංකා සමගින් ක්‍රිෂාන් මල්ලීද ගමනට එක් විය. කොළඹට යනතුරුම එකම වර්ෂාවකි. මරදාන දක්වා යෑමට ආමර් වීදියෙන් බසයෙන් බැසගන්නා විටනම් වැස්ස මදක් නතරවී තිබුනි. එතනින් පසුනම් කරදරයකින් තොරව ජාතික කාර්යාලයට යෑමට හැකියාව ලැබුනි.

ගමන සුදානම් කරනා විට තිස්දෙනෙකු පමණ ගමනට සහභාගී වන බව දැනුම් දී තිබුනද අවසානයේදී එය පහලවකට අඩුවී තිබුනි. එදින රාත්‍රියේ එක්වූ ජාතික කමිටුවේ පිරිස කෙටි සාකච්චාවකින් පසු පසුදින උදෑසන තුනට බණ්ඩාරවෙල දක්වා පිටත්විමට තීරණය කර නින්දය ගියේ ය. උදෑසන නැගී සිටින විටත් සුපුරුදු පරිදි වර්ෂාව ඇදහැලෙමින් තිබුනේ සියලුදෙනාගේම සිත් කනගාටුවෙන් පුරවමින් බව නම් නොඅනු මානය. විනෝද චාරිකාවක් අතර තුර වාහනයටම කොටුවී සිටින්නට නම් කිසිවෙකුත් කැමැත්තක් නොදක්වන බව නම් නොඅනු මානය.

කතා කරගත් පරිදි උදෑසන හතර පමණ වන විට බණ්ඩාරවෙල බලා යමට පිටත් විය. අතර මගදීද මදි නොකියන්නට වට වර්ෂාව සියල්ලන්ගේ බලාපොරොත්තු කඩ කරවමින් සිටියේ ය. පරිසරයේ සිසිල් බවද මදින් මද ඉහල යන්නට විය. ගීත ගායනා හා විහිළු තහළු වලින් පිරීතිබූ බස්රිය තරමක වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබුනි. අට පමණ වන විට උදෑසන ආහාරයට බණ්ඩාරවෙලට ලගාවීම අපගේ අරමුණ උවත් වර්ෂාව නිසා ගමන් වේගය සෑහෙන්න අඩාල විය.



වර්ශාවත් සමග අධික මීදුමින් වැසී ගත් කදු පංති


මීදුම පහව යමින්

බණ්ඩාරවෙලට ආසන්න වෙන විට වර්ශාව නතර වී තිබුනි අධික මීදුමකින් වැසී ගෙන තිබූ කදු පංති එකින් එක පෙනෙන්නට පටන් ගත්තේ සැගවී සිටි ගුහා වලින් එබී බලන්නාක් මෙනි. කෙසේහෝ උදෑසන දහය පමණ වන විට බණ්ඩාරවෙලට පැමිණිමට අපට හැකි විය. අතර මගදී මාළු පාන් ගෙඩියකින් සහ වඩයකින් යන්තමින් කුසගිනි නිවාගෙන සිටියද සීතලත් සමග කුසගින්න දෙගුන තෙගුන වී දැනෙන්නට විය.

උදෑසන ආහාරය සූදානම් වී තිබුනේ සිදුපියනිලෙහිය. කුතුණු සහෝදරතුමන්ලා පූජාත්‍රය ලැබීමට පෙර වසරක කාලයක් මෙහි ගත කල යුතු බව අසන්නට ලැබුනි. මෙහි වැඩිතොරතුරක් නොදැන සිටීම කණගාටුවට කරුණකි. නමුත් පෝස්ටුව කියවන ළ.ක්‍රි.වී. යේ ආදරණීයයන් ඒ අඩුව පුරවනු නොඅනුමානය. මහත් සොම්නසින් අප සැම පිළිගත් සිදුපියනිල බාරව සිටි පියතුමා උදෑසන ආහාරයට අප කැදවාගෙන ගියේය. රතු හාලේ කිරිබතක්, ලුණුමිරිසක් සමග මළු හොද්දක් උදෑසන ආහාරයට සැකසී තිබුනි. අහාරයෙන් පසු අත සේදීම සියල්ලට වඩා අසීරු විය. ජල කරාමයෙන් ආ ජලය ශීතකරණයකින් ගත් වතුර බෝතලයක මෙන් සිසිල්ව තිබුනි.











ඇස් පිනවන අලංකාර පරිසරයක පිහිටි සිදුපිය නිල සියල්ලන්ගේ සිත් ගත් ස්ථානයක් විය. අලංකාර පරිසරය වටා කැමරා මානමින් එහි අලංකාරය උකහා ගන්නට සියලුදෙනා වෙර දැරීය.

උදෑසන ආහාරයෙන් පසු බසයට නැගගත් අපි ඇඩිෂම් මන්දීරය බලා පිටත් විය. 1931 වසරේ ඉංග්‍රීසි වතු කළමණාකාරවරයකු වූ තෝමස් ලිස්ටර් විලියස් ශ්‍රීමතාණන් විසින් සම්පූර්ණයෙන්ම කළු ගලෙන් ඉදිකරවා ඇති අඩිෂම් මන්දිරය සීතල කදුකරයේ සුන්දරත්වය සොයා යන ගමනේ නැරඹිය යුතුම ස්ථානයකි.

විශාල වෘක්ෂයන්ගෙන් ගහන වූ වනාන්තරය මැදින් ගමන්කොට මනාව සකස්කර ඇති මල්වත්තෙන් හා පළතුරු ගස් අතරින් ඇදී එන්නෙකුට මනස්කාන්ත කදුවැටි වලින් ආවරණය වූ ඒ තේජවන්ත බලකොටුව දර්ශනය වෙයි.



බුරුම තේක්ක ලීයෙන් තැනූ වහලයද, වහලය උඩ ඇති වාතාශ්‍ර කවුළුද, මාලිගය තුල ඇති පෞරාණික ගෘහ භාණ්ඩද, මාලිගය සාදා ඇති ගෘහ නිර්මාණ ශිල්පයද ඔබව මවිත කරනු ඇත.



ඇඩිෂම් මන්දිරය නැරබීමෙන් අනතුරුව දිවා ආහාරය සදහා නැවතන් සිදුපියනිල දක්වා අපි ගමන් කලෙමු. දිවා ආහාරය පෙර සිදුපියනිලෙහි බාස්කට්බෝල් පිටිය විනෝදාස්වාදයේ උපරිම තොතැන්නක් කරගැනීමට අපි සමත් වීමු.






ක්‍රීඩාවෙන් උණුසුම් වූ සිතින් හා ගතින් යුතු අපි දිවා ආහාරය බුක්ති වින්දෙමු. දිවා ආහාරයෙන් පසු සිදුපියනිල බාර පියතුමාටත් සිදුපියනිලටත් සමුදුන් අපි බඹර කන්ද දිය ඇල්ල බාල ගමන් ඇරඹීමු.
චාරිකාවට අතරතුර

බඹර කන්ද දිය ඇල්ලේ ගත කල සුන්දර සැන්දෑවත්, බුත්තල සුභසෙත් ගෙදර ගත කල රාත්‍රියත්, පසු දින නැවතත් කොළඹ බලා ගමන්ගත් සුන්දර දිනයෙත් විස්තර රුගෙන අනෙක් පෝස්ටුවෙන් ඉක්මනින්ම හමුවෙමු.

Tuesday, September 3, 2013

සගවන්න කදුළු කැට හැකිවේද මගෙ නෙතට...

බෝ දුරක් ඇවිද ආ
අතීතය සුන්දරයි
සිනහවෙන් පිරි දින
ගෙවී ගොස් ඇති හැඩයි
තුන්යමේ අවදියෙන්
අද මගේ සිත හඩයි
දැනුනාද නුඹට එය
මගෙ පුංචි සමණලී...

මම දුප්පත් සමණලයෙක්
දැන සිටිය නුඹ හොදට
පියබලා බොහෝ දුර
රිදෙන අත්තටු වලින්
වෙහෙසිලා සිත මගේ
රිදුම් දෙයි මුළු ගතම
සිතේ සවි වඩාගෙන
යමි තවත් බොහෝ දුර...

අරගන්න නුඹ ලගට
මම නේක දුක් විදිමි
නොවේ එය මට දුකක්
දකින විට ඔබෙ මුහුණ
දැන දැනම හැම දේම
නගන විට දොස් මෙමට
සගවන්න කදුළු කැට
හැකිවේද මගෙ නෙතට...


Wednesday, August 21, 2013

පහන් තාරකා - 3

ආවර්ජනා


පහන් ජීවිත වාළුකාවේ තනිවූ තවමත් පාසල් අධ්‍යාපනය හදාරන තරුණයෙක්. තවත් වසරකින් උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදනම් වන ඔහු පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන නිසාම පාසලේ සියළු දෙනම ඔහුව හොදින් දැන සිටී. උසස් පෙළ සදහා නවක සිසුන් බදවා ගන්නා දින උදෑසන පාසලට පැමිණෙන ඔහු නවක අබාදිත තත්වයේ සිටින යුවතියක් මිතුරන්ගේ විහිළු තහළු වලින් ගලවා ගනී.

මේ අබාදිත යුවතිය කව්ද?

අද එතැන් සිට.

පසුගිය කොටස්

පහන් තාරකා - 1
පහන් තාරකා - 2

*********************************************************************************

ඇත්තටම මේ කව්ද?

අලුතින් ආව ළමයෙක් වෙන්න ඕන. නැත්නම් ඉතින් දැකල තියෙන්න ඕනනෙ. ප්‍රශ්නාර්ථයක් මූණෙ තියාගෙනම මම එයා දිහා බැලුව. නිම්නයි, තාරකා නංගියි දෙන්නත් දෙපැත්තෙන් ඉදන් එයා දිහා බලන් ඉන්නව මම ඇස් කොනින් දැක්ක.

කදුළු පිරිච්ච ඇස් දෙක පිහදාන ගමන් එයා අපි දිහා බැලුව.

"තැන්කියූ අයියෙ ඔයාට. මම කේතකී. අලුතින් ආවෙ සයන්ස් එකට"

"අලුතින් ආවහම මෙහෙම දේවල් වෙනව කියල දන්නෙ නැද්ද? අනික කකුලත් බැරුව ඔහොම ඇවිදින්න යනවද?"

මම ටිකක් තදින් ඇහුව.

"මම උදේට කාල අවේ නෑ. කැන්ටින් එකට යන්න හන්ද ආවෙ"

"බබා මේ කෙල්ලව කැන්ටින් එකට එක්කන් ගිහින් පංතියට ගිහින් ඇරලවනවද? කව්රු හරි ඇහුවොත් ඔයාලගෙ අක්ක කෙනෙක් කියන්න"

මම තාරකා නංගිට කිව්ව.

"එන්න අක්කි අපි යන්"

"ආයෙ සැරයක් තැන්කියූ අයියෙ ඔයාට මාව බේර ගත්තට."

"හ්ම්, දැන් යන්න. බබා මෙයාව හොදට බලා ගන්න"

"හරි හරි මම බලා ගන්නම්. අපි යනව. හවස මාත් එක්කම ගෙදර යන්න ඉන්න හොදද"

ඒ දෙන්නට යන්න ඇරල. මම නිම්නත් එක්ක පංතිය පැත්තට ඇවිදගෙන ගියා.

"ආව් ආව් කොල්ල වීරය උනා එහෙනම්"

නිම්න කෑ ගහන්න ගත්ත.

"යකෝ කෑ නොගහ හිටු. මං වීරයෙක් වෙන්න ගියෙ නෑ. වීරයා තව ටිකෙන් ඉස්පිරිතාලෙ අරක වැදුනනම්."

"හරි හරි බං ඕකට ඔච්චර තරහ ගන්න ඕන නැහැනෙ"

පංතියට එනකම්ම නිම්නය ආයෙ කතා කරේ නැහැ. මං හොරෙන් ඌ දිහා බැලුවෙ පුරුද්දක් විදිහට එහෙම නිශ්ෂබ්දව ඉන්න එකෙක් නෙමේ හින්දයි.

"පහන්"

පොත්ටික මේසෙ උඩින් තියෙන ගමන් නිම්නය කතා කලා.

"ඇයි"

"ඒ කෙල්ල ඇත්තටම ලස්සනයි මචං. උබට සිරාවටම මැච් වෙනව"

"මේ මගෙන් මුකුත් අහගන්න එපා. ඔච්චරටම ලස්සනනම් උබ දාගනින් මම උබට උදව් කරන්නම්"

"නෑ පහන් මම ඇත්තටම කිව්වෙ. ඒ වගේ ලස්සන කෙල්ලෙක් ගැනපෙන්නෙ උබ වගේ හැන්ඩියෙකුටම තමා. මම වගේ බයියෙකුට නෙමේ"

මම මුකුත් කියන්න ගියෙ නැත්තෙ නිම්න ඒක කිව්වෙ සිරාවටම කියල මට තේරුන හින්ද. මම ඒ රුව මතක් කරගන්න උත්සහයක් ගත්ත. උස අඩි පහක් විතර ඇති මගෙ හිතේ ඊට වඩා වැඩි වෙන්නනම් විදිහක් නෑ. රවුම් මුහුණ සිහින් දිගටි ඇස් දෙක. ශික් මොනවද මම මේ කල්පනා කරන්නෙ. කවදාවත් කෙල්ලෙක් ගැන ඕනාවට වඩා හිතන්න ගියෙ නැති මම දැන් ටිකකට කලින් දැක්ක කෙල්ලෙක් ගැන මොනවට මෙච්චර කල්පනා කරනවද. මම ඉස්සරහ බලද්දි නිම්නය හිනා වෙවී මගෙ දිහා බලන් ඉන්නව.

"මොකද උබ හිනා වෙන්නෙ"

"උබේ මූණෙ පෙරහැරක් යනව. ඒක දිහා බලන් හිටියෙ"

"උබට මම"

මම නැගිටිද්දි ඌ පංතියෙන් එලිය දුවලත් ඉවරයි. මමත් ඒ පස්සෙන්ම පංතියෙන් එලියට ආව. ඒත් එකම පාසල ආරම්භ කරන සීනුව නාද උනා. අද සදුද නිසා ප්‍රධාන රුස්වීම තියෙනව. මම නිම්නත් එක්ක ඒ පැත්තට ඇවිදගෙන ගියා.

*********************************************************************************
ප.ලි. ටික දවසක් ලිව්වෙ නැති හින්ද ලියවිල්ලේ රටාව වෙනස් උනාද මන්ද. එහෙම උනානම් සොරි වෙන්න ඕන. අනික ටිකක් කෙටිත් උනා. ඉක්මනින්ම අනිත් කොටසත් අරගෙන එන්නම්.

පොටෝව ගත්තෙ මෙතනින් -
http://www.theanimegallery.com/data/thumbs/370px/0126/tAG_126319.jpg

Sunday, August 18, 2013

කවි කාරියක්


සෙනසුරාදා, ඉරිදා කියන්නෙ ගෙදර ඉන්ඩවත් හරිහමන් නිදහසක් නැති දවස් දෙකක්. ඒ මොකෑ කිව්වොත් ඉතින් අම්බානෙට පන්තිනෙ. උදේ ගෙදරින් ගිහාම හවස තමයි ආයේ එන්නෙ. ඒක හින්ද ඉතින් අතක් පයක් හොලවන්ඩවත් වෙලාවක් නෑ. ඉතින් මෙහෙම ඉන්න දවසක ඔයාලට මතක ඇතිනෙ මම අර පිටසක්වල කේස් එකක් ගැන පෝස්ට් එකක් ලිව්වා, එන්න එදා මම අපේ මේ අවුරුද්දෙ උසස්පෙල කරන, ඒ කියන්නේ මේ වෙද්දෙ උසස්පෙළ ලියන අක්ක කෙනෙක්ට මැසේජ් එකක් දාල ඇහුව විභාගේ ලේසිද කියල. පිළිතුර හැටියට ආවේ ලේසියි කියල තමයි ඕන්. ඊටපස්සෙ කිව්ව පේපර් ඕනෙනම් අරන් යන්ඩ එන්ඩ කියල. මටත් ඉතින් අර ගෙදර ඉන්න දවස්ටිකේ යන්ඩ වස කම්මැලි හින්ද දවසක් පන්ති ඇරිල එන ගමන් ඒ පැත්තට ගොඩ උනා පේපර් ටික ඉල්ල ගන්ඩ. ඉතින් ඒ ගොඩ වෙච්ච ගමන කියෝ කියෝ පැය භාගයක් විතර හිටියා. ඒ කතාකරපු මාතෘකාව කොහෙන්හරි ගිහින් බ්ලොග් ලිවිල්ල කියන පැත්තට සැට් උනා.

ඒ අක්කටත් බ්ලොග් එකක් ලියන්න ඕනලු ඒත් බ්ලොග් එකක් හදන්න දන්නෙ නෑලු. මේ දවස්වල කොම්පියුටර් එකත් කැඩිලලු. ඒකත් හදාගෙන ඩොන්ගල් එහෙකුත් ගන්ඩ ඕන කිව්ව. මමත් ඉතින් වැඩර් වගේ කිව්ව ඩොන්ගල් එකක් ගත්තම කියන්න මම හදල දෙන්නම්කො කියල. ඉතින් මේ කියන අක්ක ඉගෙන ගන්ඩත් හරි දක්ෂයි. ඒ වගේම තමා කවිලියන්නත් හරි දක්ෂයි. ඉස්කෝලෙ පොත්වල වැඩිහරියක් තියෙන්නෙ කවි. ඉතින් මේ ඊයේ පෙරේදා තිබ්බ උසස්පෙල විභාගෙදිත් මෙයා කවි ලියල තිබ්බා.

ඒ කෙසේද යත්, ඉරි ගහන පේපර් එකක් ලියද්දි ඕනෙනම් කටුසටහන් ගහන්ඩ කියල කොලයක් දෙනවනේ. ඉතින් ඉරිගහන පේපර්එක ඉක්මනට කරල ඉවර වෙලා. මෙයා මේ කොලේ අරන් කවිවගයක් ලියල. ලියපු කවිවල කොටස්වගේකුත් කිව්වා මට හරියට මතක නෑ. මොකක්හරි පොඩි ලව් සීන් එකක් ගැන තමයි ලියල තිබ්බෙ. ගමේ ඉස්කෝලෙන් පටන්ගත්තු ලව් කේස් එකක් ගැන. ඉතින් අර පේපර් එක එකතුකරන්න කලින් අර කටුසටහන් ගහන්න දුන්න කොලේ එකතුකරනවලු. ඒ එකතුකරපු සර් අර අක්කගෙ කොලේ තිබ්බ කවිටික දැකල ඒක උඩින්ම තියාගෙන කවිටික කියෝ කියෝ ගිහින් කිව්වලු

“ ගමේ ඉස්කෝලෙන් පටන් අරන් ඇවිත් තියෙන දුරක් “ කියල

ඉතින් මුළු පන්තියම හිනාවෙනවලු. ඉතින් ඔය වගේ කතා ටිකක් කියෝ කියෝ ඉදල ආර්ථික විද්‍යාව පේපර් එකත් ඉල්ලන් එන්ඩ යද්දි ඒ අක්ක කියනව “ ඔය තියෙන්නෙ මගෙ වැඩ තමයි “ කියල බැලින්නම් අර පේපර් එකේ වටේට තියෙන ඉඩේ ඒ කියන්නෙ පේපර් එකේ බෝඩරේ රූලක් විදිහට අරන් ඒ කොටුව වටේට කවි වගයක් ලියල. ඉතින් බලාහල්ලකෝ වැඩක්. මෙන්න මෙහෙමයි කවිටික

(මේ වම් පැත්තෙ තිබ්බ කොටස)දෑස් මානෙක සිහින උල්පත හිතේ ශක්තිය රජ වුණා - ගතට ලෙඩමුත් හිතට නෑ ලෙඩ Loding another side......

(මේ දකුනු පැත්තේ) මතක සිත්තම් පා උනා - සිහින මන්දිර යානවාහන දවල් හීනෙක සුවදෙනා - සතුට සැනසුම පතමි

(මේ අන්තිම කොටස යටම) හැමදා දිනක නිවනට යා වෙනා.....  Stop

ඉතින් ඔන්න ඔහොමයි කවිටික ලියල තිබ්බෙ එකපැත්තක කෑල්ලයි අනිත් පැත්තෙ කෑල්ලයි අන්තිම කෑල්ල යට පැත්තෙයි. ඔය ලියල තියෙන ඉංගිරීසි කෑලි ටිකත් ඒ විදිහටම ලියල තිබ්බ. ඉතින් කවිය හරියට ගලපල හදල ගත්තම මෙන්න මෙහෙමයි එන්නෙ.

දෑස් මානෙක සිහින උල්පත හිතේ ශක්තිය රජ වුණා - ගතට ලෙඩ මුත් හිතට නෑ ලෙඩ මතක සිත්තම් පා උනා
සිහින මන්දිර යානවාහන දවල් හීනෙක සුවදෙනා - සතුට සැනසුම පතමි හැමදා දිනක නිවනට යා වෙනා....

ඉතින් මේ අක්ක දවසක බ්ලොග් එකක් ලියන්න ගත්තම අපිත් අතහිත දෙන්ඩ ඕන. මොකද කියනවනම් තාම බ්ලොග් එක හදල නැති උනත් බ්ලොග් එකක් හදපුවම දාන්න දේවල් දැන් ඉදන්ම ලියලලු තියෙන්නෙ. ඉතින් අපි ඒ කවිකාරිට බොක්කෙන්ම හෙල්ප් දෙන්න බලන් ඉමු හොදේ. එයාගේ බ්ලොග් එක කමින් සූන් ඈ. 

ලියන්නේ පොඩි ශාන්.