අප සැවොම සිනාසී සිටීමට කැමතිය. මොහොතක් සිතන්න දවසකට අප කී පාරක් සිනා සෙනවාද? ඇත්තෙන්ම මතකයට නගා ගත නොහැකි තරමක් ඔබ සිනා සෙනවා ඇති. නමුත් දවසකට මා මේතරම් ප්‍රමානයක් සිනා සුනායැයි කිව හැකි තරම් ස්වල්ප ප්‍රමානයක් සිනා සෙන මිනිසුන් ලොවේ නැත්තාම නොවේ. නොමිලේ දිය හැකි එකම වස්තුව සිනහව පමනයි කියා බස් රථ වල ත්‍රීවීල් රථ වල ගසා තිබූ බව මට මතකය. ඇත්තය අපගේ සිනහවට තවත් සිතක් සතුටු කිරීමට හැකියාවක් ඇත. ඔබේ මව ඔබේ පියා ඔබේ එක් සිනා මාත්‍රයකින් කොතරම් නම් සතුටු වෙනවාද? ඔබේ ආදර වන්තයා, ආදර වන්තිය ඔබේ සිනහවකින් කෙතරම් සතුටු වෙනවාද? සිනහවට හදවතකට කතා කල හැකිය. සිනහව නියමාකාරයෙන් ප්‍රයෝජනයට ගන්නා පුද්ගලයෙකුට හිතවතුන් විශාල ප්‍රමාණයක් ඇති කරගත හැක (පොඩි ශානටත් ලොකු ශානටත් දෙදෙනාටම හිතවතුන් බර ලොට් එකක් ඉන්නේ ඒ නිසායයි සිතේ)
මිනිසුන්ට සිනහ නොවී මිනිසුන් සමග සිනහ වෙන්නැයි මා කියවූ පොතක තිබූ බව මට මතකය. කතාව ඇත්තය, අප වැඩි දෙනෙක් කාව හෝ සමච්චලයට ලක් කොට සිනහ වෙන්නට හපනුන්ය. කවුරුන් හෝ පාරක හැපී වැටුනහොත් ඔහුට සිදුවු විපත්තිය ගැන නොසිතා අප ඔහුට සිනහ වන්නේය. එවන් අවස්ථාවක ඔබ ගොස් ඔහුට නැගී සිටීමට අත දුන්නාද? එසේනම් ඔබ හොද පුද්ගලයෙකු බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. ඔබ උදෑසන රැකියාවට, පාසලට යන විට කී දෙනෙකු සමග සිනහ වෙනවාද? ඔබට වරක් හෝ අවවාද කොට ඇති කෙනෙකු සමග සිනහ වීමට ඔබ දෙවරක් සිතනු ඇත. එවිට ඔහුගේ සිතිවිලි මොනවාදැයි ඔබට සිතුනාද? ඔබ තරහ සිතේ තබාගෙන සිටිනා කෙනෙකු ලෙස ඔහු සිතනු නොඅනුමානය. පොඩි ශානා හැකි සෑම අවස්ථාවකම සිනාසෙන්නේය. හැකි සෑම කෙනෙකු සමගම සිනාසෙන්නේය. පොඩි ශානටද පෙන්නන්ට බැරි ගුරුවරු කිහිප දෙනෙක් පාසලේ ඇත. නමුත් ඔවුන් සමගත් සිනාසී යාම පොඩි ශානගේ ගතියකි.
ඔබගේ මිතුරෙක් හෝ මිතුරියක් කදුළු පුරවාගෙන හඩනවාට ඔබ කැමතිද? නැත ඔබ කැමති වීමට කොහෙත්ම ඉඩ නැත. නමුත් ඔහු හෝ ඇය දුක් වන අවස්ථාවක ඔබ ඔවුන්ගේ සිත සැනසුවාද මුවටගට සිනහවක් නැන්වුවාද? එවන් අවස්ථාවක ඔවුනට සිනහ වෙන්නට උදව් කරන්න. ඔබට ඔවුන් සනසා සිතට සතුටක් ලබා ගත හැක බව විශ්වාසය. ඔවන් ඔබ නිසා සිනාසෙන්නේනම් ඔබට එය සතුටක් ගෙන දෙනු ඇත. හැම විටම ඔබ සිනාමුසුව ඉන්න. ඔබ අවට සිටින්නන් සමග සුහදව සිනාසෙන්න. ඔබ නිතර සිනහවෙන් සිටින්නෙකු නම් ඔබ අසතුටෙන් සිටිනවාට ඔබගේ මිතුරන් අකමැති වනු ඇත.
වෙළද සැලක් කරන්නෙකු ලග සිනහවක් තිබීම අනිවාර්ය වේ. මිනිසුන් සමග සිනා නොවෙන කෙනෙකුගේ වෙළද සැලකට ගොඩවන්නට සිතෙන්නේ නැත. නමුත් හොදින් සිනා සී සිටින පුද්ගලයෙකුගේ ස්ථානයක් ගත් කල පෙරට වඩා හාත් පසින්ම වෙනස්ය. සිනහව බලගතුය. ඔබගේ එක් අවංක සිනහවකින් පුද්ගලයෙකුගේ හැගීම් පවා වෙනස් කල හැක. එය පොඩි ශානා හොදින් අත් දැක ඇත. විශේෂයෙන් ගැහැනු පාර්ශවයේ සිත් අද්දවා ගැනීමට සිනහව ඕනෑ වේ. සිනා නොවී මුස්පේන්තු ගතියකින් සිටින්නෙකු දෙස ගැහැනු දරුවෙක් වරකට වඩා හැරී බැලුවොත් ඇගේ ඇස් වල දෝෂයක් තිබිය හැක. නැතිනම් මූ මොකෙද්දැයි දැන ගැනීම සදහා දෙවන වර හැරී බලනු ඇත. නමුත් ඔබට නිතර බැන වදින කෙනෙකුට උවත් අහින්සක අවංක සිනහවකින් සංග්‍රහ කරන්න. ඔහු හෝ ඇය නැවත ඔබට යමක් කියන්නට දෙවරක් සිතනු ඇත. නමුත් හොදින් සිතට ගන්න. ඔබ ඔබේ හද පත්ලෙන්ම සිනා සිය යුතුය. වංක සිනහවක් හා අවංක සිනහවක් එක ලග තබා බැලූ විට වෙනස්කම් රාශියක් දැක ගත හැක. එසෙනම් ඒ සිනාවන් දෙක වෙන වෙනම හදුනා ගත හැකිය.
ඔබ සිනාසිය යුත්තේ දත් විලිස්සා, කට පජාත වන තෙක් විශාල කොට නොවේ. ඔබ සිනාසිය යුත්තේ ඔබේ හදවතින්ය. හදවතේ සිට එන සිනහවක් හදුනාගත හැක. එසේනම් අවංකව සිනා සීමට උත්සාහ කරන්න. වෙන කෙනෙකුගේ සිනාවන් කොපි කිරීමට ගොස් අමාරුවේ වැටෙන්නට එපා. ඔබටම ආවේනික ඔබේම හදවතින් සිනාසෙන්න.
අපි කොන්ඩය බෙකම් හදාගෙන පාරේ යන විට දකින අය කියන්නෙ. බෙකම් වගේ කොන්ඩේ හදාගෙන යනවා කියාය. නමුත් තමන්ට ආවේනික ලෙස කොන්ඩය සකසාගත් විට එසේ නොවේ. මා කියන්නෙ හෙයා කට් එක වෙනස් කර ගන්නට කියා නොවේ. ඔබ වෙනකෙකු ලෙස සිනාසෙද්දී එය ඔබේ සිනාව නොවේ එයා වෙනකෙකුගේ සිනාවකි. එබැවින් ඔබ, ඔබ ලෙසම සිනාසෙන්න.
හැම විටම සිනාසෙන්න සතුටින් සිටින විට ප්‍රශ්න අඩුය. හදවතද ශක්තිමත් වේ. සිනහව ආයුශ වැඩි කරන බවද මම පොතක කියවා ඇත්තෙමි. එය ඇත්තද බොරුද කියන්නට මම නොදනිමි. නමුත් සිනහව හැමෝම ලග ඇති වටිනා වස්තුවක් බවනම් කිව යුතුය.
හැම විටම අවංකව සිනාසෙන්නට පුරුදු වෙමු

Well done podi shana... podi shanage athdakima mamath winda atha... Dawasak ape Redaguru uthumath deshanawakadi kiuwa apitath prathiharya karanna puluwan kiyala.. Ethuma kiuwa sinasena ekath prathiharyayak kiyala...
ReplyDeleteතැන්කියු මචං
DeleteBest ever seen.
ReplyDelete