සිතැගියාවට ජීවිත අන්දරය ලියන්නට ගත්තේ ලියන්නට පටන්ගත් රටාව තරමක් වෙනස් කරමිනි. සිතැගියාවේ වැඩිම දෙනෙකු කියවන පෝස්ටු අතරට ජීවිත අන්දරය පත්වන්නට වැඩි දිනක් ගියේ නැත. සිතැගියාව කියවන ලොකු ශානාගේ මිතුරු මිතුරියන් මගතොට මුණගැසුන විටත්, මුහුණු පොතින් මුණගැසුන විටත් අලුත් කොටස ලිව්වේදැයි අසන්නට වූයේ නිතැනිනි. අද උදයේද මුහුණුපොතේ මැසේජස් කිහිපයක් තිබුනේ ජීවිත අන්දරයේ අලුත් කොටසක් ගැන විමසමිනි. ලොකු ශානාගේ බ්ලොග් කලාවේ වෙනසක් කරන්නට මේ වෑයම ගත්තද මුලින් ලියූ රටාවට අසා කරන පිරිසකුත් සිටිනා බව ලොකු ශාන දැන ගත්තේ පසුගිය දිනක හමුවූ මිතුරෙකුගෙනි. ඔහු කීවේ ජීවිත අන්දරය හොද නමුත් තමා වඩාත්ම කැමති මුල් පෝස්ටුවල බාවිතා කල රටාවට බවය.
කෙසේ වෙතත් ලොකු ශානා අද ජීවිත අන්දරයේ තවත් කොටසක් ලියන්නේය. බ්ලොගයට අලුතෙන් පැමිණෙන, ජීවිත අන්දරය කියවා නැති අයට අග මුල සොයා ගැනීමට අපහසු නොවන්නට පහත ලින්කු වලින් මුල් කොටස් කියවා ඉන්නේනම් වඩාත් හොදයැයි සිතේ.
*********************************************************************************
ඇගේ නිවසින් මා පිටත් උනේ වේදනාවෙන් බරවූ සිතිනි. වසර තුනකට ආසන්න කාලයක් ලගින් හිදිමින් දුක සැප බෙදාගත්, වචනයෙන් නොපැවසුවත් ආදර පොත් පිංචෙහි අකුරුකල කාලයට තිත තබමින් සැකය, අවිශ්වාසය කෙමෙන් හිස ඔසවමින් තිබෙනා හැඩයකි. සිතට දැනෙන සැකය, අවිශ්වාසය දුරලන්නට මම මගේ සිතත් සමග දිගින් දිගටම තර්ක කරන්නට උනේ ජීවිතයට බැදුනු මේ ආදරණීය දගකාරියට යන්න දෙන්නට මගේ තිබූ අකමැත්ත නිසාය.
සියල්ල වෙනස් වන්නට ගතවූයේ සුළු කාලයකි. ඇය කිසිවෙකුගේ කීමකට කන්දෙන්නට සූදානම් වූයේ නැත. මා කියන දේ පමණක් ඇසූ ඇය දැන් දැන් මම කියනදේ පවා ඇසීමෙන් වැලකී සිටියේය. සුපුරුදු ලෙසට දිනපතාම දුරකථනයෙන් කතාකලත් ඒ සංවාදයන් හැමවිටම රංඩුවකින් කෙලවර වන්නට විය. තවත් මසක් පමණ ගතවී ගියේ සුපුරුදු හිත් රිදවීම්, කලකිරීම් අතරය. ඒ තීරනාත්මක දුරකථන ඇමතුම ලැබෙනතුරුම ඒහි වෙනසක් නොවීය.
"හෙලෝ"
"හෙලෝ, කොහෙද ඉන්නෙ"
"ගෙදර ඉන්නෙ නංගො"
"මං ගෙදර ආවා"
"මොකද අද වේලාසනින්"
"ඇයි වේලාසනින් එන්නත් එපාද"
"කව්ද කිව්වෙ වේලාසනින් එන්න එපා කියල. කියලවත් කරගන්න බැරිවෙච්ච දේ ඔහොම හරි වෙනවනම් හොදයි"
"ඔයා කියන දේ අහන්න ඔයා මගෙ කව්ද? මං කරන්නෙ මට ඕන දේ. මං එදත් කිව්වනෙ"
"නංගි...."
"නංගි තමයි ඇයි"
"නංගියෝ ඔයයි මමයි ආසාවට අස්රය කලා නෙමෙයිනෙ"
"මේ අහන්න අයියෙ, මං ඔයාට කවදාවත් ආදරෙයි කියල නැහැනෙ නේද? ඔයා එහෙම හිතාගෙන හිටියනම් ඒකට මට කරන්න දේකුත් නැහැ. ඔයා එහෙම දෙයක් හිතේ තියගෙන ඉන්නවනම් ඒක අතඇරගන්න. එහෙම බැරිනම් මීට පස්සෙ මට කතා කරේ නැතුවට කමක් නැහැ. තේරුනාද? මං තියනවා"
මට කතාකරගන්නට පවා නොහැකිවිය. ඇගෙන් මෙවන් දෙයක් මා කිසිසේත්ම බලාපොරොත්තු උයේ නැත. වචනයෙන් නොකීව් ආදරය, ආදරයක් නොවන බව පවසන්නෙ කෙසේද?
"නංගි"
"වෙන කාතා කරන්න දෙයක් නැහැනෙ. මීට පස්සෙ මට කතාකරන්න එපා. මාව හම්බවෙන්න එන්නවත් එපා"
"ඔයා ඔහොම කියනවනම් මං ඔයාට ආයෙත් කරදර කරන්නෑ නංගි. ඒත් මේක මතක තියාගන්න මං හැමදාව ඔයාට ආදරේ කරා. ඒක එහෙමයි. කවද හරි දවසක ඔයාට මගෙන් උදව්වක් හරි ඕන නම් මට කතා කරන්න. මං ඔයා ලග ඉන්නවා. ඕන වෙලාවක මට කතා කරන්න මගෙ මේ නම්බර් එක කවදාවත් වෙනස්වෙන්නෙ නැහැ"
"හරි බලමු. මං තියෙනව"
"බුදුසරණයි ඔයාට. පරිස්සමින් හොදින් ඉන්න"
සියල්ල එලෙසින් අවසන් විය. අදටත් මගේ දුරකථන අංකය එදා තිබූ එකමය මම එය වෙනස්කරන්නට ගියේ නැත. කිහිප විටකදීම වෙනත් දුරකථන අංක භාවිතා කලද මෙය හැමදාම ක්‍රියාකාරීව තිබුනි. වසර තුනක පමණ ආදරයක්, ඒකපාර්ශික ආදරයක් අවසන් වූයේ මගේ සිතද මට අහිමි කරමිනි. ඇය මගෙන් සමුගන්නට කිසිදු හේතුවක් මම දැන සිටියේ නැත. අදටද එය එසේමය. මා දන්න එකම දෙය ඇය මගෙන් සමුගෙන ඇති බව පමණි.
*********************************************************************************
ඇදෙන් නැගී සිටි මම දුරකථනයේ රේඩියෝව ක්‍රියාවිරහිත කර දැම්මේය. ඩයරිය රුගෙන මේසයෙන් ඉද ගත්තේය. ඩයරියේ පළමු පිටුඅතර තිබූ කොළයක් වෙත මගේ නෙත් ගියේ නොසැලකිලිමත් ලෙසය. ඒ ඇය මට දුන් කොළයකි එහි සටහන් වී තිබුන කවි කිහිපය මම කියවාගෙන ගියෙමි.
සිහිනෙනුත් දුටු සිහිනයකි මට ඔබේ පිවිතුරු ආදරේ
ලබා දුනමුත් ලබා ගන්නට මට පිනක් නැත මේ භවේ
පැහැදි සිටිමුත් ඔබේ සිත ගැන ඒ මගේ ප්‍රේමය නොවේ
දිනක මා ඔබෙ උවොත් ඒ ඔබේ දෛවයම වේ
අදත් මතකයි එදාමෙන් මට ඔබව දුටු ඒ මුල් දිනේ
සිනා පාමින් මදෙස බැලු හැටි සිහිනයක් සේ හද තියේ
නොවුනි හද තුල ඔබේ රුව ගැන ආලයක් මට කිසි දිනේ
නොසිතු විලසින් නැවත හමුවී ඇයිද මට සරදම් කලේ
ඔබේ ප්‍රේමය මා පමණ බැවු දිවුර කීවත් යලි යලිත්
මගේ ප්‍රේමය ඔබ නොවන බැවු කෙලෙසනම් කියම් දැයි
පියානන් නැති අදුරු ලෝකෙට මට ප්‍රදීපය මගෙ මවුන්
වැද කියන්නම් නොවනු කිසිදින මා සමග අමනාප කම්
මේ කවි කොලය මගේ පොතක් තුලට ඇය දමා තිබුනේ ඇය මගෙන් සමුගැනීමට දින කිහපයකට පෙර මා ඇගේ නිවසට ගිය විටය. අදටත් ඇයගේ සමුගැනීම මෙන්ම මේ කවි කිහිපයේ අර්ථයද මට ප්‍රෙහේලිකාවකි. ඇය මෙහි පවසා සිටි ආකාරයට දුරකථනයෙන් අප හමුවන්නට පෙර ඈ මා දැක තිබුනාද? එය විය නොහැක්කකද නොවේ. විවිධ දේශන වලට, වැඩසටහන් වලට නිතරම මම සහභාගී විය. මෙවන් අවස්තා වලදී ඇය මා මුණ ගැසෙන්නට ඕනෑතරම් ඉඩ තිබුනි. එහෙත් අද සියල්ල වෙනස් වී ගොස්ය. ඈ පැවසූ ලෙසට මගේ දෛවය ලියවී තිබුනේ ඈ මගේ වන්නට නොව අප දෙදෙනා සමුගන්නටය.
කාලය ගත වී ගියේ බිදුණු සිත සකස් කරමිනි. පිස්සෙකු සේ කල්පානා කරමින් ගතකල කාලය අවසන් කරමින් නුවර වැව් බැම්ම ලගින් පසුගිය දිනක මා මෑත් වූයේ ජීවිතයේ ලොකු තීරණයක් ගනිමිනි. අද මම මගේ තීරණය ඔස්සේ ගමන් කරමින් සිටී. ඇතුගල්පුරයට මම පැමිණියේ ඒ තීරණයේ ප්‍රතිඵලයක් ලෙසය. ඇතුගල පෙනෙන මානයේ පුංචි බෝඩින් කාමරයක් මගේ නවාතැන විය. අද රාත්‍රිය මෙහි ගත කරන පළමු රාත්‍රියයි. ජීවිතයට අරමුණක් කැටිකරගෙන ජීවිත ගමන නැවත ආරම්භ කලේ පසුගිය දිනකය. තොරතුරු තාක්ෂනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාවට මා තෝරාගෙන ඇති බව සදහන් කරමින් ලිපියක් පසුගිය දිනක මා අතට පත්විය.
ජීවිතය අළුත් විය යුතුමය. අද මා තනිවමය, පොත පතට ආදරය කරන්නේය. ජීවිතයේ ජයග්‍රහනයට ඒ හොදටම ඇති බව මා දැන උන්නේය. කවදාහෝ ආදරණීය හිතක් මට ලන්වනු ඇත. එතෙක් මා බලා සිටින්නේය.
*********************************************************************************
වේලාව රාත්‍රි 11ට ආසන්න වී ඇත. ඩයරියේ සටහනක් යෙදුවේ අද මගේ ජීවිතයේ වැදගත්ම දිනයක් බැවිනි. මගේ දුරකථනය නාද වෙන්නට ගත්තේ ඒ අතරතුරය.
"හෙලෝ"
"හෙලෝ, යාළු කොහෙමද ඉතින්"
"ආ ළමය කොහෙද ඉන්නෙ."
"අදනම් බෝඩිමේ, අද තමා ආවෙ"
"අම්මට කොහොමද දැන්"
"කියන්න තරම් ගුනේකුත් නෑ, නරකකුත් නෑ යාළු"
"හ්ම්... පාඩම් කරන්න ගන්න එහෙනම් එක්සෑම් ලගයිනෙ"
"අපෝ අප්පා... ඔයා එක්ක කතා කරන්නම බැහැනෙ වචන 10ක් කතා කරොත් එකක් පාඩම් කරන්න කියලමයි කියන්නෙ"
"ඔයාගෙම හොදටනෙ ළමයෝ කියන්නෙ. මොකද ඔයා පාඩම් කරා කියලා මට වාසියක් වෙන්නෙ නැහැනෙ"
"හරි, හරි මං පාඩම් කරන්නම් අප්පා. මං තියනව එහෙනම්"
"හරි. බුදුසරණයි, තිවාව මතක් කලා කියන්න"
"හරි, හරි මං කියන්නම්, බුදුසරණයි"
දුරකථනය විසන්දි කර ඇදට වැටුන මම නිදි දෙව්දුව සොයා ගියේ පාඩම් කරන්නට සිතක් මට නොතිබුන නිසාය.
*********************************************************************************
ප.ලි - ජීවිතය මෙතනින් නතර වූයේ නැත. අද තොරතුරු තාක්ෂන උපදේශක වරයෙකු ලෙස ජීවිතය ගෙන යන්නට සටනක යෙදී සිටී. ජීවිතයට එකතුඋන ආදරණීය සිතැත්තිය ලගින් සිටිමින් ලොකු ශක්තියක් වෙයි. ජීවිතය නතර නොවුනද කොටස් හතරක් පුරා ලියූ ජීවිත අන්දරය මෙතැනින් නවතා දැමිය හැක. දිගටම ලියාගෙන යාමටද හැකිය. තීරණය ගත යුත්තේ කියවන ඔබය. පහල කමෙන්ට් තීරුව ඒ සදහා විවෘතය.
ලොකු ශානා ලියයි

අන්තිම හරිය තේරෙන්නේ නෑ. ඒ කවුද කතා කරල තියෙන්නෙ කියල කියනවද.
ReplyDeleteඒ කව්ද කියල ඊලග කොටසින් බලමු ඇනෝ.
Deleteඊලග කෑල්ල තවත් රසවත් :පී
kagenda e call eka..???
ReplyDeleteඅනිත් කොටසින් බලමු මලය
DeleteAththatama aiye aurudu 3k ochchara ekata indala, adahas bedagenath, asawakatawath, sms ekakinwath eya oyata adarei kiyala kiuwema nadda..???
ReplyDeleteමම පස්සෙත් ඕක කල්පනා කලා ඒත් එහෙම උනේ නෑනෙ
Deleteමටත් අහන්න තියෙන්නෙ ඒ කතාවම තමයි.
ReplyDeleteනෑ බං පොඩි ශානො
Deleteලියාපං ලියාපං දිගටම..ජීවිත අන්දරය කියන එක නිමාවක් වෙන එකක් නෙවෙයිනෙ බොල...හෙහ්, හෙහ්
ReplyDeleteලියනව, ලියනව. ජීවිත අන්දරය ඉවර උනේ නැතුවට මේක නම් ඉක්මනින් ඉවර කරන්න වෙනව. නැත්නම් මෙගා උනොත් කවුරුත් මේ පැත්තෙ එන එකකුත් නෑ නොවෑ
Deleteමේ ඉතින් ළ.ක්‍රි.වී. ත් නොකර ඈත් වෙලා උන්න කාලෙ සිද්ද වෙච්ච දේවල් වෙන්ටැ... ඒ නැතත් අපි ඉතින් මුණ ගැහුණම වැඩ ගැනම කතා කළා මිස ආදර අන්දර ගැන කතා කළේ නැහැනෙ නේද?
ReplyDeleteඔව්, ඔව් ඒ කාලෙ තාමා වැඩියමක් දේවල් සිද්ද වූනේ. හැබැයි ඔය මුල් කාලෙ ඒව සිද්දවෙද්දිනම් ළ.ක්‍රි.වී. යෙ හිටිය. හෙ... හෙ... ඔව් ඔව් අපිට ඉතින් අනිත් දේවල් කතා කරන්න වෙලාවක් තියෙනවයෑ, ඒ වෙලාවට කරන වැඩසටහන ගැන කතා කරනව ඇරෙන්න.
Delete