Friday, June 7, 2013

ජීවිත අන්දරය - පළමු දිගහැරුම


          විශාල ගමන් බෑගය මේසය අසල තිබූ ලී පුටුව මතින් තැබූ මම කාමරය සිසාරා බැල්මක් හෙලුවේ අදින් පටන් ගන්නා අලුත් යැයි කිව හැකි ජීවිත ගමනේ වසරක් පුරාවට ගත කරන්නට වන්නේ මෙහි නේදැයි සිතමිනි. ලී මේසයක්, පුටුවක්, සුවපහසු නොවුනත් පුංචි ඇදක් හා ඇදුම් කිහිපයක් එල්ලා ගත හැකි බිත්තියේ සවිකර තිබූ පුංචි ලී ඇදුම් රදවනයක් පමණක් වූ කාමරයේ පුංචි ඇද මතින් මා හිද ගත්තේ ලොකු සුසමක්ද පිට කරමිනි. ජීවිත වාළුකාවේ අවුරුදු 22ක් ගෙවා දමා තිබුනද යායුතු දුර තව බොහොමයකි. ගෙවී ගිය වසර 22 දුක, සතුට අතරින් ගලාගියේ නොදැනීමය. පසුගිය වසර කීහිපයක ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නට ඇය සමත් වූ බව......... හ්ම්............ ඇද මතින් නැගීසිටි මා පුංචි මේසයේ පොත් ටික පිළිවෙලකට තබා ඇදුම් කිහිපය ඇදුම් රදවනයේ එල්ලා තැබිවේ ය.

"ශාන්, තේ එකක් බීල ඉමු"

          බොඩිමේ ඇන්ටි තේ කොප්පයක් අතැතිව දොර ලග සිටගෙන සිටී. මම ඈ අතින් තේ කොප්පය ගත්තේ ය.

"කාමරේ හොදද ශාන්"

"හොදයි ඇන්ටි, වරදක් නැහැ"

"බාත්රූම් එක මෙතනම තියෙනව. රෙදි සෝදන්න අර එහා පැත්තෙ ටැප්එකට යන්න. කාමරේ අර දොර අරින්න එපා. හවසට බල්ලව අරිනව තාම පුරුදු නැති නිසා පොඩ්ඩක් පරිස්සමින්. කොහෙහරි යනවනම් කියල යන්න හොදද"

          උපදෙස් මාලවක් මන් සියල්ලටම හිස වැනූවේ කිසිවකට විරුද්ද වීමෙන් පලක් නොමැති නිසාත් විරුද්ද වන්නට තරම් දෙයක් එහි නොතිබුන නිසාත් වන්නට පුලුවන.

"කෑම ලෑස්ති කරල මං කතාකරන්නම්. උදේට කෑම කලා යනවද අරගෙන යනවද"

"කාල යන එක ලේසියි ඇන්ටි"

"හොදයි එහෙනම්"

          දොර වසා දැමූ මම නැවතත් ඇද මතින් වාඩිවී තේ කොප්පය තොල ගාන්නට වූයේ කාමරය සිසාර තවත් බැල්මක් හෙලමිනි.

          "තේ එකනම් රසයි. කෑම කොහොම වෙයිද දන්නෙ නැහැ." 
  
          පුංචි සිනහවක් නැගුනේ බෝඩිමක කෑම ගැන රහ ගුණ හොයන්නට සිත දුව ගිය නිසාය. බාත්රූම් එකට රින්ගාගත් මා හොදින් නාගත්තේ දවසේ වෙහෙස මකා දමන්නටය. කාමරයට පැමිණ ඇද වියලට කොට්ටය තාබාගත් මා ඇදට බරඋනේ ගතට දැනුන මහන්සියට වඩා හිතට දැනෙන බර ගතිය වැඩි වූ බැවිනි. අසුරු සැනින් සිත අතීතයට දිව ගියේ නොසිතු ලෙසිනි.

*********************************************************************************

          උසස් පෙළ විභාගයට තවත් මාස තුන හතරයි තියෙන්නෙ. ගණිත අංශයෙන් උසස් පෙළ කරන්න හිතුවෙ අපරාදෙ කියල දැන් දැන් හිතෙන්න අරගෙන, ගෙදර ආර්ථික තත්වයත් එක්ක පුද්ගලික පංති කිහිපයක්ම මග ඇරුනනිසා විභාගෙ ගොඩ දාගන්න එක නම් ලේසි වෙන්නෙ නැහැ. එහෙම  උනොත් මොකද කරන්නෙ කියන ප්‍රශ්නය හිතට වදයක් වෙන්න අරන් තිබුනා. ආයේත් සැරයක් විභාගය කරනව කියන එකනම් හිතන්නත් පුලුවන් දෙයක් නෙමෙයි. ඔය අතරම තමයි එක පංතියෙ ඉගෙන ගත්ත මිතුරෙක් අපේ අල්ලපු වත්තෙ ගෙයක් හදාගෙන ආවෙ. දෙන්න එකතුවෙලා පාඩම් කරන්න ගත්තත් එකෙක් නිදියද්දි අනික වැඩ. ඌ නිදියද්දි අනික වැඩ මේක හරියන සෙල්ලමක් නෙමේ. ජීවිතේම වෙනස් කරපු ඒ දුරකථන ඇමතුම ආවෙ ඔහොම පාඩම් කරකර ඉන්න රෑක. හරියටම 2006 බක් මහේ 23 වෙනි දා. අඩක් පියවුන නෙත් දෙක ඇරල මම ජංගම දුරකථනය අතට ගත්තෙ මේ රෑ අපිව මතක් කරන්නෙ කව්ද කියල හිත හිත. පොත් පත් අස්සෙ ගෙවපු ජීවිතේට තාමත් ආදරණිය හිතක් එකතුවෙලා තිබුනෙ නැහැ. කොළු කමට කොල්ලො ටිකත් එක්ක එකතුවෙල කෙල්ලෙක්ට විහිළු කෙරුවට, ලස්සන කෙල්ලෙක් දැක්කම දෙපාරක් හැරිල බැලුවට, පංතියෙ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ආදර කතාවලට පැල් බැදගෙන උදව් කෙරුවට, හිත ටිකක් වැඩිපුර ගිය කෙල්ලෙක් පස්සෙ සතියක් දෙකක් යනකම් වැඩිපුර ඇවිදද්ට මේ හිතත් එක්ක බැදිච්ච හිතක් තවමත් තිබුනෙ නැහැ.

"හෙලෝ"

"හෙලෝ, මේ සමන්ද කතා කරන්නෙ"

          එහා පැත්තෙන් ඇහුනෙ ගැහැණු ළමයෙකුගෙ ලස්සන කටහඩක්. මගේ හිත ටිකක් ගැස්සිලා ගියෙ ඒ කටහඩේ මොකක්දෝ හුරුපරුදු ගතියක් වගේ දැනුන හින්දයි. ඒ ගැස්ම යටපත් කරගෙන මං කතාකලා.

"සොරි, රොන්ග් නම්බර් එකකට ඔයා අරන් තියෙන්නෙ"

"අනේ සමාවෙන්න. මේ කොහෙන්ද කාතාකරන්නෙ"

          වැරදිලා ආව කෝල් එකක් උනත් ඒක ටිකක් දුර ඇදෙන්න ගත්තේ මගේ හිතේ සැකයක් ඇති කරමින්. මේ අපේම එකෙක්ගෙ වැඩක්ද කියලත් නොහිතුනාම නෙමෙයි. ඒත් කතාකරන විදිහට බොරුවක් කියල හිතන්නත් බැහැ. මුලු ජීවිතේම වෙනස් කරන්න මේ ඇමතුම දීපු කෙල්ලට හැකිවෙයි කියල හිතුනනම් සමහරවිට මං එච්චර වෙලා කතා නොකරන්නත් තිබුනා. දුරකථන ඇමතුම නිමා උනාට පස්සෙත් කෙටි පණිවිඩ දෙක තුනක් එහාට මෙහාට ගියෙ මගෙ තිබුන කොළු කමටමයි.

          ඒ දුරකථන ඇමතුමෙන් දින කිහිපයක් යනතුරුම කෙටි පණිවිඩ එහා මෙහා මාරු වෙන්නට ගත්තේත් දින කිහිපයකින් ඇය ඇගේ නියම අනන්‍යතාවය හෙලිකරේත් ඇය ගෙන ගිය බොරුව තව දුරටත් ගෙන යා නොහැකි බව කියමිනුයි. ඇය එදා රාත්‍රියේ ඒ දුරකථන ඇමතුම ගෙන තිබුනේ ඊට දින කිහිපයකට පෙර මගේ දුරකථනය හරහා මගේම මිතුරෙකුට ගිය කෙටි පණිවිඩ කිහිපයක් නිසා ඔහුට අප හදුනාගැනීමට අවස්තාවක් ලබා ගැනීමටයි. ඒ ඇසුර මිතුදමකට පෙරලෙන්නට වැඩි දවසක් ගියේ නෑ. පෞද්ගලික තොරතුරු, යන එන තැන් හැමදෙයක්ම කියන්න පුරුදුවුනේ බැදීම මිතුදමකට එහා ගිය බැදීමක් වර්ධනය කරන්නට වෙරදරමිනුයි.

          ඇසින් දැක නොතිබුනත් හැමදාම දුරකථනයෙන් දොඩමළුවෙන අපේ හිත් අපිටත් නොදැනීම අපේම වෙලා කියලා මට හිතුන වාර අපමණයි. ඇය මට වඩා වසර කිහිපයක් වයසින් බාලයි. ඇගේ පියා මිය ගිහින් තියෙන්නෙ ඇය මේ ලෝකෙ එලිය බලන්නත් කලින් 89 තිබුන කලබල කාලයේ. එදා පටන් ඇයත් ඇගේ සහෝදරියත් රුකබලා ගැනීමේ වගකීම පැටවුනු ඇගේ මෑනියන් මේ කාලය වන විට විදේශ ගතව සිටියා. ඇය ඇගේ කිරිඅම්මාත් සමග නිවසේ තනිවම කාලයක් සිටි නිසාදෝ තරමක මුරණ්ඩු ගතියක් පෙන්නුම් කලද මගේ වචනයට එකග වන බවනම් වැටහුනා.

*********************************************************************************
          කාලය දින සති වලට පෙරලෙමින් වේගයෙන් දිව යද්දි උසස් පෙළ විභාගය නිමකල මා රුකියාවක් සොයා ගත්තේ ගෙදර ආර්තිකයටද රුකුලක් වීමේ අරමුණද ඇතිවයි. මේ වන විටත් එකිනෙකා හමුවී දොඩමළු වී ඇයත් මමත් අපේ බැදීම් තවතවත් වර්ධනය කරගෙන තිබුනා. රුකියාවේ කටයුතු වලට නිතරම දුර පළාත් වලට යන්නට සිදුඋනත් දිනපතාම රාත්‍රිකාලයේ දුරකථනයෙන් හමුවන අපි එදා දවසේ කලකී දෑ බෙදා හදා ගන්නට පුරුදුව සිටියා. වචනයෙන් කිසිවෙකුත් නොකියා සිටියත් දෙදෙනා දෙනාට ආදරය කරන බව මට හැගී ගියා.

සද ගිමන් නිවා සුදු වලාකුලක වැතිරී
දුක් කවක් කියනවා ආදරයට නොනිමී
ඒ සදට වාඩා තනි තරුවක් ගැන දනිමී
ඒ තරුව මමයි, නිති නුඹටම තනි රකිමී

සද වගේ ඇවිත් රෑ පිණි පලසෙහි පිපුනූ
නුඹ පිච්ච මලයි මට සසර පුරා බැදුනූ
දුර තනිව හිදන මට සුවය සදා සුමුදූ
මතු බවෙන් බවේ නුඹ මගෙම වෙලා හිදිනූ

ලංවෙන්න වරම් ඇත, නෙලාගන්න තහනම්
මල් සුවද පමණි තව උරුම උනේ මටනම්
මගෙම වෙලා යලි පිබිදෙන්නට හැකිනම්
මතු උරුම නොවේ මේ ආදරයට සරදම්

*********************************************************************************
ප.ලි - මෙගාකතාවක් නොවී රසයට හානියක් නොවෙන්න කතාව පුළුවන් තරම් කෙටිකරන්න හිතා ගෙන ඉන්නෙ. හැබැයි ඉතින් ලියන්න ගත්තට පස්සෙ කොච්චර ලියලද කියල තේරෙන්නෙ නැහැ. කොහොමත් කොටස් දෙක තුනකින් ඉවර කරගන්න හිතාගෙන ඉන්නෙ.

ලොකු ශානා ලියයි.

9 comments:

  1. Balagena giyama okkoma ekama bottuwe wage ne...

    ReplyDelete
    Replies
    1. ඇයි මේ වගේ තවකතාවක් කොහෙහරි ලියවිලා තියෙනවද සුදර්ශන

      Delete
  2. loku shana jivitha kathawa liyanawa wage. Ela ela good luck brother.

    ReplyDelete
  3. මෙන්න මෙයත් අතීත අන්දරයක් දිග ඇරල... හොදයි හොදයි... බ්ලොග් කෙරුවාව වෙනස් මගක ගෙනියන්න හිතිල වගේ.. ලියන රටාවෙ වෙනසක් පේනවා... ඒක හොද වෙනසක් මල්ලී...

    ඉදිරියටම යන්න...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරු අක්කෙ.

      දිගටම ලියද්දි මට හිතුන පොඩ්ඩක් වෙනසක් කරල බලන්න, අත්හදා බැලීමකටත් එක්කම. ලැබෙන ප්‍රතිචාර සෑහෙන්න හොදයි. ඒ හින්ද මේ විදිහටත් ලියල බලනවා.

      Delete
  4. මටත් මේ වගේම එකක් උනානෙ බං...

    අදමයි උඹේ බ්ලොග දැක්කෙ බං. දිගටම කියවන්න තමයි තියෙන්නෙ ඉතිං...

    ReplyDelete
    Replies
    1. කොහොම එකක්ද බං. රෝන්ග් නම්බර් සීන් එකක්ද?

      ආදරයෙන් පිළිගන්නව සිතැගියාවට. අපිනම් නිතර ඒ පැත්තෙ එනව.

      Delete
    2. රෝන්ග් නම්බර් තමා. සෙට් උන වෙලාවක ඒ ගැන කියන්නං

      Delete