Sunday, June 9, 2013

හුදකලා විරාමයක් තුල සිත පුරා දිවූ සිතිවිලි.

අතීතයේ ඔබෙ ආදර සැමරුම්
හදේ රැදී ඇත මියෙන තුරා
එදා පැතූ ඒ ආදර පැතුමන්
සුනු විසුනුව ඇත මහද පුරා.
______________________________________________________

ආදර ලෝකෙක ඔබ ගෙන යන්නට පිරූ පෙරුම් මම සසර පුරා
පරවී විසිරුනු මල් පොකුරක් සේ සුන්ව ගියේ ඇයි මා හැරදා
ඔබගේ තුරුලේ සැනහී උන් දා ආදර මල් වරුසා වැස්සා
ගිනිගෙන දැවෙනා මල් පෙති වරුසා අද මගෙ ලෝක‍යෙ විසිරෙනවා
______________________________________________________

ආදරයට ආදරය කරන්න
පෙරුම් පුරමි මම හැමදාම
නමුදු තවමත් සමු නොවුනි
හදවතට දැනෙන සැබෑ ආදරයක්
______________________________________________________

නියගයෙන් දැවී ඉරි තැලී ගොස් ඇති මහ පොළවට
වැරෙන් පහර දෙන චන්ඩ හිරු රැස් අතරින් පෙනෙන
හද සනසාලන වැහි ලිහිණියෙකු මෙන්
හදවත නැමැති පොළවට වැටෙන
තනිකම නැමැති සැඩ රෂ්මිය අතරින්
ආදරය නැමැති ලිහිණියකගේ සේයාවක් පෙනෙයි.
______________________________________________________

හැමදා දකින එක් ආදර සිහිනයක
දෙවගන උනේ මට ඔබගේ රුවයි
ආලය කලා ඔබ හදවතින් මා හට
නමුදු එය සිහිනයකි සදාකල් මා දකින
______________________________________________________

ආදරණීය ඔබගේ හදේ
නැතිද ඉඩක් මගෙ ආදරයට
දෙන්න අවසර රැදී සිටින්නට
ඔබේ සොදුරු හද කුටිය තුල
______________________________________________________

දුකින් තැවෙන හදවතක්
සිනහවෙන් පුරවන්නට
ආදරණිය හදකට හැකිනම්
ඇයිද මා තවමත් දුකින්
______________________________________________________

සටහන:- මේ සිතිවිලි එකිනෙක අතර කිසිම සබදතාවක් නොමැති අතර හුදකලාවේ තනිවී සිටින විට පොඩි ශානාගේ සිතෙහි ඇදුනු දුක්බර, ආදරබර, ශොචනීය සිතිවිලි ගොන්නක් මෙසේ අකුරු කර ඇත.

2 comments:

  1. යහලුව නැත මා හට සිතුවිලි ඔබ හට අකුරු කරන්නට එතරමි් සුන්දරයි ඔබගේ මේ වඳන් හමුව.......එක් කරමි මා හද පතුලින් සුභ පැතුමන් ඔබගේ අනාගතය සාර්තක වන්නට....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සෙව්

      Delete