චූන් පාන් යනු මේ කාලේ බේකරි කාරයන්ගේ ප්‍රසිද්ද වැඩ කටයුත්තකි. සෑම නගරයකම පාහේ හවස හතර පහ පමන වන විට බේකරි කාරයන්ගේ රෝද තුනේ චූන් පාන් වාහන සෑම අතුරු මාර්ගයක් ඔස්සේම යන්නේ කඩ කාරයන්ගේ ඇනුම් බැනුම් නොතකාය. සවස් වෙද්දී ඉලියට බසින චූන් පාන් නිසා පාන් විකුණන අහින්සක කඩකාරයන්ගේ බඩට පහර වදින බව නොරහසකි. කඩයේ විකුණන මිලටත් වඩා අඩු මිලට ගෙදරට පැමින විකුනද්දී තකහනියේ කඩයට ගොස් පාන් ගන්නේ එහෙමත් එකෙකි. කෙසේ නමුත් අප අසල්වැසි නගරයක නොමිලයේ චූන් පාන් බෙදූ කතාවක් පසුගිය කාලයේ කන වැකුනි. ඒ පසුගිය අවුරුද්දේ ගන් වතුර දැමූ කාලය තුලය. ගන් වතුරින් අසරන වූ ජනතාවට වතුර බැස ගිය විට නොමිලයේ පාන් බෙදීමට තරම් එම බේකරියේ අයිතිකරු කාරුණික වී ඇත.
චුන් පාන් සබ්දයක් ඇසුනු විට ගමේ පොඩි කොලු කුරුට්ටන් ගෙදර ඇත්තන්ට වද දෙමින් පාරට දුවන්නේ චූන් පාන් නවතා ගැනීමටය. සමහරුන් කල්තියාම පාරට වී සිටින්නේ පාන් ගැනීම සදහාය. යන එන අයගේ විමසීමට මම චූන් පාන් එනකන් ඉන්නවා යැයි කියමින් පාරට වි සිටියි. පොඩි උන්ගේ ලෝකයේ එක් පසෙක සිටින වීරයෙක් ලෙසය මා චූන් පාන් අයියාව දකින්නෙ. සමහර පොඩි උන්ගේ ක්‍රිඩාවක් වී ඇත්තේද චූන් පාන් විකනීමයි.
චූන් පාන් ගැන කතා කොරන්නට මට සිතුනේ අද සවස අපේ ගමේ චූන් පාන් අයියාගෙන් පාන් ගත් පසුවය. ඇත්ත වශයෙන්ම ඔහු දියුනු වෙන මිනිසෙකුට ආදර්ශයට ගත හැකි චරිතයකි. චූන් පාන් අයියා මුලින්ම පාන් විකිනීම ආරම්භ කලේ යතුරුපැදියක පිටුපස වීදුරු වලින් සෑදු පාන් පෙට්ටියක් බැදගෙනය. ඔහුට කලින් පාන් විකිනූ අයගේ බාදා මැද ඔහු තම ගමන ඉදිරයට ගියේය. දිනක් ඔහුගේ පාන් පෙට්ටිය බැද තිබූ ලනු ලෙහී. සම්පූර්ණ පාන් පෙට්ටියම බිම වැටී කුඩු වී ගියේය. ඒ බව මා දැනගත්තේ ඔහුගේ පාපැදිය අලුත්වැඩියා කරමින් තිබූ අවස්ථාවේ ඒ පිලිබදව විමසීමෙන්ය.
මම:- අයියා මොකද උනේ බයික් එකට
චූන් පාන් අයියා:- පාන් පෙට්ටිය වැටිල කැඩුනානේ මල්ලි ඒක හදන්න දැම්මෙ බයික් එකට නම් අවුලක් නෑ
මම:- පානුත් එක්කමද?
චූන් පාන් අයියා:- ඔව් මල්ලි පාන් දෙක තුනකට වඩා වික්කෙ නෑ එහෙම්පිටින්ම වැටුනා
දැඩි සංවේගයක් මගේ සිතෙහි හට ගත්තේ සිදුවීම ඇසූ විටය. මම කල්පනාවට වැටුනු හැටියෙන්ම මූඩ් අවුට් ගිය බව දැනගත් ඔහු.
ඔව්ව ඔහොම තමා මල්ලි අපි යන හැම පාරක්ම හොද පාරවල් නෙමේනෙ
ඔහුගේ මේ කියමන හුදෙක් ඔහු පාන් රැගෙන යන පාර ගැන කීවාට වඩා ජීවත මන් තලාවේ ඇති බධා ගැන කියූවක් ලෙස මට සිතුනි. ඉන් මාස කිහිපයකට පසු ඔහුගේ බේකරියේ නම සහිතව චූන් පාන් ත්‍රීවිලරයකු හන්දියේ හදමින් සිටිනු දුට මට ඔහු පිලිබද ගෞරවයක් හට ගත්තේ නිතැතින්ය. තමන් යන ගමන පියවරෙන් පියවර ඉදිරියට යාමට නොසැලෙන ශක්තියක් ඔහු තුල ඇති බව මා හට පසක් විය. සෑම කෙනෙකු සමගම සිනාමුසු මුහුනින් සිටන ඔහු තුල මානුෂීය ගති එමට විය. අප නිවස අසල තිබූ මල ගෙයක හත් දවස අවසන් වන තෙක්ම ඔහු ඒ අසලින් යන විට ඔහුගේ චූන් පාන් සබ්දය නවතාගෙන ගිය බව මට මතකය. නමුත් චූන් පාන් යැයි කිව හැකි ටාටා වර්ගයේ බට්ටෙක්ද අප පාරේ ගමන් කරයි. ඔහු කිසිම හැගීමකින් තොරව ශබ්දයත් සමග එතනින් ගිය බව මගේ මතකයේ ඇදී ඇත.
අප අවට අපත් සමග සැරි සරන චරිත තුල යම් විශේෂිත බවක් අපට දැනෙන්නේ ඔවුන් තුල ඇති මානුෂීය ගුනාංග නිසා බව මට සිතේ. එවැනි චරිතයක් ගැන මෙවැනි සටහනක් හෝ තැබීමට හැකි වීම ගැන මා තුල සතුටක් හට ගන්නේ ඉනිසායැයි මට සිතේ.
No comments:
Post a Comment