අළුත් දිනයකට පසුගිය 06 වන දිනද හිරු එළිය වැටුනේ සුපුරුදු ලෙසිනි. වෙනදාටත් කලින්ම ඇදෙන් බිමට බැසගත්තේ එදින මටනම් එතරම් විවේකී දිනයක් නොවූ බැවිනි. උදෑසනින්ම රාජකදළුව මීසම් පාලක පියතුමා හමුවීමට කටයුතු යොදාගෙන තිබුනි. සවස හය වන විට මරදාන ළ.ක්‍රි.වී. කාර්යාලයේ සිටිය යුතුය. ඒ සදහා සවස දෙක පමණ වන විටවත් හලාවතින් පිටවිය යුතුය. ඒ වාර්ශික ජාතික කමිටු චාරිකාව සදහා හලාවත පදවිය නියෝජනය කරමින් සහභාගී වීමට සිදුවූ බැවිනි. උදෑසන වන විට අඩුම තරමේ ඇදුම් බෑගයවත් සූදානම් කර නොතිබිනි. කිසිදු ආකාරයෙන් ප්‍රශ්නයක් සිදු නොවිනි නම් කාලය හොදින් කලමනාකරණය කර ගැනීමට හැකියාව තිබුනි.
සිදුවන්නේ නොසිතූ දේවල්මය. උදෑසන දහය පමණ වන විට නොසිතූ පරිදි අදික වර්ශවක් ඇද වැටෙන්නට ගත්තේ ය. ලොකු කුඩයක් ඉහලාගෙනවත් අඩි දෙක තුනක්වත් යන්නට නොහැකි තරම්ම වර්ශාව අදික විය. බගෙට තෙමී ගෙදරට එන විටනම් චාරිකාව එපා වී තිබුනි. දුරකථනයෙන් කිහිප දෙනෙකුටම කතා කර තොරතුරු විමසා බැලීය.හැම තැනටම එකම ලෙස වර්ශාව ඇද හැලෙන බව දැනගන්නට ලැබුනි. කෙසේ හෝ සවස තුන පමණ වන විට හලාවතින් කොළඹ බලා දිවෙන බසයකට නැග ගන්නට හැකි උනි. ලංකා සමගින් ක්‍රිෂාන් මල්ලීද ගමනට එක් විය. කොළඹට යනතුරුම එකම වර්ෂාවකි. මරදාන දක්වා යෑමට ආමර් වීදියෙන් බසයෙන් බැසගන්නා විටනම් වැස්ස මදක් නතරවී තිබුනි. එතනින් පසුනම් කරදරයකින් තොරව ජාතික කාර්යාලයට යෑමට හැකියාව ලැබුනි.
ගමන සුදානම් කරනා විට තිස්දෙනෙකු පමණ ගමනට සහභාගී වන බව දැනුම් දී තිබුනද අවසානයේදී එය පහලවකට අඩුවී තිබුනි. එදින රාත්‍රියේ එක්වූ ජාතික කමිටුවේ පිරිස කෙටි සාකච්චාවකින් පසු පසුදින උදෑසන තුනට බණ්ඩාරවෙල දක්වා පිටත්විමට තීරණය කර නින්දය ගියේ ය. උදෑසන නැගී සිටින විටත් සුපුරුදු පරිදි වර්ෂාව ඇදහැලෙමින් තිබුනේ සියලුදෙනාගේම සිත් කනගාටුවෙන් පුරවමින් බව නම් නොඅනු මානය. විනෝද චාරිකාවක් අතර තුර වාහනයටම කොටුවී සිටින්නට නම් කිසිවෙකුත් කැමැත්තක් නොදක්වන බව නම් නොඅනු මානය.
කතා කරගත් පරිදි උදෑසන හතර පමණ වන විට බණ්ඩාරවෙල බලා යමට පිටත් විය. අතර මගදීද මදි නොකියන්නට වට වර්ෂාව සියල්ලන්ගේ බලාපොරොත්තු කඩ කරවමින් සිටියේ ය. පරිසරයේ සිසිල් බවද මදින් මද ඉහල යන්නට විය. ගීත ගායනා හා විහිළු තහළු වලින් පිරීතිබූ බස්රිය තරමක වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබුනි. අට පමණ වන විට උදෑසන ආහාරයට බණ්ඩාරවෙලට ලගාවීම අපගේ අරමුණ උවත් වර්ෂාව නිසා ගමන් වේගය සෑහෙන්න අඩාල විය.
කතා කරගත් පරිදි උදෑසන හතර පමණ වන විට බණ්ඩාරවෙල බලා යමට පිටත් විය. අතර මගදීද මදි නොකියන්නට වට වර්ෂාව සියල්ලන්ගේ බලාපොරොත්තු කඩ කරවමින් සිටියේ ය. පරිසරයේ සිසිල් බවද මදින් මද ඉහල යන්නට විය. ගීත ගායනා හා විහිළු තහළු වලින් පිරීතිබූ බස්රිය තරමක වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබුනි. අට පමණ වන විට උදෑසන ආහාරයට බණ්ඩාරවෙලට ලගාවීම අපගේ අරමුණ උවත් වර්ෂාව නිසා ගමන් වේගය සෑහෙන්න අඩාල විය.
වර්ශාවත් සමග අධික මීදුමින් වැසී ගත් කදු පංති
මීදුම පහව යමින්
බණ්ඩාරවෙලට ආසන්න වෙන විට වර්ශාව නතර වී තිබුනි අධික මීදුමකින් වැසී ගෙන තිබූ කදු පංති එකින් එක පෙනෙන්නට පටන් ගත්තේ සැගවී සිටි ගුහා වලින් එබී බලන්නාක් මෙනි. කෙසේහෝ උදෑසන දහය පමණ වන විට බණ්ඩාරවෙලට පැමිණිමට අපට හැකි විය. අතර මගදී මාළු පාන් ගෙඩියකින් සහ වඩයකින් යන්තමින් කුසගිනි නිවාගෙන සිටියද සීතලත් සමග කුසගින්න දෙගුන තෙගුන වී දැනෙන්නට විය.
උදෑසන ආහාරය සූදානම් වී තිබුනේ සිදුපියනිලෙහිය. කුතුණු සහෝදරතුමන්ලා පූජාත්‍රය ලැබීමට පෙර වසරක කාලයක් මෙහි ගත කල යුතු බව අසන්නට ලැබුනි. මෙහි වැඩිතොරතුරක් නොදැන සිටීම කණගාටුවට කරුණකි. නමුත් පෝස්ටුව කියවන ළ.ක්‍රි.වී. යේ ආදරණීයයන් ඒ අඩුව පුරවනු නොඅනුමානය. මහත් සොම්නසින් අප සැම පිළිගත් සිදුපියනිල බාරව සිටි පියතුමා උදෑසන ආහාරයට අප කැදවාගෙන ගියේය. රතු හාලේ කිරිබතක්, ලුණුමිරිසක් සමග මළු හොද්දක් උදෑසන ආහාරයට සැකසී තිබුනි. අහාරයෙන් පසු අත සේදීම සියල්ලට වඩා අසීරු විය. ජල කරාමයෙන් ආ ජලය ශීතකරණයකින් ගත් වතුර බෝතලයක මෙන් සිසිල්ව තිබුනි.
ඇස් පිනවන අලංකාර පරිසරයක පිහිටි සිදුපිය නිල සියල්ලන්ගේ සිත් ගත් ස්ථානයක් විය. අලංකාර පරිසරය වටා කැමරා මානමින් එහි අලංකාරය උකහා ගන්නට සියලුදෙනා වෙර දැරීය.
උදෑසන ආහාරයෙන් පසු බසයට නැගගත් අපි ඇඩිෂම් මන්දීරය බලා පිටත් විය. 1931 වසරේ ඉංග්‍රීසි වතු කළමණාකාරවරයකු වූ තෝමස් ලිස්ටර් විලියස් ශ්‍රීමතාණන් විසින් සම්පූර්ණයෙන්ම කළු ගලෙන් ඉදිකරවා ඇති අඩිෂම් මන්දිරය සීතල කදුකරයේ සුන්දරත්වය සොයා යන ගමනේ නැරඹිය යුතුම ස්ථානයකි.
විශාල වෘක්ෂයන්ගෙන් ගහන වූ වනාන්තරය මැදින් ගමන්කොට මනාව සකස්කර ඇති මල්වත්තෙන් හා පළතුරු ගස් අතරින් ඇදී එන්නෙකුට මනස්කාන්ත කදුවැටි වලින් ආවරණය වූ ඒ තේජවන්ත බලකොටුව දර්ශනය වෙයි.
බුරුම තේක්ක ලීයෙන් තැනූ වහලයද, වහලය උඩ ඇති වාතාශ්‍ර කවුළුද, මාලිගය තුල ඇති පෞරාණික ගෘහ භාණ්ඩද, මාලිගය සාදා ඇති ගෘහ නිර්මාණ ශිල්පයද ඔබව මවිත කරනු ඇත.
ඇඩිෂම් මන්දිරය නැරබීමෙන් අනතුරුව දිවා ආහාරය සදහා නැවතන් සිදුපියනිල දක්වා අපි ගමන් කලෙමු. දිවා ආහාරය පෙර සිදුපියනිලෙහි බාස්කට්බෝල් පිටිය විනෝදාස්වාදයේ උපරිම තොතැන්නක් කරගැනීමට අපි සමත් වීමු.
ක්‍රීඩාවෙන් උණුසුම් වූ සිතින් හා ගතින් යුතු අපි දිවා ආහාරය බුක්ති වින්දෙමු. දිවා ආහාරයෙන් පසු සිදුපියනිල බාර පියතුමාටත් සිදුපියනිලටත් සමුදුන් අපි බඹර කන්ද දිය ඇල්ල බාල ගමන් ඇරඹීමු.
චාරිකාවට අතරතුර
බඹර කන්ද දිය ඇල්ලේ ගත කල සුන්දර සැන්දෑවත්, බුත්තල සුභසෙත් ගෙදර ගත කල රාත්‍රියත්, පසු දින නැවතත් කොළඹ බලා ගමන්ගත් සුන්දර දිනයෙත් විස්තර රුගෙන අනෙක් පෝස්ටුවෙන් ඉක්මනින්ම හමුවෙමු.






















