"මචං ෆෝන් එකක් නැද්ද ටික දවසකට ඉල්ල ගන්න"
"මොකෝ බං හදිස්සියෙ ෆෝන් හොයන්නෙ"
"පොඩි ජොබක් සෙට් උනා බං ඩයලොග් එකේ. හෙට යන්න ඕන අරගෙන යන්න ෆෝන් එකක් නෑ. සිම් එකක් නම් තියෙනව. ගෙදර තියෙන ෆෝන් එක තියල යන්න ඕන"
"බලමු බං මගෙ ෆෝන් එකක් තිබුන ගෙදර තිබුනොත් මං උබට දෙන්නම්"
*********************************************************************************
අපොස උ/පෙළ විභාගය ඉවර වෙලා මාසයක් විතර ගතවෙලා ගිහිල්ල කාලය ඒපැත්ත බලල මේ පැත්ත බලද්දි ගෙවිල යනවා. තිබුන ප්රශ්නත් එක්ක විභාගෙට මුහුණ දුන්නට අඩුම තරමෙ එස් තුනක්වත් තියෙයි කියලවත් විශ්වාසයක් නැහැ. දෙවෙනිපාර ලියන්න කියල පංතියකට ගියත් ආර්ථික තත්වෙත් එක්ක තවත් ගෙදරට බරක් වෙන්න හිතෙන්නෙ නැහැ. ජීවිතේ ටිකක් හරි සැහැල්ලුවක් දැනෙන්නෙ පුංචිඋන් ටිකත් එක්ක එකතුවෙලා කරන ළමා සමාජෙ හින්ද. උන් එක්ක එකතු වෙලා දුවල පැනල සෙල්ලම් කරද්දි තියෙන ප්රශ්න ටිකවෙලාවකටහරි අමතක කරන්න පුළුවන්.
ජීවිතේ ප්රශ්න අමතක කරන්න කියල අරක්කු බෝතල් ගණන් බදාගෙන ඉන්න මිනිස්සු දිහා බලලා මං හිනාවෙනවා. හිතේ කෑකෑරෙන ප්රශ්නෙ අරක්කු බෝතලෙත් එක්ක දියකරල යවල, ඒ වෙරි මතින් අවදි වෙද්දි උබලගෙ ප්රශ්න තවත් වැඩි වෙලා නේද? අරක්කු බෝතලේට යටකරන සල්ලිටිකත් ඉතුරු උනානම් ඔය ප්රශ්න ටිකක් හරි අඩුවෙලානෙ. මං හිනාවෙන්නෙ උබලට නෙමේ. සල්ලි වියදම් නොකර ප්රශ්න ටිකවෙලාවකට අමතක කරන්න පුළුවන් අහින්සක දෙයක් මට හම්බවෙලා තියෙන හින්ද. මේ පුංචි පැටවුන්ට දෙයක් කියල දීලා, උන්ගෙ හීන පාටකරන්න උදව්වෙලා මං ලබන සතුට සැනසීම උබලට නැති එක ගැන වෙලාවකට මට හරි කණගාටුවකුත් දැනෙනව.
මං දන්නව මට උබලට වඩා ඉක්මනින් නැගිටින්න පුළුවන් වෙනවා. වෙන දෙයක් හින්ද නෙමේ මගෙ හිතේ ලොකු සතුටක්, සැනසීමක් එක්ක ලොකු ශක්තියක් තියෙනවා. මං මේ උත්සහ ගන්නෙ ඒ ශක්තියෙන් වැඩක් ගන්න. මේ ගෙවිච්ච අවුරුදු දහනවයට කිසිම කොල්ලෙක් කෙල්ලෙක් ලබන්නෙ නැති ජීවත අත්දැකීම් ගොඩක් එක්ක මං මගෙ ගමන පටන් ගන්නවා. ටික කාලෙකට හරි ජීවිතේ මහ පාරට සින්න වෙන්න පුළුවන්. ඒත් ඒ හැමදාටම නෙමෙයි. කාලය මේ ප්රශ්න වලට හොද උත්තරයක් දෙයි.
හෙට උදේම ජීවිතේ තවත් ලොකු වෙනසක් එක්ක අඩිය තියල යන්න ඕන. මේ මගේ ජීවිතේ තවත් එක සංදිස්තානයක් වෙයි මං හිතන්නෙ.
*********************************************************************************
"ගුඩ් මොර්නින්ග් නංගො"
"ගුඩ් මොර්නින්ග් අයියෙ. ඔයා යන්නද යන්නෙ"
"ඔව්, මේ පාරෙ ඉන්නෙ දැන්"
"පරිස්සමින් අයියෙ. යන වැඩේ හරියට කරන්න හොදද. මෙහෙ ප්රශ්න ගැන හිතන්න එපා. මට කොළඹට ගිහින් කොල් එකක් දෙනව නේද?"
"ඔව්, මං මගින් කෝල් එකක් දෙන්නම්. ඔයත් පරිස්සමින් ඉන්න හොදද"
"අනේ පරිස්සමින් අයියෙ හොදද."
"හරි, හරි ළමයෝ ඔයා බය නැතුව ඉන්නකො"
"හ්ම්, බුදුසරණයි ඔයාට"
"බුදුසරණයි"
ජීවිතේ අලුතෙන් පටන්ගන්න උත්සාහයක් ගන්න වෙලාවෙ ජීවිතේට බැදුන අයගෙ සුභපැතුම්, ආශිර්වාද ගොඩක් වටිනව. මගේ ජීවිතෙත් ලස්සනට සිත්තම්කරමින් සිටිය ඇය මගෙ හැම වැඩකදිම පිටිපස්සෙන් ඉදන් මට ආශිර්වද කරන්න මට ශක්තියක් වෙන්න උත්සාහ ගත්තා. මේ ආදරේ නෙවෙයිනම් වෙන මොකක්ද? කොළඹ බලා දිවෙන බසයකට නැගුනු මම වීදුරුව අයිනෙ අසුනකට බර උනා. ටික දිනකට කලින් සිදුවෙච්ච සිද්දියක් මගෙ හිතට ආවෙ එවෙලෙයි.
ඒ ඇගේ උපන් දිනය. අපි දෙන්න මුණ ගැහුනට පස්සෙ උදාවන ඇගේ පළවෙනි උපන් දිනය. ඇයට පුංචි තෑග්ගක් දෙන්න මට ඕන උනා. ගොඩක් සල්ලි අතේ නැතත් ඉතුරු කරගෙන හිටිය සල්ලි වලින් පුංචි තෑග්ගක් අරගත්ත. ඒක පුංචි විදුරු කැටයක් ඒකෙ ඇතුලෙ බුදුහාමුදුරුවන්ගෙ රූපය කැටයම් වෙලා තිබුන. අගේ උපන්දිනේ දවසෙ මං මේ පුංචි තිලිණය ඇයට දුන්නෙ හැමදාටම ඇය ලග තියගන්න. ඒත් සිදුවුනේ නොසිතූ දෙයක් ඇය ඒ තිලිණය බසයේම අමතක කර ගොස් තිබුනා.

ජීවිතේ හෙමින් ගෙවිල ගියා. රුකියාවේ කටයුතුත් එක්ක නිතරම දුර පළාත් වලට යන්න සිද්ද උනා. ඒත් හැම වෙලේම ඇය මාත් සමග හිටිය. ඒ ආදරණීය හිත මගේ හීන පාට කරන්නට උනා. දින පහ හයක වැඩ අවසන් වෙනකම් මං ඇගිලි ගනින්නෙ ඇයව දැක ගන්නට එන්නට. හැම දෙයක්ම අතරේ රතු එලියක් දැල්වී නිවී ගියේ නොසිතූ වෙලාවක. නිවාඩු දිනක මා ඇය දැකගන්නට ගියේ හිතේ දහසකුත් එකක් බලාපොරොත්තුත් එක්ක. සුපුරුදු බස් නැවතුම් පලේ මම පාසල නිමාවනතුරු බලාසිටියා. ඒ ආදරණීය මුහුණ මා දුටු විගසම ලස්සන සිනහවකින් පිරීගියා. ඇගේ මිතුරියන් ඇයට මොනමොනවදෝ පවසිමින් සිනාසෙමින් සිටියා. බස්නැවතුමට පැමිණි බසටය මා ගොඩ උනේ මගේ පිටුපසින් ඇය එම බසයටම ගොඩවන බව දන්නා නිසයි.
බසයට ගොඩ උන ඈ මා නොසිතූ ලෙස මා අසල නොරුදී බසයේ ඉදිරියටම ගමන් කලා. ඈ පිටුපසින්ම මා දැන නොසිටි කොල්ලෙකුත්.....
" ශා, කවුද බං අර හෝතබය"
ඒ මාත් සමග සිටි මගේ මිතුරෙක්. මට කිසිවක් සිතා ගැනීමට නොහැකිව සිදුවන්නෙ කුමක්දැයි බලා සිටියා. ඇය අසලට ලන්වූ ඔහු ඇයට මොනමොනවදෝ පවසමින් සිටියා. ඇයද ඔහුට මොනවදෝ පවසමින්.
"වරෙන් යන්න ඕකගෙ හොම්බට දෙකක් අයින්න"
නැවතත් මගේ මිතුරා. එහෙත් මා ඔහු වැලැක්වූයේ කෙල්ලෙකු නිසා කොල්ලෙකුට ගසන්නට තරම්වූ පහත් මානසික තත්වයක නොසිටි බැවිනුයි. සිදුවන්නේ කුමක් උවත් පසුව ඇයගෙන් ඒ පිළිබද විමසීම වඩාත් සුදුසු බව මට වැටහුනා. ඈ ඒතරමටම මගේ විශ්වාසය දිනාගෙන සිටියා. මා දෙසවත් නොබලා බසයෙන් බැසීමට පැමිණි ඇයට මගේ මිතුරා මොන මොනවදෝ කියනු ඇසුනා. බසයෙන් බැස මා නිවසට පැමිණියේ කෙසෙදැයි මමවත් දැන සිටියේ නැහැ. සවස සුපුරුදු දුරකථන ඇමතුම එනතුරුම මා සිටියේ වෙනත්ම ලොවකය.
"හෙලෝ"
මගේ කටහඩ බිදීගියේ මටත් නොදැනීමයි.
"ඇයි අයියෙ අප්සට් එකෙන් වගේ"
ඇගේ සුපුරුදු හඩ. කිසිවක් සිදු නොවූ ලෙසටම.
"නෑ, මුකුත් නැහැ"
"මුකුත් නැතිවෙන්න බැහැ. ඔයාගේ කටහඩත් වෙනස් වෙලා"
"කවුද අර බස් එකේ හිටිය කොල්ල"
මටත් කලින් මගේ කට ඉස්සර විය.
"ආ, ඒකයි මේ කාරණාව. ඒ අර මං එදා ගිය වෙඩින් එකේ බෙස්මන්ට හිටපු බෝයි. මං හිතුවෙ නෑ එයා එයි කියල"
"ආ... ඒකද බස් එකට නැගපු ගමන් ඉස්සරහටම ගියෙ"
" අනේ අයියෙ, මොනවද මේ ඔයා කියවන්නෙ මං ඉස්සරහට ගියෙ සෙනග හිටපු නිසා. ඔයා එන්න එපැයි ඉස්සරහට. ඔය පිටිපස්සට වෙලා ඉදලා දැන් මෙතන මට බනිනව"
එයට වැරදිකාරයා මමය. ඇය කී දෙය පිළිගන්නට තරම්ම මම ඇයට ආදරය කරමින් සිටියේය. දැල්වී නිවී ගිය රතුඑලිය අමතක කරමින් නැවතත් සුපුරුදු ලෙස ජීවිතය ගත කරන්නට පෙළබුනේ මංදැයි මට සිතා ගැනීමට නොහැකිය. බොරුවක් වූ පළමු ඇමතුම, නැතිකරගත් පළමු තිලිණය, හ්ම්..........
*********************************************************************************
රුකියාව අහිමි වීමත් සමග ජීවිතය නැවතත් ඇද වැටෙන්නට යද්දි. තවදුරටත් යමක් ඉගෙනීමේ ආශාවක් හිත යට නලියන්නට වූයේ මාස ගණනාවක්ම ලංකාව වටේ ඇවිදිමින් ගත කල ජීවිතයට එතරම් ආසාවක් නොතිබූ නිසාය. පුංචිකාලයේ පටන් ආසාකල විශයට හිතයොමු කරමින් තොරතුරු තාක්ෂණය හදාරන්නට සිතුවේ ඒ නිසාමය. අද ඇතුගල්පුරයේ මේ පුංචි කාමරයේ සිටින්නටද එදා ගත් ඒ තීරණය බලපෑවේය.
"ශාන්, බත් කන්න එන්න"
බොඩිමේ ඇන්ටිගේ හඩින් මගේ සිහින ලෝකය බිදී ගියේය. කාමරයට බත් එක ලැබේයැයි සිතා සිටි මට කෑමට අඩගසන්නේ මන්දැයි සිතා ගත නොහැකි විය. පිටුපස දොරින් ඇතුලට ගිය මට දැනුනේ පුදුමයකි. කෑම මේසටය ඇර තිබුනි. බෝඩින් ජීවිතයේ කිසිසෙත්ම බලාපොරොත්තු නොවූ දෙයකි.
"බෙදාගෙන කන්න ශාන්"
*********************************************************************************
ප.ලි. ජීවිත අන්දරයේ දෙවන දිගහැරුම මෙලෙස අවසාන කරමි. පළමු කොටසට වඩා ශෛලිය වෙනස්වූ බවක් රසයේ අඩුවක් සිදු වූ බවක් ලියගෙන යද්දී මටද හැගී ගියේය. අඩුලුහුඩු තැන් පෙන්වා දෙන්නේනම් වඩාත් සතුටු වෙමි.
ලියන්නේ ලොකු ශානා

අවුලක් නෑ සහෝ. හොදට ලියල තියනව. ඔහොම යන් දිගටම.
ReplyDeleteමුල ටිකක් අවුල් ගියට පස්සෙ ට්රැක් ඒකට වැටිල තියෙනව කියල දෙතුන් දෙනෙක්ම කිව්ව මලයා. ඒ හින්ද අවුලක් නෑ
Deletemokada jeewithaye andaraya, dewana kotasin nawathila..???
ReplyDeleteIthiru tikath liyannako...
ලියමු ලියමු. මේ ටිකේ ටිකක් විතර සයිබරයෙන් ඈත් වෙලා හිටිය ඒකයි ලියන්න බැරිඋනේ සුදර්ශන. ඉක්මනින්ම තව කොටසක් ලියන්නම්.
Delete