බෝඩින් ජීවිතේ බලාපොරොත්තු උනාට වඩා තරමක් හොදයි කියල හිතුනෙ කන අතරෙයි. කෑම ටික පාවා හොදට තිබුන. කෑම මේසෙටම ඇරල තිබුන නිසා මදි උනා කියල ආපහු ඉල්ලන්න වීමකුත්, වැඩි උනා කියලා විසික්කරන්න වීමකුත් නැතිව කෑම ටික කන්න පුළුවන් උනා. කෑමෙන් පස්සෙ අන්කල් එක්කත් පොඩි කතාවක් දාගෙන ඉදල කාමරේට රින්ග ගත්තේ ටිකක් පාඩම් කරන්න හිතාගෙන. පොත අතට ගත්තත් හිත දුවන්නෙ වෙන වෙන පැති වලට. ජීවිතේ අමතක කරන්න හදන දේවල් අද මේච්චරටම මතක්වෙන්නෙ ඇයි..........
"කමක් නෑ අන්තිම වතාවට අද හොදට හිතපන් ආයෙ ඕව තියාගන්න බෑ."
මගෙ හිතට එහෙම තරවටුවක් කරගෙනම පොත පැත්තකින් තියල මං ඇදට බරඋනේ ජංගම දුරකථනයේ රේඩියෝවත් දමාගෙනමයි. අමුතුවෙන් මතක් කරන්න කිසිම දෙයක් නැහැ. හැම දේම වක්කඩ කඩල ගියා වගේ මගෙ හිතේ දිගහැරෙන්න ගත්ත.
රටා තියල ඇමදපු මගෙ හිත් මලුවේ
අපිලිවෙලට සක්මන් කල සුදු මැණිකේ
යන්න ගිහින් කල් ගෙවුනට හොර රහසේ
තාමත් හැඩිවෙලා මගේ සිත වැලපේ
රේඩියෝවෙන් වාදනය උනෙත් තව තවත් හිතන්න බල කරන ගීතයක්. අරුණ තමෙල්ගෙ ගී හඩ පුංචි කාමරය පුරා විසිරිලා ගියේ මගෙ හිත ආයෙමත් අවුරුදු කිහිපයක්ම ආපස්සට ගෙන යමින්.
*********************************************************************************
තොරතුරු තාක්ෂණය ගැන පුංචි කාලෙ ඉදන්ම තරමක ආසාවක් තිබුන හින්දම ඒ පැත්තෙන් ටිකක් ඉස්සරහට යන්න හිතුන. ඒ ගැන පොඩ්ඩක් හොයල බලද්දි තමයි නයිටා ආයතනයේ තොරතුරු තාක්ෂණය පිළිබදව ජාතික සහතිකපත්‍ර පාඨමාලාව ගැන ආරංචි උනේ. මාස හයක පූර්ණ කාලීන පාඨමාලාවක් උනත් මාස හය එහා මෙහා බලද්දි ගෙවිල ගියේ හිතුවෙවත් නැති විදිහට. හිතේ තිබුන උනන්දුව හින්දම ලොකු මහන්සියක් අරන් වැඩටික කරගන්න පුළුවන් උනා. විභාගයටත් සාර්ථකව මුහුණ දුන්න නිසා ප්‍රතිඵල ගැන කිසිම බයක් තිබුනෙ නැහැ. විභාගය ඉවර වෙනවත් එක්කම තවත් මාස හයක පුහුණු කාලයකට පරිඝණක අලෙවි සැලකට අනියුක්ත කෙරුනා. ලොකු පඩියක් හම්බඋනේ නැතත් එතනින් ලැබුන පුහුණුවනම් ගොඩක් වටිනව.
ජීවිතේ හිමීට ගලාගෙන ගියා. හැමදාමත් සුපුරුදු දුරකථන ඇමතුමත් එක්ක ඇය මං ලගින්ම උන්න. නිවාඩුවක් හම්බඋන ගමන් ඇගේ නිවසට යන්නෙ ඈත් සමග ටිකක් දොඩමළු වෙන්න. සුපුරුදු ලෙන්ගතු හිනාවත් එක්ක හැමදාමත් ආදරෙන් පිළිඅරගන්න මගබලන් ඉන්න ඒ ආදරණීය හිත ලග හැමදාටම නතර වෙන්න මං ආසකරා. හැමදාමත් රහසක්ව තියාගන්න බැරිඋන ආදරේ හැම දෙනාම දැන ගද්දි ලොකු ප්‍රශ්නයක් වෙයි කියල හිතුනත් ගෙවල් වලින්වත් ප්‍රශ්නයක් නොවීම ලොකු සතුටක් උනා. හැමදෙයක්ම හොදින් සිද්ද වෙද්දි පුංචි පුංචි හිත් රිදවීමුත් සිද්ද නොවුනාම නෙමේ.
මේ අතර තොරතුරු තාක්ෂණ පාඨමාලාවේ ප්‍රතිඵල නිකුත් උනේ මං ඒ කණ්ඩායමේ ඉහලටම ඔසවා තබමිනුයි. මහන්සියට කැපවීමට අවශ්‍ය ප්‍රතිඵල මට ලැබිල තිබුනා. තොරතුරු තාක්ෂණ උපදේශක වරයෙක් විදිහට සංස්කෘතික මධ්‍යස්ථානයට සම්බන්ද වෙන්න අවාස්ථාවකුත් ලැබුනෙ ඔය අතරෙයි. ඊට අමතරව තැන් කිහිපයකම ගණිත විශයෙන් කණඩායම් පන්ති කිහිපයක්ම ආරම්භ කරගන්න අවකාශය ලැබුන. ගුරුවරයෙක් විදිහට වැඩකරන එක මගෙ ජීවිතේ ලොකු සතුටක් උනා.

සුපුරුදු ආදරණීය ඇමතුම ලැබෙද්දි මං හිටියෙ පංතියකට අවශ්‍ය නිබන්දනයක් සකස් කරමින්.
"හෙලෝ"
"හෙලෝ, කොහොමද ඉතින්"
"හොදයි, හොදයි. මොනාද කරන්නෙ අයියෙ"
"මං මේ ටියුට් එකක් හදනවා හෙට ක්ලාස් එකට"
"එහෙනම් මං පස්සෙ ගන්නම්, මට පොඩිදෙයක් කියන්න තියෙනව"
"මේක පස්සෙ හදා ගන්න පුළුවන් ඔය කියන්නකො"
"නැන්ද මට ජොබ් එකක් බලල සණසෙ මං යන්නද ඒකට"
උසස් පෙළ අවසන් කරල ගෙදරට වෙලා හිටිය ඇය රුකියාවකට යන්න මගෙන් අහපු පලවෙනි පාර මේක නෙමේ. ඒත් ඒකට අවසර දෙන්න මගේ කැමැත්තක් තිබුනෙ නෑ. දගාකාර ජීවිතේකට පුරුදු වෙලා හිටිය ඇයට සමාජෙත් එක්ක ගැටෙන්න දෙන්න මගෙ කැමැත්තක් තිබුනෙ නෑ. ඒ මගේ ආත්මාර්තකාමය වෙන්නත් පුළුවන්.
"මොකද සද්ද නැත්තෙ, සුපුරුදු උත්තරේ එපා කියලද කියන්න යන්නෙ. අනේ අයියෙ අම්මටත් හැමදාම කරදර කරන්න බැහැනෙ. අනික දුර නෙමේ මෙතන තියෙන බෑන්ක් එකේනෙ"
"හරි කමක්නෑ යන්න හැබැයි කරන හැම වැඩක්ම පරිස්සමින්"
"හරි, හරි මං කරන හැමදේම ඔයට කියල ඉන්නම්කො හරිනෙ එතකොට"
හැමදාමත් නීති දාල හිරකරන් ඉන්න බැරිකමට අවසර දුන්නට මගෙ හිතත් ටිකක් හෙල්ලිලා තිබුන. මාසයක් දෙකක් ගෙවිලා ගියේ කිසිම ප්‍රශ්නයක් නැතිව. නිවාඩු දිනයන්වල ඇගේ නිවසේදි මුනගැහෙන අපි ගොඩාක් මාර්තෘකා එක්ක කාතා කරා. නිතරම ඈ ගැන සොයා බලන එක ගැන ඇගේ මවත් ගොඩක් සතුටින් හිටිය. සති ගණනකින් දැක ගන්න බැරි උන හින්ද දවසක් මං ඇගේ නිවසට ගියා. වෙලාව සවස හයට ආසන්න වෙලා තිබුනත් ඒ වෙනතුරුත් ඇය නිවසට පැමිණ සිටියේ නැහැ.
"තේ එකක් බීල ඉමු පුතේ"
"නංගි හැමදාම මේ වගේ පරක්කු වෙනවද අම්මෙ"
"දැන් සතියක දෙකක ඉදල තමා පරක්කු වෙන්නෙ. මං ලගදි බැන්නත් එක්ක. පුතත් ටිකක් කියල බලන්න මං කියන දේවල් වලට වඩා පුතා දෙයක් කිව්වොත් දූ අහනව"
හැමදෙයක් ගැනම කියන ඇය මේ ප්‍රමාදය ගැන මට කිව්වෙ නැත්තෙ ඇයි කියල මට හිතුන.
"මදිවට ඔන්න කොහෙද යන්නත් දාගෙන. පුතාට කිව්වද?"
"නෑ අම්මෙ තාම කිව්වෙ නැහැ"
තව මොන මොනව මගෙන් හන්ගනවද මන්ද. මගෙ හිතේ පුංචි තරහවකුත් ඇති උනා. හය හමාරට විතර ඈ නිවසට ගොඩ උනේ සුපුරුදු සිනහවෙන්.
"අයියෙ ගොඩක් වෙලාද ඇවිත්. තේ එකක් බිව්වද"
"ටිකක් වෙලා, මොකද මේච්චර පරක්කු"
"බස් වල එන්නත් එපැයි. අනික කවුරුවත් එනවයෑ මාව එක්කන් යන්න"
"ඉස්සර මෙච්චර පරක්කු උනේ නැහැනෙ. අනික දැන් කොහෙද යන්නත් දාගෙන නේද? මට කියන්න එපා"
"මොන යකෙක් වැහිලද මේ මගෙ ඇගට කඩන් පනින්නෙ. මං යන්න යන්නෙ ට්‍රෙනින් එකකට. ඒකට නොගිහින් බෑ. ඔයා එපා කිව්වත් මට ඒකට යන්නම වෙනව"
"කොහෙද දැන් ඕක තියෙන්නෙ"
"බන්ඩාරවෙළ"
"මං ඔයාට ජොබ් එකට යන්න දුන්නෙ ලග නිසා දැන් ඔයා ඔය දේවල් දාගන්නෙ මගෙන් අහලද"
"ඔයාගෙන් අහන්න ඒක මං දාගත්ත එකක් නෙමේනෙ. හෙඩ් ඔෆිස් එකෙන් දාපු එකක් අනික මෙහෙන් තෝරගෙන තියෙන්නෙ මාව. නැන්ද කිව්ව කොහොම හරි යන්න කියල ඒක ඉස්සරහට හොදයි කියල"
"එතකොට දැන් ඔයා වැඩ කරන්නෙ නැන්දට ඕන විදිහටද?"
"මං වැඩ කරන්නෙ කාටවත් ඕන විදිහට නෙමේ මට ඕන විදිහට. ඔයත් පාඩුවෙ ඉන්න. මොන කරදරයක්ද මේක ගෙදරට ආව විතරයි. මට මහන්සීයි මං වොෂ් එකක් දාගන්න යනවා. ඔයා ඉන්නවනම් ඉන්න නැත්නම් යන්න"

ප.ලි - තවත් කොටසකට ඉඩ තියලා මෙතනින් කථාව නැවැත්තුවෙ ආදරණීය සිතැත්තියගේ ඉල්ලීම මත. හැමදේකටම පස්සෙ මගේ ජීවිතෙත් එක්ක බැදිල ඉන්න ඇය අකුරක් නෑර මේ කතාව කියවනවා. මේ කොටස ලියන්න කලින් මං ඇයට කතාකරල මං අරයව අද කොටසින් අයින්ම කරනව කියද්දි තව කොටස් දෙකක්වත් ලියන්න එතකොට හොදයි කියල කිව්වෙත් ඇයමයි.
"මට හරි ඉරිසියයි"
මන් ලගට වෙලා ඉන්න වෙලාවක මගේ ආදරණීය සිතැත්තිය එහෙම කියද්දි මං ඇහුව ඒ ඇයි කියලා. "මට කියන සමහර වචන ඔයා ඒ විදිහටම අරයට කියනව. වෙලාවකට දුකත් එක්ක. ඒ උනාට කමක්නෑ දිගටම ලියන්න හොදද" කියල ඇය උත්තර දුන්න.
මේ කොටස ටිකක් පරක්කු උන හින්ද සුදර්ශන මලයත් කමෙන්ටුවක් කොටල තිබුන. ඔන්න මලය තුන්වෙනි කොටස ලිව්ව හොදේ.

Aiyo aiye.. oya eyata adare kalata, eya oyata aththatama adare karala nane...
ReplyDeleteEth eka athakin ehema neethi dala thiyaganna ekath honda nane aiye..
ආදරේ කරද්දි දෙයක් කරන්න එපා කියන එක නීති දැමීමක් වෙන්නෙ දෙන්නට දෙන්න තේරුම් අරගෙන නැත්නම් තමයි මල්ලි. තේරුම් අරන් ඉන්නවනම් ඔය ප්‍රශ්න වෙන්නෙ නෑ.
Delete