ලොකු ශානගේ දුරකථනය හැඩවූනේ ය. කතාකලේ ලොකු ශානාගේ ආදරණීය සිතැත්තියයි. (ආදරයේ සතුට, දුක ලොකු ශානා හොදට විද ඇත්තේ ය. ඒ ආදර අන්දරය පසුව පෝස්ටුවකින් කොටන්නට ද සිතා සිටින්නේ ය.) දුරකථනය සන්වාදයෙන් පසු ලොකු ශානා කල්පනා ලොවක ය. සිතුවිලි වේගයෙන් අතීතයට දිව ගියේ ය. පෝස්ටුවක් කොටන්නට සිතුනේ ඒ අස්සේ ය.
"ආදරය" ලොකු ශානා වැඩියෙන් ප්‍රියකරන මාර්තුකාවකි. මේ මාර්තුකාව ඔස්සේ දේශන ගනනාවක් කර ඇත්තේ ය. මාර්තුකාව ඇසූ සැනින් කොල්ලන්ගේ, කෙල්ලන්ගේ මුව මත ඇදී යන්නේ අපූරැ සිනහවකි. එම සිනහව අර්ථ දක්වන්නට කිසිවෙකුටත් නොහැකි වනු නොඅනු මානය. සමහරෙකුගේ සිනහව ආදරණීයය, තවකෙකුගේ දුක්බරය. අද කතාකරන්නේ ආදරය ගැන නොවේ ය. ආදරයට ඉනිමන් බදින දුරකථනය ගැනය. 2011 වර්ශයේ ගණන් බලා ඇති ආකාරයට මිලියන 18ක් පමණ ජන්ගම දුරකථන භාවිතා කර ඇත. එය 2012 දෙසැම්බර් මස අවසාන වන විට මිලියන 20.3ක් පමණ වන්නේ ය.
ආදරය ගැන කතා කරන අද දිනය වන විට ඒ හා සබැදිවම දුරකථනය ගැන කතාකරන්නටම වන්නේ ය. ආදරය කරන්නන් අතර අද වන විට පොත් තුල හුවමාරැ වන ලිපි භාවිතයක් නැත. ලොකු ශාන සා/පෙළ කරන කාලයේ දුරකථන එතරම්ම ජනප්‍රියත්වයක් ඉසුලුවේ නැත. එදවස හුවමාරැ වූ ලිපිගැන මතකයන් ලොකු ශානාට ඇත.(ලොකු ශානා ලියූ ලිපිනම් නොවේ) එහෙත් අද තත්වය හාත් පසින්ම වෙනස් වන්නේ ය. අද ජංගම දුරකථනයක් අතනොමැති අවුරැදු 15 පසුකල කොල්ලක, කෙල්ලක සොයා ගැනීම අසීරැ වන්නේ ය. සමහර දෙමාපියන් තම දුවට, පුතාට ජංගම දුරකථනයක් රැගෙන දෙන්නේ ආරක්ෂාව සදහා ය. නිතරම ඔවුන් සිටින්නේ කොහේදැයි සොයා බැලීමට ය. එහෙත් බොහෝ දුරකථන වල වීඩියො ඇමතුම් ගැනීමට නොහැකි වන්නේ, එම පහසුකම් ඇතත් සමහර දෙමාපියන් ඒය පාවිච්චිකරන්නටය නොදන්නේ දරැවන්ගේ වාසනාවට ද දෙමාපියන්ගේ අභාග්යටදැයි ද කියා ලොකු ශානාට නොහැගෙන්නේ ය.
දෙමාපියන්ට කෙසේ වෙතත් දරැවන්ටනම් අද දුරකථනය වාසනාව උදා කර ඇත්තේ ය. ඒ තම තමන්ගේ ආදරණීයයන් සමග සමීප හාදකම් පවත්වන්නට ය. ලොකු ශානා ජංගම දුරකථනයක් ගත්තේ උ/පෙළ අවසානයේ කරන ලද පළමු රැකියාවෙන් ය. එතෙක් ලොකු ශානාට දුරකථනයක අවශ්‍යතාවයක් නොතිබුනි. තතු කෙසේ වෙතත් ලොකු ශානාගේ ප්‍රථම ආදරයද දුරකථන ආදරයකි.(ලගදීම ඒ ගැන කියන්නම්) අදද ලොකු ශානාට අදරණීය සිතැත්තිය සමග දොඩමළු වන්නට ලගින්ම සිටින මිතුරා ජංගම දුරකථනයයි.(අපි දෙන්න කිලොමීටර් සිය ගානක් ඈතින් ඉන්නෙ) ලොකු ශානාට එය එසේ වද්දී ලගපාත සිටින අයද දොඩමළු වන්නට දුරකථනය යොදා ගනී.
ලොකු ශානාගේ මතකය අතීතයට දුව යන්නේ ය. ලොකු ශානාගේ මිතුරෙකු ඔහුගේ ආදරවන්තිය සමග දුරකථනයෙන් කල කථාබහක් සිහියට නැගුනි. කතාකලේ මොනවැදැයි නොදන්නේ ය. නමුත් අවස්ථාව හොදින් සිහියේ ඇත. ස්ථානය ලංගම බස් නැවතුම් පලය, වේලාවනම් මතකයේ නොමැත. මිතුරා සහ ඔහුගේ ආදරවන්තිය සිටියේ බස් නැවතුම් පලේ දෙපසකය. දුර මීටර 20ක් නොමැත. මිතුරාගේ දුරකථනය හැඩවුනි. ඇමතුම මිතුරාගේ ආදරවන්තියගෙනි. දෙදෙනා දෙපස සිට මුහුනෙන් මුහුන බලාගෙන ආදරබර කතාවකය. ඇමතුම පැයකටද වඩා දිගු වූ බව මතකය. ලග සිටින්නවුන් මෙසේනම් දුර සිටින්නවුන් ගැන කවර කතාවක්ද?
පෝස්ටුව කෙටුවේ ආදරයත්, දුරකථනයත් සම්බන්ද කිරීමට ය. කෙටුනේ වෙනත් දේවල්දෝයි සිතුනත් වෙනස් කරන්නට නොයන්නේ ය. පෝස්ටුව අවසන් කිරීමට ලොකු ශානා ප්‍රශ්නයක් අසන්නේ ය. ඒ ආදරය කරනා සිත් වලිනි.
"දුරකථන සමාගම් එක්වරම සියලුම දුරකථන ජාල නවතා දැමුවහොත් කුමක් වනු ඇතිද?"
_________________________________________________________________________________
ප.ලි. - ලොකු ශානා පිළිතුර සිතන්නේවත් නැත. මන්ද එය ලොකු ශානාගේද ඉහමොල රත්කරනු ඇත.

Loku Shanage experience eka mamada athdaka atha...
ReplyDeleteLoku shanage prashnaya e widiyata unoth, nawatha thapal mamalata wada thiyei..
Lamai aye poth kiyawannath patan ganii ne...
:පී, පොත් කියවන්නැත්තෙ කවුද ඇනෝ... අද බලන බලන කෙනා පොත මූනෙ තියන්නෙ ඉන්නෙ. ඒ ගැනත් පොස්ටුවක් කෙටුවනම් හරි වගේ කියල හිතෙනවා.
Deleteekatath ekak kotannako balanna ehenan loku...
ReplyDelete