*********************************************************************************
*********************************************************************************
ඇදට ගියද නින්දක් නම් නොවීය. අද නිදි දෙව්දුවද මාත් සමග අමනාප වී ඇති හැඩකි. ජංගම දුරකථනයේ රේඩියෝව දමා ගතතේ නින්ද අහලකවත් නොවූ නිසාය.
සද සේ දවසක ඔබ බැස යාවී
කළුවර අහසට දුක තියලා
හමුවුණු තැන්වල මල් සුපිපේවී
හමුවෙන වෙන අය ගැන හිතලා
වළාකුලකි ඔබ මලා නිකව ගිය හිස් අහසේ සරනා
දරා ගනිමි දුක කාට කියන්නද ඔබ අන්සතු වූ දා
ඔබ අන්සතු වූ දා
ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකකි. ඒ දුක මා හොදටම අත් වින්දේය. ඇය ජීවිතයෙන් සමුගෙන වසරකටත් වඩා ගතවී ඇත. එදවස පුංචි උන්සමග වැඩ කල මා රුකියා කටයුතුත් සමග එයින්ද ඈත් වී සිටියේය. ජීවිතයේ තිබූ ආදරය නැති වෙද්දී සියල්ලන් මෙන්ම මාද ඇද වැටුනි. කොල්ලෙකු වූ නිසා ලොවට හොරෙන් හැඩුවේය. කෑ ගසා හඩන්නට උවමනා උවද සිතින් හැඩුවේය. ජීවිතය එපාම වී ගියේය. පිස්සෙකු මෙන් ඔළුව හැරුන හැරුන අත ගමන් කලේය. ප්‍රශ්න අමතක කරන්නට බොන උන්ට සිනාසුන මා උන්ගේ ගොඩටම වැටුනේය. සිදුවූ සෙතක්නම් නැත. එහෙත් දිගින් දිගටම එතනම එල්ලී සිටියේ අල්ලා ගන්නට අත්තක් නොතිබුන නිසාම නොව අත්තක් නොපෙනුන නිසාය.
දින සති වලට පෙරලෙමින් කාලය වේගයෙන් ඉගිලුනේ ය. අහිමිවූ ආදරය යලි හමුවන්නේ නැත. ඒ බව පසක් වන විට මාස ගනනාවක්ම ගත වී තිබුනි. වැටී තිබූ ජීවිතය යලි අහුලාගත්තේ තනිකමේ සුන්දරත්වයද සමගිනි. ඒ සුන්දරත්වය හිත ටික ටික නිවා දැමුවේය. ජීවිතයේ සිටි දායබර මිතුරු මිතුරියන් සුපුරුදු සුහදත්වයෙන් ලගම සිටියේය. ජීවිතය ටික ටික වෙනස් විය. අරමුණක් ඇති විය. සෙමින් සෙමින් ගමන් කරන්නට ගත්තේය. සියල්ල අමතක කරමින් පොත පතට හිත යොමු කරේය. ගණිතය, තොරතුරු තාක්ෂණ අංශ වලින් පෞද්ගලික පංති කිහිපයක් කරමින් ආර්ථික තත්වයද යම් තාක් දුරට සාදා ගත්තේය.
වෙනසක් නොවුනු ජීවිතය සෙමින් ගලාගෙන යන්නට විය. නිතර කතා කරන පාසල් මිතුරියකගෙන් මට දුරකථන ඇමතුමක් ලැබුනේ ඔය කාලයේය.
"හෙලෝ"
"හෙලෝ, හෙලෝ කොහොමද බං ඉතින්."
"හොදින ඉන්නව බං. මොකෝ කරන්නෙ මේ දවස්වල?"
"ක්ලාස් ටිකක් කරගෙන පාඩුවෙ ඉන්නව බං. උබ කොහෙද තාම දෙහිවලද"
"ඔව් බං තාම මෙහෙ. මේ ටිකේ පාඩම් කරනව බං තව මාස දෙකකින් එක්සෑම්"
"අහ්, පාඩම් කරපං එහෙනම්"
"පාඩම් කරන්නත් ඕන. හරි කම්මැලී බං"
"අනේ උබෙයි මගෙයි පාඩම් කිරිල්ල. බොඩිමේ හතර දෙනෙක් ඉන්නව නේද? කට්ටිය සෙට් වෙලා පාඩම් කරපල්ලකො"
"එහෙම තමා බං පාඩම් කරන්නෙ. මේ ඒක නෙමේ උබ තාමත් අරක හිතේ තියාගෙනද ඉන්නෙ"
"අමතක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි බං ඒක. මොකෝ එක පාරටම ඇහුවේ ඒ ගැන"
"මගෙ යාළුවෙක් ඉන්නව. තාම කාත් එක්කවත් මුකුත් නෑ. උබට හොදට ගැලපෙනව. අනික බං උබත් දැන් ඔය පරණ දේවල් අමතක කරපන්. අවුරුද්දකටත් වැඩීනෙ දැන්"
"උබ මාව ආයෙත් සැරයක් අමාරුවෙ දාන් නැතුව උබේ වැඩක් බලාගන්නවද"
"හරි, හරි මං කියනවට ටිකක් කතා කරල බලපන්කො. නිකන් යාළුවෙක් විදිහට. මං උබ ගැනත් ටිකක් කියල තියෙන්නෙ"
"මේ තිවා පිස්සු නටන්නැතුව ඉන්නවද උබ"
මගේ ප්රතික්ෂේපය ගණනකටවත් නොගත් ඇය. ඇගේ මිතුරියට දුරකථනය දුන්නේය. ගිනිපෙනෙල්ලෙන් බැටකෑ මිනිහා කාණා මැදිරි එළියටත් බයය. අනෙක දැන දැන අමාරුවේ වැටෙන්නට නොහැක. ජීවිතය යන්තමින් ගැටගසාගෙන ආව පමණි.
"හෙලෝ"
මේ ඇගේ මිතුරිය විය යුතුය. ඇය හා කතා කරනවාද නැද්ද යන තීරණය ගැනීමට නොහැකිව මං නිහඩව සිටී.
"හෙලෝ"
"මේ හලෝ ඔයගෙ යාළුව ගොළුද? හි හි හි..."
ඇය අසන්නේ මගේ මිතුරිගෙනි. ඇගේ දගකාර කතාවට මගේ මුවටද සිනහවක් නැගුනි. කෙල්ලන් එකට එක් වූ විට කොල්ලන්ට හපන්ය.
"හෙලෝ"
"ආ... මං හිතුව ඔයා ගොළුයි කියල කතා නොකර ඉන්නකොට. හි හි හි..."
"අපෝ නෑ හොදට කතා කරන්න පුළුවන්. හැබැයි මං අනිත් අයට වඩා ටිකක් නිශ්ෂබ්දයි"
"හි හි හි... මං විහිළුවට කිව්වෙ හලෝ"
දුරකථන සන්වාදය තවත් ටික වේලාවක් ඇදී ගියේ නම, ගම ආදී පුද්ගලික විස්තර හුවමාරු කර ගනිමිනි. ටික වේලාවකින් මගේ මිතුරිය දුරකථනයට පැමිණියේය.
"හෙලෝ ශා.."
"හෙලෝ, මේ උබ අර කෙල්ලට මුකුත් කියන්න යන්න එපා. මගෙ ලොකු බලාපොරොත්තු නෑ කියල උබ දන්නවනෙ"
"හරි බං. දෙයක් වෙන්න තියෙනවනම් වෙයි."
"හ්ම්... එහෙනම් මං තියනව මචං. බුදුසරණයි"
"බුදුසරණයි"
************************************************************************
කාලය සෙමින් ඇදී ගියේ ය. මගේ මිතුරිය හා කාතාකරන සෑම මොහොතකම පාහේ ඇගේ මිතුරියද දුරකථනයට පැමිණියේ ය. අප දෙදෙනාගේ මිතුදම වර්දනය වන්නට වූයේ දෙදෙනාටම නොදැනීය. දෙදෙනාගේ දුරකථන අංක හුවමාරුකරගත් පසු මගේ මිතුරියගේ දුරකථනයෙන් ඇය හා කතා කිරීමට අවශ්‍ය නොවිනි. නිවෙස් වලින් ඇයත් මාත් ලංකාවේ දෙකොනකය. එහෙත් මිතු දමට ඒවා බාදවන් නොවන්නේය. පවුලේ වැඩිමහල් දියණිය ලෙසින් ජීවිතයේ දුක දුකක් යැයි නොසිතා ඇය ඇදගෙන යන බව මට වැටහුනි. බලාපොරොත්තු ඇතිකර ආදරයක් ගැන කතාකරන්නට නොව දයාබර මිතුරෙකු ලෙස ඇය ලග ඉන්නට මං උත්සාහ ගත්තේය.
ආදරයක් බලෙන් ඇති කල නොහැක. ඒ බව මම හොදින් වටහාගෙන තිබේ. මගේ මිතුරිය සමග එක්ව උසස් ඩිප්ලෝමා පාඨමාලවක් හදාරමින් සිටි ඇයද විභාගය සදහා සුදානම් වෙමින් සිටියේය. නිතර නිතර දුරකථනයෙන් කතා කරමින් එකිනෙකාගේ සුවදුක් විමසමින් කාලය ගෙවී ගියේය. දුරකථනයෙන් කතා කරන සැම විටම ඇයව උනන්දු කරමින් පොත පතට ඇයව යොමුකිරීමටද මම උත්සාහ ගත්තේය. ඇය විටෙක නෝක්කාඩු කියමින් එය විවේචනය කරේ කතා කරන හැම විටම පාඩම් කිරීමට කියන්නේයැයි කියමිනි.
ආදරයක් ගැන බලාපොරොත්තු නැතිවද වරක් දෙවරක් මම ඇගේ ඒ පිළිබද කැමැත්තක් ඇද්දැයි විමසා බැලුවේ කතා කල ටික කාලයට ජීවිතට බද්දකරගන්නට තරම් හොද ගතිගුණ ඈ තුල ඇති බව දැනුන නිසාය. ඒ ගැන විමසන හැම විටම විහිළුවකින් එය මග හැර යන්නට ඇය සමත්උනේ විටක "ඔයා මාව දැක්කනම් මට කවාදාවත් කැමති වෙන්නෑ" යැයි කියමිනි. කෙසේවෙතත් දින ගෙවී ගියේ මිතුදම් තව තවත් ශක්තිමත් කරමිනි එහෙත් ආදරයක් ඒ තුල වූවාදැයි මම තවම නොදනිමි.
සිතුවිලි දාමය බිදීගියේ මගේ දුරකථනයේ සටහන් වූ මිස් කොල් එකෙනි. ඒ ඇයයි. විභාගය සදහා ලහිලහියේ සූදානම් වෙමින් සිටින ඇය මේ රාත්‍රියේ මිස් කෝල් ගසන්නේ පාඩම් කරනා බව මට නොකියා කියන්නටය. දුරකථනය අතට ගත් මම ඇය ඇමතුවෙමි.

"හෙලෝ යාළු, මොකෝ මේ රෑ ඇහැරගෙන. ඔයත් පාඩම් කරනවද? හි හි හි..."
"අද මාත් බෝඩිමේනෙ"
"ආනේ මට අමතක උනානෙ යාළු. කොහොමද බෝඩිම හොදද?"
"වරදක් නෑ"
"එහෙනම් කමක් නෑ. අපිත් මේ තේ එකක් බොන්න කියලා යන්නෙ. කට්ටියම ෆෝන් වල එල්ලිලා ඒ ටිකට ඒකයි මමත් මිස් කෝල් එකක් ගැහුවෙ. මං හිතුවෙ ඔයා නිදි ඇති කියල"
"එහෙනම් තේ බීල එහෙම පාඩම් කරන්න ගන්න"
"හරි යාළු. ඔයා නිදාගන්න එහෙනම්"
"හ්ම්... බුදුසරණයි"
"බුදුසරණයි"
දුරකථනය විසන්දි කල මම දෙනෙත් පිය ගත්තේය. නොදැනීම නින්ද මාවෙත පැමිණ තිබුනි.
************************************************************************
දුරකථනයේ එලාම් නාදයට ඇහැ ඇරුනේය. ඊයේ නිදාගන්නා විට පාන්දර එකත් පසුවී තිබුනි. බෝඩිමේ සිට පංති යන පළමු දිනය අදය. පංති ආරම්භ වන්නේ අටයි පහලවටය. අටට බෝඩිමෙන් ගියද වේලාවට පංතියට යාහැක. ඇදෙන් නැගී සිටි පොත්ටික සූදානම් කර ගත්තේය. තරමක සීතලක් තිබුනද එය නොතකා නාගත්තේය. කාමරයේ දැල්වුන බල්බයේ එලිය දැකදෝ ඇන්ටිගේ තේ එක නාගෙන පැමිණි විගස හමුවිය. උදෑසන කෑම බෝඩිමේන්ම ගත්තේ ය. හතයි තිහ පමණ වන විට මම පංතියේය.
පාඨමාලාව පටන්ගෙන තවමත් ගෙවී ඇත්තේ සති දෙකක් පමණය. තවමත් එකා දෙන්නා පාඨමාලාවට එක් වෙමින් තිබේ. පුහුණු මධ්‍යස්ථානයේ තිබූ පරිඝණක නැවත සකස් කරමින්ද ඒවාට මෙහෙයුම් මෘදුකාංග හා අනෙකුත් අවශ්‍ය මෘදුකාංග නැවත ස්තාපනය කරමින්ද මේ දින ගතවී යන්නේය. පරිඝණක දෘඩාංග පිළිබද මා තුල තිබූ දැනුම ප්රයෝජනටය ගනිමින් මේ සියළු කටයුතු වලට හොදින් සහභාගී වීමට මට හැකියාව ලැබුනි. පසුගිය කාලයේ ඇති වූ ප්‍රශ්න නිසාමදෝ මම වැඩි වැඩියෙන් නිශ්ෂබ්ද පුද්ගලයකු වී තිබුනි. කතා කලේ අවශ්‍ය වූ මොහොතට පමණි. ඒ නිසාමදෝ මා අඩම්බරකාරයෙකු යැයි කෙල්ලන් හදුන්වන බව මට රහසක් වුයේ නැත. ආඩම්බර වීමට කරුනුනම් මා තුල නොවීය. නමුත් එය දන්නේ මා පමණකි. එය හඩගා කියන්නට මට අවශ්‍ය වූයේ නැත.
ඊලග සතිය දෙකද ගෙවී ගියේ සුපුරුදු ලෙසටමය. පුංචි පාඩමක් දෙකක් හැරෙන්නට කිසිදු පාඩමක් ඉගැන්වූයේ නැත. ඒ තවමත් පාඨමාලාවට ළමුන් සහභාගී වෙමින් සිටි නිසාය. වසරක පූර්ණ කාලීන පාඨමාලවේ මසක් පමණ ගෙවී ගියේ සුපුරුදු ලෙස උදේ පුහුණු මධ්‍යස්ථානයටත් සවස බෝඩිමටත් යමිනි. සති අන්තයේ නිවෙසට පැමිණෙන්නේ පුද්ගලික පන්ති කිහිපය නිසාය. සුපුරුදු මිතුදමින් මගේ මිතුරියගේ මිතුරියද නිරන්තරයෙන් දුරකථනයෙන් කතා කරන්නට විය.
************************************************************************
තවත් සතියක ආරම්භයක් සුපුරුදු ලෙස සදුදා උදෑසන නිවසේ සිටම පුහුණු මධ්‍යස්ථානය පැමිණියේ වෙනදා වේලාවද තරමක් පමා වීය. ගිය සතියේ සිට පුංචි පාඩම් දෙකක් පටන්ගෙන තිබුනි. උදෑසන පාඩමට සූදානම් වී අප පරිඝණක විද්‍යාගාරය තුලට පියමැන්නේය. මේ වන විටත් ළමුන් දහතුන් දෙනෙකු පාඨමාලව සම්බන්ද වී සිටි අතර තවත් කිහිපදෙනෙකු සම්බන්ද වීමට ඇති බව දැන ගන්නට ලැබුනි. අදද තවත් කෙනෙකු පැමිණ සිටින බව කනින් කොනින් පංතියට ආරංචිවී තිබුනි. කවුරු පැමිණියද මටනම් කම් නැත. මට අවශ්‍යව ඇත්තේ පාඨමාලාව සාර්තකව නිම කරන්නටය. සුපුරුදු පුටුවට බරවුන මා පසුගිය සතියේ පාඩම් ටික පෙරලා බැලුවේ මතකය අවදි කරගන්නට ය.
විද්‍යාගාරයේ දොර විවෘත වූයේ ය. මං අලස බැල්මක් ඒ දෙසට යොමු කරේ මෙතරම් ඉක්මනින් උපදේශකවරයෙකු කිසිසේත්ම පැමිණිය නොහැකි බව දන්නා නිසාමය. මගේ සිත ගැස්සීගියේ නොසිතු විලසය. කිසිම දිනක මගේ හිතේ එවන් ගැස්මක් ඇතිවී නොමැති බව ඉදුරාම කිව හැක. ඒ රුව හිත පුරා ඇදි ගියේ නිමේශයකිනි.
************************************************************************
ලොකු ශාන ලියයි

අදයි මේ පැත්තට සෙට් වුනේ.. කතාව හෙමීට මුල ඉදන් බලාගෙන එන්නම්..
ReplyDeleteටැංකූ මේ පැත්තට ආවට දිනේශ්. මුල ඉදලම කියවල කමෙන්ට් එකක් දෙන්නකො එහෙනම්. මාත් ඒ පැත්තෙ ඇවිත් යන්න එන්නම්
Deleteithin ithin... ita passe..???
ReplyDeleteඉතින් ඊට පස්සෙ රාජකුමාරයයි රාජකුමාරීය සතුටින් ජීවත් උනාලු. ඔන්න ඔහොමලු උනයි කියන්නෙ. :පී
Deleteehema hariyanne na.... wechcha kerichcha hama dema kiyanna ona... naththan wadak nane...
ReplyDeleteසිතැත්තිය මුණ ගැහුනු අන්දරය වෙන්න ඇති මේ දිග හැරෙන්නේ...
ReplyDeleteඋත්තම පුරුෂයෙන් ලියවෙන නිසා ( මම ) හැඩුවෙමි. ගියෙමි... වගේ මි...වලින් අවසන් කරන්න තිබුණා බොහෝ වාක්‍ය... තව ලස්සන කරන්න ඕන මල්ලී.... ලස්සන වචන උපමා රෑපක එකතු කරන්න... වැඩි වැඩියෙන් කියවද්දි ලිවීමේ රටාව ඉබේම හැදෙයි...
ඔව් ඔව්. එයා ගැන කියන්න තමයි මේ තටමන්නෙ.
Deleteඒ ගැනත් හිතන්නම් තරු අක්කෙ. දැන් ආයෙ ටික ටික කියවන්න අරන් තියෙන්නෙ බලමු ඉස්සරහට නේද?